Forex Trading Basic - 2

Basic Trading 2 (Forex ගණුදෙනු සඳහා පිවිසීම 2)


හොඳයි ඔයාල මම කියපු විදියට Trading 10 ක් 15 ක් හරි එහෙම නැත්තනම් ඊට වැඩියෙන් හරි දාලා පුරුදු වෙන්න ඇති කියලා හිතනවා. දැන් කොහොමද Trading එකක් Open කර ගන්නේ කියලා දන්නවනේ. ඔය තව දුරටත් මේ පුහුණුවීම කලේ නැත්නම් දැන්ම මේ පාඩම කියවන එක නවත්තල Trading දාලා හොඳට පුහුණුවෙලා එන්න. එහෙම නැති උනොත් ඔයාට ඉස්සරහට යද්දී කිසි දෙයක් තේරෙන්නේ නැති වෙයි. මේක තමයි Forex Trading කරන්න ඇවිල්ලා ඔයා MT4 එකෙන් කරන මුලික ම හා ප්‍රධාන ම දේ. මං කලිනුත් කියලා ඇති අපි Forex ගිණුමක් විවෘත කරගෙන, මෘදුකාංග Download කර ගෙන කරන්නේ ගණුදෙනු කරන එක කියලා. එකේ ප්‍රධානම දේ තමයි මේ Trading කියලා ඔයා කලින් ලිපියෙන් ඉගෙන ගත්තේ. මේක ඉතින් ඉගෙන ගත්තම හරිම ලේසි. තව ටික දවසක් යනකොට ඔයා පට පට ගාලා Trading Open කරන්න හොද පුහුණුවක් ලබා ගනිවි.


හොඳයි දැන් ඔයාල Trading Open කරන්න ඕනෑ මුලික දැනුම ලබා ගත්තනේ. දැන් ඉතින් අපි තව ටිකක් ඉස්සරහට යමු. මේ Trading Open කිරීම අපි පුහුණුවීම සඳහා හිතුමතේට කලාට, සත්‍ය වෙළඳ පොලේ එහෙම බෑ. ඊට හේතුව තමයි අපි සමහර trading Open කලොත් මේක වැඩක් නෑ කියලා අපිට අයින් කරන්න බෑ. එහෙම කලොත් නැති වෙන්නේ අපේ සල්ලි තමයි. ඒ නිසා Trading Open කිරීම හා සම්බන්ධ තව බොහෝ වැදගත් අවස්ථා කිහිපයක්ම තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒවා මම එකිනෙක පිලිවෙලට පහල දානවා. ඉතාම අවධානයෙන් ඒවා අධ්‍යනය කරන්න. මොකද මේවා වැරදුනොත් සියල්ල ඉවරයි. ඔය සමහර අය මේවා භාගෙට ඉගෙනගෙන Forex කරන්න ගිහින් අතේ තියෙන සල්ලි ටිකත් නැති කරගෙන රට වටේ කියා කියා යනවා Forex කරන්න නම් එපා. Forex කරොත් අතේ තියෙන සල්ලි ටිකත් නැතිවෙනවා කියලා. එහෙම වෙනවා තමයි හරියට Forex ඉගෙන ගන්නේ නැතිව Trading කරන්න ගියොත්. ඒක Forex වලට විතරක් නෙමේ අපේ සාමාන්‍ය ජීවිතයේ ඕනෑම දෙයක් එහෙම තමයි. ඔයාම හිතලා බලන්නකෝ හරියට ඩ්‍රයිවින් ඉගෙන ගන්නේ නැතිව වාහනයක් එලෙව්වොත් මොකද වෙන්නේ කියලා. මම එතනින් එහාට ඒ ගැන කතා කරන්නේ නෑ. හොඳයි එහෙනම් පහත දාලා තියෙන දේවල් එකිනෙක හොඳට අධ්‍යනය කරන්න.


Instant Order (Instant Execution)


