Forex Trading Basic - 1

Basic Trading 1 (Forex ගණුදෙනු සඳහා පිවිසීම 1)


අපි දැන් Forex ගැන බොහෝ දේවල් ඉගන ගත්තා සහ ඉගෙන ගනිමින් ඉන්නවා. දැන් මේ තරම් දුරට ඔබ මෙම ලිපි මාළාව කියෙව්වනම් ඔබට Forex ගැන ඉතාම හොද විශ්වාසයක් හා අවබෝධයක් ගොඩ නැගිලා ඇති. මෙතනින් ඉදිරියට යන සියලු පාඩම් ගණුදෙනු ආශ්‍රය කරගෙන තමයි මම පැහැදිලි කරන්නේ. මින් ඉදිරියට පාඩම් කියලා දෙනවිට හමා වෙලාවේම උත්සහ කරනවා Forex වලදී භාවිතා වෙන ඉංග්‍රීසි වචනම පාවිච්චි කරන්න. මේ නිසා ඒවා හොඳට මතක තියා ගන්න.

MT4 (Meta TRader 4) මෘදුකාංගය
Trading - ගණුදෙනු


Trading එකක් open කරන ආකාරය


හොදයි දැන් ඔයාල දන්නවා MT4 එකේ තියෙන අපට දැනට අවශ්‍ය කරන මුලිකම කොටස් ටික. අපි ගණුදෙනු කිරීමේ ප්‍රථම අවස්ථාව වශයෙන් MT4 හරහා ගණුදෙනුවක් Open කරන්නේ කොහෝමද කියලා මුලින්ම බලමු. සමහර විට ඔයාල මෙහි මම නොදාපු icons දිහා බලාගෙන කල්පනා කරනවා ඇති මේ මොනවද කියලා. මම ඔයාලට මුලින්ම පෙන්නුවේ අපිට දැනට අවශ්‍ය වෙන මුලිකම කොටස් විතරයි. ඉතිරි දේවල් පිලිබඳ පාඩම් යන අතරතුර මම හඳුන්වා දෙන්නම්. දැන් ඉතින් අපි ආවේ Trading කරන ආකාරය බලන්නනේ. හොදයි අපි ඒ ගැන බලමු.

ඔය Trading කියන එක තමයි අපිට මේ MT4 වල වැදගත්ම දේ. මොකද අපි Forex භාවිතා කරන්න ඇවිල්ලා MT4 එකකුත් Download කර ගෙන MT4 එකේ ලස්සන බල බල ඉන්න නෙමෙනේ ආවේ. නේද ? අපි ආවේ Trading කරන්න. ඒක නිසා ඔයාලා මේකේ ඉගෙන ගන්න ඕනෑ ප්‍රධානම දේ Trading හසුරවන ආකාරයයි. අපි බලමු පිළිවෙළට Trading එකක් Open කරන්නේ කොහොමද කියලා. මොකද මේක තමා අපේ පළමු පුහුණු වීම. ඒක නිසා හරියට ලිපියේ දාලා තියෙන විදියට අවබෝධයෙන් වැඩ කරන්න. මේක පුහුණු වෙන්න කලින් මතක ඇතිව අපි Demo Account Open කරන්න කියලා දීලා තියෙන ලිපියට අනුව පුහුණු ගිණුමක් විවෘත කර ගෙන ඉන්න ඕනෑ. ඔයා දැන් අපිට සත්‍ය ගිණුමක් විවෘත කරන්න විස්තර එවල නම් තියෙන්නේ. කරුණාකර සුළු කාලයක් රැදි ඉන්න. ඔයාට ඒ ගිණුමි විස්තර ආවට පස්සේ ඒක හරහා පුහුණු ගිණුමක් විවෘත කර ගන්න පුලුවන්. තාම ගිණුමි විස්තර ඇවිල්ලා නැතිනං අවශ්‍ය අයට මෙතනින් එහාට කියවලා දැනුමක් අරන් තියාගන්න පුලුවන්. අවශ්‍ය අයට විස්තර එනකං ඉන්න පුලුවන් මෙතනින් එහාට යන්න. හරිද. හරි එහේම ගිණුමි විස්තර ඇවිල්ලා, පුහුණු ගිණුමක් වීවෘත කරන් ඉන්න අය දැන් ඒ විස්තර එක්ක අපි ඒ ලිපියේ කියලා තියෙන විදියට ගිණුමට ලොග් වෙන්න.


