MT4 Software Download & Installation

Forex මෘදුකාංගය Download කිරීම සහ Demo Account , Account Verify කිරීම

හොදයි, ඔබ මේ වෙද්දී Forex Trading ගිණුම සහ FOREXSL ගිණුම Open කරලයි තියෙන්නේ. මේ ලිපියෙන් මම කියලා දෙන්න හදන්නේ අපට Forex Trading වලදි අවශ්‍ය වන මෘදුකාංගය (Software) Download කර ගන්නා ආකාරය සහ ඔබ මේ වෙද්දී හදා ගෙන තියෙන Forex ගිණුම Verify කර ගන්නා ආකාරය පිළිබදවයි. දැන් ඉතින් ඔබ බය වෙන්න එපා මෘදුකාංග කීවම . ඒක අමාරු දෙයක් නෙමෙයි. හරිම ලේසි. දැන් මේ අපි Download කර ගන්න යන්නේ අපට අනිවාර්යෙන්ම අවශ්‍ය වන මෘදුකාංගයක්. මේ මෘදුකාංගය හරහා තමයි අපි මුල්‍ය වෙළද පොළට සමිබන්ධ වෙලා කටයුතු කරන්නේ. හරියට අපේ කොටස් වෙළද පොළ Online Trading පහසුකම ලබා ගත්තා නම් අපිට ලැබෙන ගණුදෙනු ක්‍රියාදාමයම තමයි මේකෙනුත් සිද්ද වෙන්නේ. නමුත් ඉතින් Forex මුල්‍ය වෙළද පොලේ විදියට තමයි Forex Trading වළදි අපි භාවිතා කර මෘදුකාංගය වැඩ කරන්නේ. එ වගේම තමයි මේ මෘදුකාංගයෙන් වැඩ කරන්න හරිම ලේසි. හැබැයි හරියට කරන්න හරියට ඉගෙන ගන්න ඕනෑ. අපට අපගේ ගණුදෙනු යෙදීම සදහා අවශ්‍ය ගොඩක් පහසුකමි මෙ මෘදුකාංගයේ (Software එකේ ) අන්තර් ගත කරලා තියෙන නිසා ඔයාලටත් ටික දවසක් යනකොට තෙරේවි මෙකේ තියෙන පහසු බව. අනික මේ මෘදුකාංගය Install කර ගන්න ඔයා හොදම විදියේ පර්ඝණකයක් අවශ්‍ය වෙන්නේ නැ. සාමාන්‍ය එකක් වුනත් ඇති. මේ මෘදුකාංගය හසුරුවන විදියත මේ මෘදුකාංගයෙන් වැඩ කරන ආකාරයත් මම ඊළග ලිපියෙන් කියලා දෙන්නමි. දැන් ඉතින් අපි මේක භාගත කරගෙන (Download) ගිණුම Verified කර ගෙනම ඉමුකෝ. ඔයාල මම දාලා තියෙන් පිළිවෙළටම වැඩ කරගෙන යන්න. එතකොට ඔයාලටම තේරේවි මේක හරිම ලේසි කියලා.

අපි හරහා ගිණුම් open කරගෙන මේ වන විට ගිණුමි විස්තර ලැබුණු අය හා තනිවම ගිණුම් විවෘත කර ගත්ත අයත් මේ ලිපිය අධ්‍යනය කරන්න. මොකද ගිණුමට (login) ලොගින් වෙන්න අපිට ඒ ගිනුම් විස්තර අවශ්‍ය කරනවා. ඒ වගේම තමයි මේ ලිපියේ දාලා තියෙන විදියට ගිණුම Verify කර ගත්තට පස්සේ Demo Accounts වල අවශ්‍ය පුහුණුව ලබා ගත්තට පස්සේ සත්‍ය ගිණුමි වල වැඩ කරන්න අපිට මුදල් තැන්පත් කරන්න වෙනවා. ඒ මුදල් තැන්පත් කිරීමි ආදිය පිළිබදව මම ඔයාලට කියලා දෙන්නේ Basic සහ Medium Level ලිපි අවසානයේ. එකට හේතුව අපිට මුදල් තැන්පත් කරන්න කලින් පුහුණු ගිණුමි පුරුදු වීම අත්‍යාවශ්‍ය නිසා. හැබැයි හොදින් මතක තියා ගන්න. ගිණුම් විස්තර ලැබිලා අඩුම තරමේ මාස දෙකක්වත් ඇතුලත මුදල් තැන්පත් කරලා සත්‍ය ගිණුමි පටන් ගන්න ඕනෑ. ඒහෙම නැති උනොත් ඔයාලට විවෘත කරලා දුන්නු සත්‍ය ගිණුම අක්‍රීය වෙලා යයි. මාස දෙකක් කියන්නේ හරියට පුරුදු වෙන අයට පුහුණු ගිණුමි වල පුරුදුවෙන්න හොඳටම ප්‍රමාණවත් කාලයක්. ඉතින් ඒක නිසා මේ කාරණය හොදින් මතක තියාගෙන පුහුණු ගිණුමි වල හොදින් පුහුණු වෙන්න. සත්‍ය ගිණුමි වලට මාස දෙකකින් මුදල් තැන්පත් කරපු ගමන් සත්‍ය ගණුදෙනු කරන්න අවශ්‍ය නැ. ඊට පස්සේ FOREXSL සාමාජිකත්වය අරගෙන Advanced Article කියවලා තවත් දැනුම අරගෙන නිසි විදියට සත්‍ය ගණුදෙනු ආරමිභ කරන්න පුලුවන්. හොඳයි මම මේ කිවිව කාරණා හොදින් මතක තබා ගෙන අපි ඉදිරියට යමු.