ඔයා දැන් ඔය කලින් දාලා තිබුන විදියට විවෘත කර ගත්තේ Instant එහේමත් නැතිනමි ක්ෂණික Order කියන ඒවා. ඒ කියන්නේ අපි යමි කිසි මිල ගණනකදි එකපාරටම Open කරන ගණුදෙනු. මේවා විවෘත කරාට පස්සේ ආයේ වැඩක් නැ කියලා අයින් කරලා දාන්න බෑ. මොකද ක්ෂණිකවම වැටෙන ගනුදෙනු නිසා මුදලුත් එකපාරටම වෙළද පොළට වැටෙන හින්දා. මම කලින් කිව්වා වගේ වැඩක් නැ කියලා අයින් කරලා දැමිමොත් ඉතින් අපේ සල්ලිම තමයි නැති වෙන්නේ. ඒක නිසා මේ වගේ Trade හැමවෙළෙම විවෘත Open කරන්නේ නැ. ඔයා දැක්කනේ මුල්‍ය වෙළදපොලේ මිල ගනන් ක්ෂණිකව වෙනස් වෙනවා කියලා. ඉතින් යමි කිසි අවස්ථාවක ඔයාට හිතුනොත් දැන් ක්ෂණිකවම Buy or Sell Order එකක් දාලා Profit ගන්න පුලුවන් කියලා අන්න් ඒ වගේ අවස්ථාවලදි ඔයාට මෙම Instant Order එහෙම නැතිනම් Instant Execution පාවිචිචි කරන්න පුලුවන්. දැන් ඔයාලා බලනවා ඇති මෙහෙම එකක් මට හමිබුනේ නැනේ කියලා. ඇයි නැත්තේ හමිබ වුනා. මම කලින් ලිපියේ Trading Window එක ගැන පැහැදිලි කරද්දි මම කිවිවා නේද ඒ වින්ඩෝ එකේ තියෙන Account Type කියලා එකක් ගැන. එකේ අංක 5 බලන්නකො. අන්න එතන මුලින්ම තියෙන්නේ මේ Instant Order නැතිනම් Instant Execution කියන එක තමයි.


Pending Order


ඔය Instant Execution කියන තැන දකුණු පැත්තේ තියෙනව පහලට හැරුණු ඊතලයක්. අන්න එක ක්ලික් කලාම තමයි මේ Pending Order කියන එක පෙනෙන්නේ. දැන් ඔයා බලයි ඇයි මේ විදියට දෙකක් තියෙන්නේ කියලා. මම කලින් කිවිවා Instant Execution තියෙන්නේ ක්ෂණික අවස්ථාවල Open කරන්න. Pending Order ඊට වඩා වෙනස්. මේ Order ක්‍රමයේදි අපිට අවස්ථාව ලැබෙනවා කලින් buy Or Sell කළ යුතු මිලක් තීරණය කරන්න. ඒ කියන්නේ මට ඕනෑ මෙන්න මේ මිලට ආවට පස්සේ buy Trade එකක් open වෙන්න. මෙන්න මේ මිලට ආවට පස්සේ Sell Trade එකක් Open වෙන්න කියලා කලින් තිරණය කරන්න. එහෙම තිරණය කරලා අපි ගණුදෙනුවක් විවෘත කරලා තිබිබම ඒ අපි කලින් තිරණය කරපු මිලට වෙළද පොළ මිල ආපු ගමන් ස්වංක්‍රිවයම අපි Place කරලා තිබිබ Pending Order එක Open වෙනවා. ඔබ යම් කිසි අගයක් දක්වා Market එක ඉහළ යයි හෝ පහළ යයි කියලා හිතනවා නමුත් ඔබට කිසියම් හේතුවක් නිසාවෙන් ඔබට එම මොහොත එනකම් Computer එක ලග ‍රැදි සිටින්න බෑ. මේ වෙලාවේදී අපිට

භාවිත කරන්න පුළුවන් මේ Pending Order කියන එක.


උදාහරණයක් විදියට දැන් වෙළද පොළේ EUR/USD එකක මිල තියෙන්නේ 1.1412 ට කියලා හිතන්න. නමුත් ඔයාට ඕනෑ මේ මිලට Buy Order එකක් Open කරන්න නෙමේ. ඔයාට ඕනෑ වෙළදපොළ තව ටිකක් පහළට ආපුවම ඒ කියන්න්නේ 1.1395 ට වගේ ආපුවම buy කරන්න. එතකොට ඔයාට මෙම ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. මම පහළ දාලා තියෙන ඡායාරෑපය බලන්නකෝ. ඉස්සෙල්ලාම එකේ Account Type එක Pending Order (අංක 1) කියලා Change කරන්න. Type කියන එකේදි (අංක 2) ඔයා තෝර ගන්න ඕනෑ දාන Trade එක buy ද Sell කියලා. ඒකට ඔයාට buy Limit / Sell Limit කියන එකෙන් අදාල එක තෝරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයාට දාන්න ඕනෑ Buy Trade එකක් නමි Buy Limit කියන එකයි ඔයාට දාන්න ඕනෑ Sell Trade එකක් නම් Sell Limit කියන එකයි තෝර ගන්න පුලුවන්. ඔය දෙක මාරු කරලා දාලා හරියන්නේ නැ හරිද ? ඒක හොඳින් බලන්න. ඉතින් ඔයාට දාන්න ඕනෑ මොන Trade එකද කියලා තිරණය කරලා ඒ අවශ්‍ය මිල ලබා දෙන්න ඕනෑ (අංක 3). ඊට පස්සේ ඒ තිරණය කරපු අගයට අපිට පුලුවන් Order එක දාන්න. ඒ කියන්නේ Place කරන්න. ඒකට Place Order කියන එක ක්ලික් කලාම හරි (අංක 4). දැන් ඔයාට බලන්න පුලුවන් ආපහු අර Chart එක යටින් අපි මේ දාපු Pending Order එක වැටිලා තියෙන හැටි. (කලින් Instant Execution එකේ විස්තර වැටිලා තිබ්බ තැනම) හැබැයි ඒක තාම Active Trade එකක් නෙමේ. එහේම වෙන්නේ අපි තිරණය කරපු මිලට තාම වෙළද පොල ඇවිල්ලා නැති නිසයි. ඉතින් අපි තිරණය කරපු මිලට වෙළද පොල ආපුවම තමයි මේ pending Order එක Active වෙලා අර අපි කලින් දාපු Instant Execution එහෙම නැතිනම් Instant Order එකක් විදියට වැඩ කරන්නේ. .