Trading Window


මේ තියෙන්නේ අපිට Trading එකක් විවෘත කර ගන්න අවශ්‍ය වන Window එක. මෙකෙන් තමයි අපි ගණුදෙනු Open කර ගන්නේ Close කරන්නේ , Modify වැනි හැම දෙයක්ම කරන්නේ. ඔය මම පහතින් දාලා තියෙන්නේ එකේ screen shot එකක්.


 


දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති මේක ගන්නේ කොහොමද කියලා. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනෑමයි. මොකද ඔයා දැන් තමයි Forex Trading ඉගෙන ගන්න පටන් ගත්තේ. එහෙම ප්‍රශ්නයක් හිතට නාවොත් තමයි පුදුමේ. බය වෙන්න එපා මේක විවෘත කර ගන්න හරිම ලේසි. දැන් ඔයාගේ MT4 එක Open කර ගන්නකෝ. හැබැයි ඔයාගේ Internet Connection එක Connect කරලා තියෙනවද බලන්න. නැතිනමි ලෝඩි වෙන්නේ නෑ, හරිද ? දැන් ඔයාට මේ Trading Window එක ගන්න ක්‍රම හතරක් භාවිතා කරන්න පුලුවන්. හරිම ලේසියි. මම කියන විදියට කරලා බලන්නකො මේක open වෙනවද කියලා. ඔය මම පහත දාලා තියෙන්නේ මේක විවෘත කර ගන්න පුළුවන් ක්‍රමයි. අපි හිතමු අපිට විවෘත කර ගන්න අවශ්‍ය USD/CHF Trading Window එකක් කියලා. පහත ආකාරයන් ඔයත් කරලා බලන්න. තනියම කරන්න. මොකද උත්සහය ගොඩක් වැදගත් නිසා.

01. USD/CHF Chart එකේ Right Click කරලා Trading ---> New Order

02. Chart එක මත Click කරලා Keyboard එකේ F9 click කරලත් මේක ගන්න පුලුවන්

03. එහේම තැනිනමි අර Market Watch කියලා Chart එකට දකුණු පැත්තෙන් තියෙනවා නේද එකක්. මතකයිනේ මම අර MT4 ඒකේ කොටස් හඳුන්වලා දෙද්දී ඔයාට මේ ගැන කිව්වා. Market Watch තැන තියෙන USD/CHF කියන එක Double Click කරත් මේ Window එකම විවෘත වෙනවා.

04. එහේමත් නැතිනමි Chart එකට උඩින් බලාගෙන ගියාම New Order කියලා එකක් ඔයාට පේනවා ඇති. අන්න ඒක ක්ලික් කරත් මේ වින්ඩෝ එකම විවෘත වෙනවා

හරි දැන් ඔයාටත් ප්‍රශ්ණයක් නැතිව Trading Window එක විවෘත කර ගන්න පුලුවන් නේ. ගැටලුවක් ආවානමි මගෙන් අහන්න. උත්තර දෙන්නමි. හරි දැන් ඊට පස්සේ මොකද කරන්නේ. මෙතනදී ම මම කියන්නම්කො සාමාන්‍යයෙන් ලෝකයේ වැඩියෙන්ම Trading කරන්නේ EUR/USD හෝ GBP/USD currency වර්ග දෙකයි. ඊට හේතු කිහිපයක්ම තියෙනවා. මම ඒවා පසුව එන පාඩම් වල කියලා දෙන්නම්. එහෙම උනත් අනෙක් currency වර්ග Trading කරලත් අපිට විශාල මුදලක් උපයන්න පුළුවන්. නමුත් මුලින්ම අපි මේ currency වර්ග දෙකෙන් පටන් ගමු. ඉදිරියට ඔයාල හොඳට අධ්‍යනය කරලා පුළුවන් අනෙක් currency වර්ග Trading කරන්න. කොහොම උනත් අපි අපේ සාමාජිකයන්ට currency වර්ග 10 ක් පමණ signals දිනපතා නොමිලේ දෙනවා.


හොඳයි අපි දැන් බලමු ඉහල දාල තියෙන Window එක විස්තර සහිතව.


01. Symbol - මේ Symbol කියලා කියන්නේ අපි Trading කරන්න ගන්න මුදල් වර්ගයන් වලට. අපි තියෙනවනේ GBP/USD , EUR/USD , AUD/USD ආදි වශයෙන් අන්න ඒවට තමයි මේ කියන්නේ. ඉතින් ගණුදෙනුවක් විවෘත කරන කොට පොඩිඩක් බලන්න. ඔයාට ඕනෑ මුදල් වර්ගයද මෙතන සදහන් වෙලා තියෙන්නේ කියලා.