වෙබි අඩවියට (Web site) ලොගින් වීම


Forex Trading කිරීම සඳහා www.nordfx.com කියන වෙබ් සයිට් එකේ ගිණුමක් විවෘත කළා ඔබට මතක ඇති. සමහර අය අප ආයතනය හරහා මෙම වෙබි අඩවියේ ගිණුමක් විවෘත කර ගත්ත. සමහර අය ඒ අය විසින්ම ඒ ගිණුම විවෘත කරගත්ත. ඔබ අපි හරහා ගිණුම විවෘත කල නම් ඔයා අයදුම් කලාට පසසේ ඔයාට ගිණුමි විස්තරය ඊ-මේල් ලිපිනයට ලැබුනා මතක ඇති. ඒ කියන්නේ FOREXSL වෙත විස්තර එවා ගිණුම විවෘත කර ගත් අයට ඊ-මේල් ලිපිනයට ගිණුමි විස්තර එවල ඇති. තනිවම විවෘත කර ගත්ත අයට මම ඒ ලිපියෙදි කිව්වා එන ගිණුමි විස්තර මතක ඇති තැනක සේව් (save) කර ගන්න කියලා. දැන් මෙතනිදි අපිට ඕනෑ වෙන්නේ අන්න ඒ විස්තර. දැන් අපිට ඒවා අවශ්‍ය වෙනවා අප ගනුදෙනු කරන වෙබි අඩවයේ අපටම වෙන්වු ගිණුමට ඇතුලු වෙන්න. හොදයි දැන් අපි යන්නේ අපි Forex Trading කිරීම සඳහා අපි තෝරා ගත්ත බ්‍රෝකර් සමාගමේ වෙබ් අඩවියට ලොගින් වෙන්න. දැන් ඔයා www.nordfx.com කියන අපේ ගිණුම තියන තැරැව්කාර සමාගමේ වෙබි සයිටි එකට ගිහිල්ලා එකේ උඩින්ම දකුණු පැත්තේ තියෙන Log in කියන එක කිලික් කරාම එන පිටුවේ Account Number කියන එකට ඔයලට කලින් ඊ-මේල් ලිපිනයට ලැබුනු ලොගින් විස්තර වල ඇති Account Number කියන එකයි, Password එකට ඒ ලැබුනු ගිණුමි විස්තරවලම ඇති Trader Password කියන එකයි දාලා Login කියන බටන් එක කිලික් කරලා ලොගින් වෙන්න. ඔය මම පහතින් දාලා තියෙන්නේ මේ මම උඩින් කියපු තැන් දෙකේ පින්තුර දෙකක්. හොයා ගන්න අමාරු නම් ඒක බලන්න. හරි දැන් ඔයා ඉන්නේ ඔයාගේ ගිණුමේ. එකේ ඉතින් ගොඩක් දේවල් තියෙනවා. නමුත් දැනට අවශ්‍ය ඒවා විතරක් මම කියන්නමි. ප්‍රශ්ණ තියෙනවනමි අහන්න පුලුවන්. හැම එකක්ම පටලව ගන්න එපා. දාලා තියෙන විදියට පිලිවෙලට ඉදිරියට යමු.