අපි ඔයාලට මුදල් ඛාණ්ඩ (Currency Pairs) 10 ක පමණ Forex Signals දවස පුරා නොමිලේ සපයනවා. ඉතින් ඔයාට මුළු දවස පුරාම Computer එක ලඟට වෙලා ඉන්න බෑනේ Trade දාන්න. නමුත් ඒ වෙනුවට දවසට කිහිප වතාවක් පමණක් log වෙලා අපි දෙන Forex Signals වලට මේ ක්‍රමය භාවිතතා කරලා Orders දාන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමය හොඳට පුරුදු වෙන්න.


 


හොදයි දැන් ඔයාට Pending Order / Instant Order අතර වෙනස හා ඒවා Open කර ගන්න විදිය පිළිබදව අවබෝධයක් ආවනේ. ඔබේ Demo ගිණුමි වලින් මේක හොඳට පුහුණු වෙන්න. මොකද මේක තමයි ගොඩක් වැදගත් දේ. ඔයාලා Forex Trading පිළිබදව මොනවා ඉගෙන ගත්තත් අවසානයේදි සිදු කරන්නේ මේ Trading කරන එ නිසා මේ සමිබන්ධව හොඳ අවබෝධයක් ලබා තිබිම අතිශයින්ම වැදගත්. හැබැයි මෙතනිදි තවත් දෙයක් අපි අවධානයට ගන්න ඕනෑ. Pending Order දානකොට අපි Order එක හරියට දැම්මේ නැත්නම් ඒක Invalid කියලා වැටෙන්න පුලුවන් . අන්න ඒ නිසා පහත දාලා තියෙන මේ Pending Order එකටම අදාල අනිකුත් කාරණාත් අවධානයට ගන්න ඕනෑ. ඒවත් හොඳට අධ්‍යනය කරලා හොදින් අවබෝධයට අරන් තියා ගන්න.


Buy Limit / Sell Limit / Buy Stop / Sell Stop Order අතර වෙනස


මේ Pending Order භාවිතා කරන්න යන අවස්ථාවන් වලදි අපිට හමිබෙනවා මේ Buy Limit / Sell Limit / Buy Stop / Sell Stop කියන කථාවන් කිහිපයක්. බලන්නකෝ පහත තියෙන රුපය. ඔයාලට එකේ පේනවා අපි Type කියන එක ඉදිරියෙන් ඇති Pending Order කියන එක select කලාම Buy Limit, Sell Limit, Buy Stop, Sell Stop කියන orders වර්ග 4 ක් එනවා අපිට තෝරගන්න. එකේ Buy Limit කියන එක තමයි නිතරම select වෙලා එන්නේ. මම ඉහලින් කිවිවා වගේ මේක හරියට තෙරුමි නොගත්තොත් අපි දාන සමහර Pending Order වලට අදාල ගනුදෙනු Invalid කියලා වැටෙන්න පුලුවන්.