02. Volume - ඔය ඔයාලා ගිණුමට දාලා තියෙන මුදලින් අපි දන්නා යන Trading එකට භාවිතා කරන ප්‍රමාණය තමයි මෙතන සංඛ්‍යාත්මකව පෙන්වන්නේ. සරල උදාහරණයක් විදියට ඔයාලා කොටස් වෙළද පොළට මුලික ආයෝජනය ලක්ෂ 10 ක් දැම්ම කියලා හිතමුකෝ. නමුත් එක පාරම ඒ සේරම දාලා කොටස් ගන්න යන්නේ නෑනේ. එකෙන් ටිකයි නේද භාවිතා කරන්නේ. ලක්ෂයක් වගේ. අන්න ඒ විදියට තමයි මෙතනත් . ඔයාලා මේ ගිණුමට $ 100 දාලා තියෙනවනම් එකෙන් කීයක්ද අපි දාන්නා යන Trading එකට භාවිතා කරන්නේ කියලා මෙතන අපි තෝරගන්න ඕනෑ. දැන් ඔයාලා භාවිතා කරන්නේ Demo ගිණුමක් නිසා ඔකේ අවමයටම පෙන්වන්නේ 0.1 කියන ප්‍රමාණය විතරයි. ඔයා සත්‍ය ගිණුමකට ගියාම ඔක 0.01 වෙනවා. මතක තියා ගන්න සත්‍ය ගිණුමකදි ඔයාගේ ගිණුමේ මුදල් ප්‍රමාණය $ 500 ට අඩුනම් කවදාවත් 0.01 ට වඩා භාවිතා කරන්න එපා. ඒ ඇයි කියලා මම ඉස්සරහදි කියලා දෙන්නම්. දැනට මේක මතක තියා ගන්න. ඒ කියන්නේ අපි භාවිතා කරන්නේ අවම ප්‍රමාණය විතරයි කියන එක.


03. Stop Loss - පසුව එන පාඩම් වලදී විස්තර කරනවා. දැනට මේ වචන විතරක් මතකේ තියාගන්න.


04. Take Profit - පසුව එන පාඩම් වලදී විස්තර කරනවා. දැනට මේ වචන විතරක් මතකේ තියාගන්න.


05. Instant Execution - මෙය Instant Execution ලෙසම Select වෙලා තමයි පෙන්නන්නේ. එක ඒ විදියටම තියන්න. වෙන්නේ මොකක්ද කියලා මම පස්සේ කියන්නමි.


06. Buy Or Sell - ඔයාට දකින්න පුළුවන් Buy සහ Sell කියලා දෙපැත්තේ බට්න් දෙකක් තියෙනවා. දැනට ඕකෙන් කෝක ක්ලික් කලත් කමක් නෑ. එතනදි අපෙන් අහන්නේ ඔයාට විවෘත කර ගන්න ඔනි Buy Trade එකක්ද Sell Trade එකක්ද කියලා. මතකයි නේද මම කලින් කිවිවා. මොකක්ද මේකේ වෙනස කියලා. ඔයාලා මේ දෙකෙන් මොකක්ද කියලා තිරණය කරන් ඕනෑ එවලේ වෙළද පොලේ තියන හැසිරිම අනුවයි. ඒවා තමයි අපි මේ පාඩම් පුරාවටම ඉගෙන ගන්නේ.


හොඳයි දැන් අවබෝධයක් ආවනේ. අදට ඔය ටික ඇති. මම දැන් ඔයාට පොඩි වැඩක් දෙනවා කරන්න. ආපහු ඔය Mt4 Close කරලා අලුතින් නැවතත් විවෘත කර ගන්න. දැන් ඔයා මම කියපු විදියට Buy හරි Sell හරි Trading 10 ක් විතර විවෘත කරන්න. මොනවා වුනත් කමක් නෑ. මොකද මේ Demo ගිණමක් නේ. ඒක තියෙන්නේ අපිට පුරුදු වෙන්න නිසා මේ ටික කරලා හොඳ පුහුණුවක් ගන්න ඔයාට පුලුවන්. එහෙම Trade 10 ක් විතර විවෘත කරලා මම පහල කියලා තියන විදියට කරන්න. හැබැයි Trading 10 එකම වෙලාවේ විවෘත කරන්න එපා. විටින් විට විවෘත කරන්න. දැන් එකක් හරි දෙකක් හරි විවෘත කරානම් මම පහළ දාලා තියන Screen shot එක වගේ කොටසක් ඔයාගේ Mt4 එකෙත් පහල දකින්න පුළුවන් වෙයි. මේක $ 100 දාලා ආරම්භ කරපු කෙනෙක්ගේ සත්‍ය Forex ගිණුමක Screen shot එකක්. ඒ නිසා මේකේ පහලම Balance කියලා පෙන්වන තැන තියෙන්නේ $ 211.01. නමුත් ඔයාගේ Balance එක $ 10000 හෝ ඊට ආසන්න ගණනක් පෙන්වයි.