www.nordfx.com වෙබ් පිටුව



Login පිටුව



Forex Trading Software එක ඩවුන්ලෝඩ් කිරීම
ඒකට ඔයා ඔයාගේ ගිණුමට LOGIN වුනාට පස්සේ දකින්න තියෙන් ප්‍රධාන පිටුවේම තියෙනවා මම පහතින් දාලා තියෙනවා වගේ තැනක්. මෙතන පහලට තියෙන ඊතලය ක්ලික් කරාම ඔයා දැනට භාවිතා කන ඩිවයිස් එකට ආදාල (software) සොෆ්ටිවෙයාර් එක බාගන්න පුලුවන්. ආදාල එක ක්ලික් කරාම නිකන්ම ඩවුන්ලෝඩි වෙන්න පටන් ගනන්ව. හොඳට මතක තියාගන්න මෙතන තියෙනවා Software වර්ග 2 ක්. එකෙන් ඔය ඩවුන්ලෝඩ් කරන්න ඕනෑ MetaTrader4 කියන Software එකයි. MetaTrader5 කියන Software එක එහෙම ඩවුන්ලෝඩ් කරන්න එපා.




දැන් ඉතින් Download වුනු File එක ඩබල් ක්ලික් කරලා ඒක Install කර ගන්න. Install වුනාට පස්සේ ඔයාගේ පරිඝණකයේ Desktop එකේ අයිකන් එකකුත් පෙන්වයි Nordfx Meta Trader 4 කියලා . ඊට පස්සේ ඒක විවෘත කර ගන්න. සාමාන්‍යෙයන් පළමු වතාවට මෘදුකාංගය විවෘත කරන විට ඔයාට මෘදුකාංගය තුල Open account කියලා පුරවන්න එකක් එයි. එහේම ආවේ නැත්තං කළබල වෙන්න එපා. දාලා තියෙන විදියට යන්න. මොකද සමහරු කියලා තියෙන එක නෙවෙයි කරන්නේ. වෙන වෙන එවා කරන්න ගිහිල්ලා හැම දේම වරද්ද ගන්නවා. ඒක නිසා කියලා තියෙන පිළිවෙලටම යන්න මතක තියා ගන්න.


මුදල් යොදවන්නේ නැතිව Demo (පුහුණු) Account එකක් සාදා ගන්නා ආකාරය


හොදයි දැන් ඔයා මෘදුකාංගය ඩවුන්ලෝඩි කරගෙන install කර ගත්තනේ. දැන් මුදල් යොදවන්නේ නැතිව Demo account එකක් හදාගෙන Trade කරන්නේ කොහාමද කියලා බලමු. Demo කියන්නේ බොරැ සල්ලි තියෙන පුහුණු ගිණුමි වලට. මේවා හදා ගන්න සතපහක් වත් යන්නේ නැ. හැබැයි වලංගු වෙන්නේ සති දෙකයි. මොකද එයාලා මේ ගිණුමි සති දෙකෙන් අත් හිටවනවා. ඊට පස්සේ Real Account වලට යන්න පුලුවන්. තවත් පුහුණු වෙන්න ඔනි කියලා හිතෙන අය ඉන්නවනමි තවත් පුහුණු ගිණුමක් මේ දාලා තියෙන ආකාරයටම හදා ගන්න පුලුවන්. අත් හිටවනවා කියන්නේ Software එක නෙමෙයි. ඒක ඕනෑ වෙළාවක වැඩ. අත් හිටවන්නේ Demo Account Saver එකයි. ඒ වගේම තමයි අපි මේවා Download කරගෙන Install කරලා තියෙන මෘදුකාංගයම තමයි අපි සත්‍ය ගිණුමි වල වැඩ කරන කාලෙදිත් භාවිතා කරන්නේ. Real Trading කරන්න අයේ අමුතුවෙන් Software Download කරන්න අවශ්‍ය නෑ. හරි දැන් අපි Demo ගිණුම හදා ගමු. ඒකට කරන්න තියෙන්නේ දැන් ඔයා Download කර ගෙන install කර ගත්තු MT4 Software ඩබල් කිලික් කරලා විවෘත කර ගෙන එකේ File කියන menu එක ක්ලික් කරන්න. මේක තියෙන්නේ මෘදුකාංගයේ Menu එක තුල. ඔය මම පහතින් දාලා තියෙන්නේ ඒක තියන තැන. දැන් මේ මෙනු බාර් එකේම ඔය File කියන එක ක්ලික් කලාට පස්සේ ලැබෙන List එකේ " Open an Account " කියන එක ක්ලික් කරන්න කරලා Demo account එකක් හදා ගන්න. පහත දල තියෙන්නේ ඒ රුප සටහන. එතනින් පස්සේ එකිනෙක මම විස්තර කරලා තියෙනවා. ඒ අනුව පිලිවේලට කරගෙන යන්න.