 


1. BUY LIMIT - සාමාණයෙන් BUY LIMIT order අපි භාවිතා කරන්නේ යමි කිසි අවස්ථාවක දැනට තියෙන වෙළද පොළ මිලට වඩා පහළින් Pending Oder එක දාන්න ඕනෑ වුනාමයි . ඒ කියනනේ වෙළද පොළ මිලට වඩා පහළ අගයක BUY ORDER දාන්න ඕනෑ වුනාම තමයි BUY LIMIT කියන එක අපි භාවිතා කරන්නේ

උදාහරණයක් විදියට අපි ගමු GBP/USD. අපි හිතමු GBP/USD දැන් වෙළද පොළ මිල තියෙන්නේ 1.3000 කියලා. දැන් අපිට ඕනෑ මේ මිලට වඩා පහළ අගයකට BUY ORDER දාන්න. මෙන්න මේ අවස්ථාවෙදි අපි භාවිතා කරන්නේ මේ BUY LIMIT කියන එක. අපි BUY LIMITඑක්ක දාන්න ඕනෑ නම් Pending Order එකේ at Price එක විදියට අපි දාන්න ඕනෑ 1.3000 කියන අගයට වඩා පහළින් තියෙන අගයකට. (Order Type - BUY LIMIT----> current Market price - 1.3000 නම් අපේ Buy pending order එකට අදාල ගනුදෙනුව වෙන්නේ At price 1.2990, Take profit - 1.3050, Stop Loss - 1.2900 ආදි වශයෙන්. ) පැහැදිලිද? හැබැයි BUY LIMIT කියන එක තෝරලා තියෙද්දි දැන් තියෙන මිලට වඩා ඉහල අගයකට ගනුදෙනුවක් දාන්න ගියොත් ඒක Invalid.


2. BUY STOP - මේ කියන්නේ Buy Limit කියන එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපිට දැන් ඕනැ නම් වෙළද පොලේ මිලට වඩා ඉහළ අගයකදි Buy Order එක්ක දාන්න, අන්න ඒ අවස්තාවෙදි අපි භාවිතා කරන්න ඕනෑ මේ Buy Stop කියන එක. තවත් පැහැදිලි කරනවනං දැන් GBP/USD වෙළද පොලේ අගය 1.3000 හා අපිට ඕනෑ දැන් මේ මිලට වඩා ඉහල අගයකට ගියාම Buy Order එකක් දාන්න අන්න ඒ වෙලාවට අපි භාවිතා කරන්නේ මෙන්න මේ Buy Stop කියන එක.

(Order Type - BUY STOP----> current Market price - 1.3000 නම් අපේ Buy pending order එකට අදාල ගනුදෙනුව වෙන්නේ At price 1.3010. Take profit - 1.3060, Stop Loss - 1.2900 ආදි වශයෙන්. ) පැහැදිලිද? හැබැයි Buy Stop කියන එක තෝරලා තියෙද්දි දැන් තියෙන මිලට වඩා පහල අගයකට ගනුදෙනුවක් දාන්න ගියොත් ඒක Invalid කියලා ඔයාලට ඒ ගනුදෙනුව දාන්න දෙන්නේ නෑ.


3. SELL LIMIT - මේ කියන්නේ යමි කිසි අවස්ථාවක අපිට අවශ්‍ය වෙනවා වෙළද පොලේ දැනට තියෙන මිලට වඩා ඉහළ අවස්ථාවකට ආවම Sell Order එක්ක දාන්න. අන්න ඒ වගේ අවස්ථාවන් වලදි Sell Order දාන්න තමයි අපි මේ Sell Limit කියන එක භාවිතා කරන්නේ. තවත් පැහැදිලි කරනවනං දැන් GBP/USD වෙළද පොලේ අගය 1.3000 හා අපිට ඕනෑ මේ මිලට වඩා ඉහල අගයකට ගියාම Sell Order දාන්න. මෙහිදී අපි භාවිතා කරන්න ඕනෑ Sell Limit කියන එක.

(Order Type - SELL LIMIT -----> current Market price - 1.3000 නමි අපේ Sell pending order එකට අදාල ගනුදෙනුව වෙන්නේ At price 1.3010. Take profit - 1.2950, Stop Loss - 1.3100 ආදි වශයෙන්. ) පැහැදිලිද? හැබැයි SELL LIMIT කියන එක තොරලා තියෙද්දි දැන් තියෙන මිලට වඩා පහල අගයකට Sell Pending Order ගනුදෙනුවක් දාන්න ගියොත් ඒක Invalid කියලා ඔයාලට ඒ ගනුදෙනුව දාන්න දෙන්නේ නෑ.


4. SELL STOP - මේ කියන්නේ SELL LIMIT කතාවේ අනිත් පැත්ත. ඒ කියන්නේ යමි කිසි අවස්ථාවක අපිට අවශ්‍ය වෙනවා වෙළද පොලේ දැන් තියෙන මිලට වඩා පහළ අවස්ථාවකදි Sell Pending Order එක්ක දාන්න. අන්න ඒ අවස්ථාවෙදි තමයි අපි මේ SELL STOP කියන එක භාවිතා කරන්නේ. උදාහරණයක් විදියට GBP/USD වෙළද පොලේ අගය 1.3000 හා අපිට ඕනෑ දැන් මේ මිලට වඩා පහල අගයකට ගියාම Sell Order එකක් දාන්න. අන්න ඒ වෙලාවට අපි භාවිතා කරන්න ඕනෑ Sell stop කියන එක.