 


මේක තමයි ඔයාලා ගණුදෙනුවක් විවෘත කරපුවහම ඔයාගේ MT4 එකේ පහළින්ම තියෙන්නේ. විවෘත කරලා තියෙන ගණුදෙනු වල විස්තර තමයි මේ තියෙන්නේ. හොඳයි අපි දැන් පොඩි අභ්‍යාසයක් කරමු. ඔය විවෘත කරපු ගණුදෙනු වල ඔය මං දාලා තියන අන්තිම පින්තුරය වගේ තියෙන තැන දකුණු පැත්තේ කෙලවරේම Profit කියලා තීරුවක් ඇති. ඒක යටතේ තියෙන, අපි විවෘත කරපු හැම ගණුදෙනුවක්ම ධන අගයකින් හෝ ඍන (-) අගයකින් හරි පෙන්වනවා. එහෙම නැත්නම් තියෙන්නේ 0.00 විදියට. මේ ධන හෝ ඍන අගයන් නිතරම වෙනස් වෙනවා ඔයාට පේනවා ඇති. ධන අගයකින් පෙන්වනකොට මොන ලකුණක්වත් නැතිව නිකන් තමයි වැටෙන්නේ. දැන් ඔයා පුලුවන් විදියට ඒ අගය දිහා බලාගෙන ඉදලා ඒක සෘණ නැතිව ධන අගයකට ආව ගමන් ඒ ළඟම දකුණු පැත්තේ තියෙනවා කතිර (x) ලකුණක්. අන්න එක ක්ලික් කරන්න. එතකොට ඒ ගනුදෙනුව එතනින් ඉවත් වෙනවා. ඔයාට තවම තේරෙන්නේ නැතිවෙයි ඇයි මෙහෙම කරන්නේ කියලා. කමක් නෑ. ඔයා මං මේ කියපු විදියට කරන්නකෝ කිහිප වතාවක්ම. මේ යන්නේ පුහුණුවක් නිසා පියවරෙන් පියවර මං කියලා දෙන්නම් මොකක්ද කරන්න ඕනෑ කියලා. දැනට අවබෝධයක් නැති වුනාට කමක් නැ. මං කියපු එක කරන්න. වැඩි දුර ඊළග ලිපියෙන් කථාකරමු. 


ඒ වගේම තමයි කාට හරි ඕනෑ නම් තමන් කලින් කරපු ගණුදෙනු වල විස්තර බලා ගන්න. අර මම උඩින් කියපු MT4 එකේ යටම තියෙන අපි දාන ගණුදෙනු වල විස්තර වැටෙන තැන (මේකට කියන්නේ Terminal Box එක කියලා.) අන්න එකේ ඇති Trade, Exposure, Account History කියලා ටැබ් වගයක්. එතන Account History කියන ටැබ් එකට ගියාම ඔයාට පුලුවන් ඔයා කලින් කරපු ගණුදෙනු වල ඒ කියන්නේ මීට කලින් Closed කරපු Trading වල විස්තර බලා ගන්න. ඒ කියන්නේ Profit, Loss ආදි ඒවා. ඒ නැතත් ඔයා ගනුදෙනුවක් Closed කරලා දැම්ම ම එකේ profit එක හරි Loss එක හරි Balance කියන එකට එකතු හෝ අඩු වෙනවා. ලොස් එකක්නමි Balance එකෙන් අඩු වෙනවා. ලාභයක් නම් Balance එකට එකතු වෙනවා.


ඔයාලට මෙතෙක් අධ්‍යනය කල පාඩම් වල මොනයම් හෝ ගැටළුවක් ඇත්නම් අපිට ලියන්න, support@forexsl.com