දැන් මේ Open an Account කියන එක කිලික් කලාට පස්සේ ඔයාට ලැබෙන්නේ පහත ආකාරයේ වින්ඩෝ එකක්. හොදින් බලන්න ඔය උඩින්ම තියෙන Nordgroup Demo කියන එකද සිලෙක්ට් වෙලා තියෙන්නේ කියලා. දැන් next Button ක්ලික් කරන්න.




දැන් ඔයාට පහත ආකාරයෙන් නැවතත් වින්ඩෝ එකක් ලැබෙනවා . හරියට කර ගෙන ඉදිරියට යන්න. නැත්තං වැරදෙයි. දැන් පහත ආකාරයෙන් ලැබිලා තියෙන වින්ඩෝවි එකේ ස්වංක්‍රියවම "New Demo account" කියන එක Select වෙලා ඇති. අනිත් ඒවා වැඩක් නැ. "New Demo account"කියන එක select වෙලා තිබුනේ නැත්නමි ඒක select කරලා ආයෙත් next Button එක ක්ලික් කරන්න.




හරි දැන් ඉහත Next Button එක ක්ලික් කරාට පස්සේ පහත පෙනෙන ආකාරයේ අලුත් වෙබ් ස්යිට් එකක් ඔයාට open කරලා දෙනවා. මේකේ අහල තියෙන විස්තර පුරවල "Open a Demo Account" කියන බට්න් එක ක්ලික් කරන්න.



ඉහත ෆෝරමය පිරෙව්වට පස්සේ ඔයාට පහත ආකාරයේ විස්තරයක් පෙන්වයි. ඒ විස්තර ටික ඉතා සුරක්ෂිතව තියාගන්න. මොකද මේ විස්තර ඕනෑ වෙනවා Demo Account එකට log වෙලා Trading කරන්න.



හොඳයි දැන් අපි අපේ Nordfx Meta Trader 4 software එකේ Demo Account එකට log වෙමු. නැවතත් Nordfx Software එකේ Menu Bar එකේ තියෙන File කියන Menu එක click කර එකේ ඇති " Open an Account " කියන එක ක්ලික් කරන්න. එවිට නැවතත් කලින් අපිට හමුවුනු පහත වින්ඩොව් එක ලැබේවි. මෙහි NordFX-Demo කියන එක select කර Next කරන්න.




දැන් ඔබට පහත පෙනෙන වින්ඩොව් එකක් ඇවිල්ලා ඇති. එකේ "Existing trade account" කියන එක select කරන්න. ඉන් පසු පහත පෙනෙන පරිදි Login කියන කොටුවට අපි Demo Account එක හදද්දී ආපු, අර මම කිව්වේ පරිස්සම් කරලා තියාගන්න කියලා විස්තර වගයක්, අන්න එකේ තියෙන "Your account No (login)" කියන අංක ටික ටයිප් කරන්න. "Password" කියන කොටුවට "Trader's password" එක ඉදිරියෙන් ඇති ඉලක්කම් හා අකුරු ඇතුල් කරන්න. එහෙම නැතිනම් copy සහ paste කරන්න. ඒ එක්කම පහත පෙනෙන පරිදි "Save password" කියලා ඇති තැන තියෙන කොටුව tick වෙලා තිටෙන්න ඕනෑ. එහෙම නැතිනම් log වෙන හමා වාරයකදීම ඔයාට password එක ඇතුළු කරන්න වෙයි.




හොඳයි දැන් ඔන්න ඔබේ Demo Account එක Nordfx Meta Trader 4 software එක තුලත් create උනා. දැන් ඔබට ඔබේ Demo Account එක වම් ඇත පැත්තේ තියෙන Navigator යටතේ පහත පරිදි පෙන්නුම් කරයි.


ඔබේ Demo Account එකට log වෙන්න මෙහි NordFX-Demo යටතේ පෙන්වන ඔබේ Account එක මත ඩබ්ල් ක්ලික් කරන්න. නැතිනම් Menu බාර් එකේ ඇති File menu එක ක්ලික් කර එහි එන "Login to Trade Account" කියන එක ක්ලික් කරන්න. එවිට පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබේවි.