(Order Type - SELL STOP-----> current Market price - 1.3000 නම් අපේ Sell pending order එකට අදාල ගනුදෙනුව වෙන්නේ At price 1.2990. Take profit - 1.2950, Stop Loss - 1.3100 ආදි වශයෙන්. ) පැහැදිලිද? හැබැයි,  SELL STOP කියන එක තෝරලා තියෙද්දි දැන් තියෙන මිලට වඩා ඉහල අගයකට Sell Pending Order ගනුදෙනුවක් දාන්න ගියොත් ඒක Invalid කියලා ඔයාලට ඒ ගනුදෙනුව දාන්න දෙන්නේ නෑ.


මේක එක පාරක් කියෙව්වට නම් තේරෙන්නේ නැතිවෙයි බොහෝ වෙලාවට. අඩුම තරමින් තුන් හතර පාරක් වත් හොඳ අවධානයෙන් කියවන්න. එතකොට ඔයාලට පුළුවන් වෙයි මේ දේ මතක තියාගන්න. ඒ එක්කම ඔයාලගේ Demo Account එකේ මේවා දාලා හොඳට පුරුදු වෙන්න. මොකද Real Account එකේ මේවා දදා පුරුදු වෙන්න බැරි නිසා. Demo Account දීලා තියෙන්නේ මේ දේවල් පුරුදු වෙන්න තමයි.


Take Profit සැකසීම

දැන් ඔයාට අවශ්‍යනම් මේ Pending Order එකටම Take Profit කියන එකත් සකසන්න පුලුවන්. "Take Profit" කියන්නේ ලාභය ලබා ගැනිමනේ. ඒ කියන්නේ අපි කලින්ම තීරණය කරනවා මෙන්න මේ මිලට වෙළඳ පොලේ මිල අවොත් අපිට ලාභයක් ලබා ගන්න පුළුවන් කියලා. මෙහෙම හිතලා ඒ මිල  Take Profit කියන එකට දානවා.

උදාහරණයක් විදියට ඔයාට Pending Buy Order එකක් Open කරන්න අවශ්‍යි වෙළදපොල 1.6850 ආවට පස්සේ. දැන් වෙළද පොළ තියෙන්නේ 1.6900 නමි ඔයා දන්නවා මේ ගණුදෙනුව විවෘත වෙන්නේ 1.6850 ට අවාට පස්සේ විතරයි කියලා. ඉතින් අපිට දැන් අවශ්‍ය Buy Order එකක් නිසා ඔයාට 1.6850 ට ගණුදෙනුව විවෘත වුන ගමන් ලාභයත් ලැබිය යුතු අගයත් තිරණය කරලාම තියන්න පුලුවන්. ඒ කියන්නේ buy Order වලදි ලාභ ලැබෙන්නේ ගත් මිලට වඩා වෙළද පොළ ඉහළ ගියොත් කියලා දැන් ඔයා දන්නවන්නේ. එහෙනම් ගත් මිල 1.6850 නම් ලාභය ලැබෙන්න මේ මිලට වඩා වෙළද පොළ ඉහළ යන්න ඕනෑ. ඉතින් ඒ ඉහළ අගයත් තමයි මේ Take profit කියලා අපි හදන්නේ. ඉතින් ඔයාට Take profit අගය විදියට 1.6850 ට වැඩි අගයක් දාන්න පුලුවන්. 1.6870 ක් විතර කියලා හිතමු. ඒ කියන්නේ 20 ක විතර පරතරයක් ඇතිව. ඔය 20 ට කියන්නේ Forex වලදි pips කියලා. මං ඒ ගැන ඊළග ලිපියෙන් කියලා දෙන්නමි. දැන් පැහැදිලි නේද ? එතකොට Buy Trade වලිදි Take Profit එක ගත් මිලට වඩා ඉහළ අගයක් හා Sell Trade වලදි Take Profit ගත් මිලට වඩා පහළ අගයක් තමයි වෙන්නේ. තේරුණානේ. මෙකේ වාසිය, අපිට හැමවෙලේම අන්තර්ජාලයේ ඉන්න බැරිනම් මේ වගේ ගනුදෙනු සකසලා තියලා ගියාම ඒක ස්වංක්‍රියවම වැඩ කිරීමයි.


Stop Loss සැකසීම

මෙකත් හරිම ලේසි. මෙකෙන් වෙන්නේ අපි යමි කිසි ගනුදෙනුවක් විවෘත කරාට පස්සේ අනවශ්‍ය විදියට වෙළද පොල ආලාභ පැත්තට යනවනම් භාවිතා කරන්න පුලුවන් ක්‍රමයක්. වෙළද පොළ අනවශ්‍ය විදියට ආලාභ පැත්තට යනවනම් ඒක අපිට පාඩුවක් නේ. ඒ එන පාඩුව විශාල ප්‍රමාණයකට යන්නේ නැතිව සුලු අවස්ථාවකින් ඉවර කර ගන්න තමයි මේ Stop Loss කියන එක අපි භාවිතා කරන්නේ. එහෙම අපි Stop Loss අගය තිරණය කරලා තිබිබම ස්වංක්‍රීයවම මේ අනවශ්‍ය විදියට ලැබෙන පාඩු නැතිවෙලා යනවා. මේක සකසන්න පුලුවන් ඉහතින් මම දාලා තියෙන Take Profit සකසන විදියටම. ඒ කියන්නේ ඔයා විවෘත කරලා තියෙන්නේ Buy Trade එකක්නමි Stop Loss වෙන්නේ එකට වඩා පහළ අගයක්. ඔයා විවෘත කරලා තියෙන්නේ Sell Trade එකක් නමි Stop Loss අගය වෙන්නේ ඒකට වඩා ඉහළ අගයක්. හැබැයි මේ අගය දාද්දි ඔය විවෘත කරපු මිලත් එක්ක තියෙන පරතරය ටිකක වැඩි වෙන්න ඔනි. ඒ කියන්නේ Pips 40 ක 50 ක වත් වෙනසක් තියෙන්න ඕනෑ. (Pips කියද්දී භය උනාද? භය වෙන්න එපා දැනට මේ නම මතක තිය ගන්න. මම ඊළඟ පාඩමේදී මේ ගැන කියලා දෙනවා.)


බලන්නකෝ පහත දාලා තියෙන රුපය. එකේ රතු පාටින් රවුම් කරලා තියෙන්නේ Stop Loss අගය සකසන තැන සහ කොළ පාටින් රවුන් කරලා තියෙන්නේ Take Profit සකසන තැනයි. මේවා Demo Account වල හොඳට කරලා පුරුදු වෙන්න.


  


ඇයි අපි Take Profit සහ Stop Loss ගණුදෙනුවකට යොදන්නේ

අපි Trading Plan එකක් අනුව Trade කිරීමේදී සහ අපි විසින් විනයනුකුලාව Trade කරන සාර්ථක Trader කෙනෙක් විදියට ඉදරියට අනවරතව profit ලබා ගනිමින් සාර්ථක වීම සදහා Take Profit සහ Stop Loss ගණුදෙනුවකට යෙදීම ඉතා වැදගත් වෙනවා.

Stop Loss සැකසීමේ ප්‍රධානම අරමුණ තමයි අපි යොදන ගනුදෙනු වැරදි පැත්තට ගියොත් ලොකු අලාභයක් වෙන්න තියෙන ඉඩ අවම කර ගැනීමයි. ඒ වගේම ඔබ විනයානුකුල Trader කෙනෙකු ලෙස Stop Loss අගය වෙනස් කරමින් Trade කිරීමෙන් වැලකි සිටිය යුතු වෙනවා. Trade එකක Market price එක Stop Loss අගය  කරා ගමන් කරනවා පෙනුණාම Stop Loss අගය වෙනස් කිරීම සිදු කරන්න එපා. එය තනිකරම මෝඩ වැඩකි.  උදාහරණයකින් ම පැහැදිලි කරනවා නම් ඔබ Buy Order එකක් යොදනවා EUR/USD 1.3000 කියන අගයෙන්. Stop Loss අගය සකසනවා 1.2950 අගයෙන් . එනම් pip 50ක් පහතින්. ඔන්න ටික වෙලාවක් යද්දී market එක EUR/USD අගය අඩු වෙන්න ගන්නවා. ඒ කියන්නේ දැන් market එක පහලට එනවා 1.2965වගේ . දැන් Trade එක Stop Loss අගයේ වැදිලා close වෙන්න ලගයිනෙ. තව pip 15ක් market පහල ගියොත් 1.2950 ට එනවා. දැන් හිතනවා අපරාදේ සල්ලි අනේ කියල අදිනවා Stop Loss අගය පහතට ඒ කියන්නේ 1.2930ට වගේ දැන් market එක 1.2950ට අවා කියල හිතන්න ඔන්න දැන් හිතන්න ගන්නවා අනේ දැන් ඉතින් තවත් බහිනේ දැන් 1.2950 ටත් ඇවිල්ල මම trade එක තියන් හිටියනේ . දැන් නම් trade එක close වෙන එක අපරාදෙනේ කියල Stop Loss එක අදිනවා තවත් පහලට ඒ කියන්නේ 1.2900ටම ගන්නවා. අන්තිමට market එක 1.2900ට ඇවිල්ල trade එක close වෙලා යනවා Trade එක 0.01 lot size එකකින් යොදපු එකක් නම් $5 කින් shape වෙන්න තිබ්බ එක අන්තිමට $10 කින් අහවර කරගන්නවා. දැන් පේනවා නේද stop loss අගය වෙනස් කරන්න එපා කියන්නේ ඇයි කියල , ඒ බය හිතට ගන්න එතකොට අනාගතය පෙන්න ගන්නවා. හැබැයි හොදින් මතක තියා ගන්න. අපි ගණුදෙනුව දාන Price එකත් එකක් ළගින්ම යන price rate එකක් Stop Loss වලට දෙන්න එපා. මොකද එහේම වුනොත් වෙළද පොළ සුළු දුරක් අලාභ පැත්තට ගියත් ගනුදෙනුව නැති වෙලා යන හින්දා. සාමාණයෙන් පිප්ස් 30 කට හෝ 40 කට වැඩියෙන් Stop Loss දානවා නම් තමා හොඳ. එහේම වුනත් ඒක තමන් හොදට කල්පනා කරලා බලලා හරියන ගාණක් දාන්න හිතේ තියා ගන්න

ඒ වගේම තමයි සමහර අය අධික තණ්හාවෙන් Take Profit අගය සකසන්නේ නැතිව ඉන්නවා පුළුවන් තරම් ලාභ ගන්න කියලා හිතාගෙන. මතකනෙ මම කිව්වා Forex වෙළඳ පොළ කියන්නේ තප්පරෙන් තප්පරේ වෙනස් වෙන තැනක් කියලා. ඉතින් අපි Take Profit ගණුදෙනුවකට නොදා තිබුනහොත් අපි දාලා තියෙන ගණුදෙනු ලාභ පැත්තටත් ගිහින් ආපසු ආලාභ පැත්තට යන්නත් පුලුවන්. මතක තියාගන්න. Forex වෙළඳ පොළ කියන්නේ අද විතරක් හරි, මේ සතියේ විතරක් හරි එහෙම නැතිනම් මේ අවුරුද්දේ විතරක් හරි ගණුදෙනු කෙරෙන තැනක් නෙමේ. අපිට එක ගනුදෙනුවක එක මොහොතක් අත හැරුනට හෝ අඩුවෙන් ලාභ ගත්තට කමක් නෑ. මොකද ඒ වගේ තව මිලියන ගණනක් ගණුදෙනු මේ Forex වෙළඳ පොළ තුල තවත් සිද්ධ වෙන නිසා. ඒ නිසා  Take Profit අගයත් නිතරම ගණුදෙනුවකට යොදන්න පුරුදු වෙන්න.

මේ හැම දේම ඔයාලගේ Demo Account එකෙන් හොඳට පුරුදු වෙන්න.


Instant Execution (Order) වලදි  Stop Loss , Take Profit හදන ආකාරය.

මෙහිදී ආකාර දෙකකට මෙය අපට කරන්න පුලුවන්. ඒ කියන්නේ අපිට ගණුදෙනුව මේ දැන් ක්ෂණිකවම දා ගන්න ඕනෑ වුනොත් Stop Loss, Take Profit හදන්න වෙන්නේ පස්සේ. එහෙම නැතිව හදිසියක් නැත්තං එවෙලෙම මේ පහලින්  දාලා තියෙන 1 රූපයේ තියෙන Stop Loss සහ  Take Profit තැන අපිට ඒ අගයන් දෙන්න පුළුවන්.


 

1 රුපය


දැන් ඔයා බැරිවෙලාවත් මේ හදිසි ගනුදෙනුවක් විදියට Stop Loss , Take Profit නැතිව ක්ෂණිකවම දැමිම නම් Stop Loss , Take Profit අනිවාර්යෙන් හදලා තියෙන්න මතක තබා ගන්න. දැන් Stop Loss , Take Profit නැතිව ක්ෂණිකව ගණුදෙනුවක් දැමිමට පස්සේ ඒ ගණුදෙනුව අපේ ගණුදෙනු පෙන්වන වින්ඩෝ එක හෙවත් MT4 එක යටින්ම තිබෙන Terminal එකේ තමයි ඔය පහතින් දාලා තියෙන 2 රුපය විදියට පෙනනේ. ඔයාලට පෙන්වා ඇති මම දාලා තියෙන්නේ  Stop Loss , Take Profit නැතිව ක්ෂණික ගනුදෙනුවක් හින්දා මේ ගණුදෙනු විස්තරයේ Stop Loss , Take Profit කිසිදු Price rate එකක් නැතිව පෙන්වනවා. දැන් අපි මේක Edit කරලා අපිට අවශ්‍ය ගැලපෙන Stop Loss , Take Profit එක දා ගන්න ඕනෑ. ඒකට ඔය මම 2 රූපයේ  රවුමි කරලා තියෙන S/L හෝ T/P වර්ග දෙකෙන් ඕනෑම එකක් ඩබල් කිලික් කරාම පහත 3 රූපය ආකාරයේ වින්ඩෝ එකක් විවෘත වෙයි. ඊට පස්සේ එකේ තමන්ට අවශ්‍ය පරිදි  Stop Loss , Take Profit Rate දැමිමම ඊට යටින් රෝස පාටින් වගේ පෙන්වන Modify කියන දිග Button එක කිලික් කරන්නයි තියෙන්නේ. අපි දාපු ගණන් අර ක්ෂණික ගණුදෙනුවට ඇඩි වෙනවා. එචිචරයි.


  

2 රුපය


 

3 රුපය


හොදයි මෙතනින් අපේ මුලික 2 වන පාඩමත් ඉවරයි. ඊලග ලිපියෙන් අපි තවත් වැදගත් මාතෘකාවක් කථා කරනවා. ප්‍රශ්ණ තියෙන අය අහන්න. දැන් ඔයා මම පහළ දාලා තියෙන ප්‍රශ්ණ වලට පිළිතුරු හොයගන්න පුලුවන්ද කියලා බලන්න.


01. ඔබට නව ගණුදෙනුවක් විවෘත කරගන්න පුලුවන්ද ?
02. විවෘත කර ගත් ගණුදෙනුව ක්ෂණිකව Close කර ගන්න ඔබට පුලුවන්ද ?
03. Pending Order එකක් නිවැරදිව විවෘත කර ගන්න ඔබට පුලුවන්ද ?
04. Take Profit , Stop Loss ගණුදෙනුවකට ඇතුලත් කරන්න ඔබට පුලුවන්ද ?

මේ වලට පිළිතුරු දෙන්න අපහසු අය නැවත නැවත අධ්‍යනය කිරීම වැදගත් කියලා මතක තියා ගන්න. මොකද ඔයා මේ අතගහන්න යන්නේ ඔය Addclik, Data Entry, E-money වගේ කාලේ නාස්ති කරන වැඩකට නෙමේ. මුලු ලොකේම පිළිගත්ත වැදගත් මුදල් ඉපයිමේ ක්‍රමයකට. හොදට සල්ලි හොයන්න ඕනෑ නමි අධ්‍යනය ඉතා වැදගත්.

ඇයි මම දැන් ඔයාලට කිවිවේ උඩින් අහලා තියෙන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන්ද ? බැරිනමි කලින් ලිපිය කියවලා ආපහු ඉගනෙ ගන්න කියලා. මේ ටික තමා අපි පුහුණු ගිණුමි කරත් , සත්‍ය ගිණුමි කරත් මුලිකම දේ. මේ ටික බැරිව මොකවත් කරන්න බැ. මහලොකු දෙයක් කරන්න නැනේ. මෘදුකාංගයෙන් කරන්න තියෙන්නේ බොහෝම පොඩි දෙයයයි. ඒ ටික හරියට අවබෝධයට ගන්න. මොකද මේක අවබෝධයට ගන්නවා කියලා නොරෙතන්න තරම් දේකුත් නෙවෙයි. උදාහරණයක් විදියට ගනුදෙනුවක් විවෘත කර ගන්නා ආකාරය මම කලින් ලිපියෙන් දාලා තියෙනව නම් පැහැදිලිව ඒක වෙන්නේ ඒ විදියටම තමා. ඊට වඩා වෙනසක් නැ. ඒක නිසා මෙකේ ආමාරු වෙන්න කිසිම දෙයක් නැ. මෙවා උඩින් පල්ලෙන් කියවනවනම් තෙරෙන්නේ නැතිව යයි. ඒක නිසා කලින් ලිපි වගේම මේ ලිපි ඔක්කෝම හොදට නැවත නැවත කියවන්න පුරැදු වෙන්න.