දැන් මෙහි "Login" බට්ටන් එක ක්ලික් කර ඔයාගේ Demo Account එකට log වෙන්න පුළුවන්. දැන් හරි. ඔයා දැන් ඉන්නේ පුහුණු ගිණුමේ. දැන් ඉතින් ඊළගට මම දාල තියෙන ලිපි ඔක්කෝම පිළිවෙලට හොදින් කියවගෙන යන ගමන් පුහුණු වෙන්න. ඔය පැන පැන යන්න එපා. එතකොට මොකවත් බැරි වෙනවා. සමහරැ න්ට මාර හිදිසි සල්ලි හොයන්න. ඉවසිම නැ. උත්සහයෙන් පුහුණු වෙන්නේ නැ. ඒක නිසා ඉස්සෙල්ලා ලිපි සේරම කියවලා හොදින් අවබෝධයට අරගෙන ගනුදෙනු කරන්න ආරමිභ කරන්න. ඔය දැන් මේ Demo Account එකේ විස්තරත් කොහේ හරි ලියලා තියා ගන්න. මේ විස්තර සති දෙකෙන් කල් ඉකුත් වන හින්දා ඊට පස්සේ අපිට වැදගත් වෙන්නේ අපි මුලින්ම හාදා ගත්තු Real Account එකේ විස්තර. හොදින් මතක තියා ගන්න. ඒක තමයි ඔයාගේ ඇත්ත ගිණුම. එකේ විස්තර නැති කරගෙන මට එහෙම කියන්න එපා.


NordFX Forex Trading ගිණුම Verified කර ගැනීම

ඔබට මතක ඇති මම කලින් කිවිවා Forex කියන්නේ ලංකාවේ කොටස් වෙළද පොල වගේ ඉතා විශ්වාසවන්න මුදල් ඉපයිමේ ක්‍රමයක් කියලා. මතකයි නේද ? අන්න ඒ හේතුව නිසා මේ ගිණුම ආරමභ කර මුදල් උපයන්න කලින් අනිවාර්යෙන්ම ඔයාගේ අනන්‍යතාවය සහතික කර ගන්න ඕනෑ. ඔයා ලංකාවේ කොටස් වෙළද පොල ගණුදෙනු කරන්න ගියත් අනිවාර්යෙන්ම ID card Copy එහෙම දෙන්න වෙනවා. ඒ වගේ තමයි Forex Trading කරද්දීත් මේ ගිණුමි Verify කරගන්න වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි Forex කියන්නේ මුදල් ගණුදෙනු වන තැනක් නිසා. ඒ හේතුව මත ඔයා අනිවාර්යෙන්ම මේ ගිණුමි සහතික කර ගන්න වෙනවාමයි. ඒක අමාරු දෙයක් නෙමෙයි. එයාලා ඉල්ලන විස්තර දුන්නනම් හොදටම ඇති. හැබැයි බොරු විස්තර දෙන්න බෑ. එහේම වුනොත් පාඩු වෙන්නේ ඔයාටමයි. මොකද සල්ලි මෙහෙට ගෙන්න ගන්න යන කොට ඔයා බොරු විස්තර දාලා තිබුනොත් එයාලා සල්ලි Transfer කරන්නේ නැති හින්දා. ඔය ඇත්ත විස්තර දැමිමනමි කිසිම කරදරයක් නෑ. හරි අපි දැන් බලමුකෝ කොහොමද මේක සහතික කර ගන්නේ කියලා. මේකට ඔයාට අවශ්‍ය වෙනවා පහත මම දාලා තියෙන Documents.


01. ජාතික හැදුනුමි පතේ / රියදුරු බලපත්‍රයේ / විදේශ ගමන් බලපත්‍රයේ Scanned Copy එකක් (Proof of Identity ) -
ඉස්සරනම් ජාතික හැදුනුමි පත දාද්දි එක සිංහල පරිවර්ථනය කරලා තමා Upload කරන්න අවශ්‍ය උනේ. නමුත් දැන් එහේම අවශ්‍ය නැ. දැන් ඔයාට පුලුවන් ඔයාගේ ජාතික හැදුනුමි පතේ දෙපැත්තේම පැහැදිලි Scan කොපි දෙකක් කිසිම ප්‍රශ්ණයක් නැතුව Upload කරන්න. ජාතික හැදුනුමි පත අපැහැදිලි නම් හෝ නැතිවෙල නම් රියදුරු බලපත්‍රයේ / විදේශ ගමන් බලපත්‍රයේ Scanned Copy upload කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැතිව. මතක තියා ගන්න Scanned Copy විතරයි. ඒ වගේම මේ ඔක්කොම එහෙම upload කරන්න එපා. මෙයින් එකක් විතරයි ඕනෑ. මේවා ඔබ දාන්නේ ඔබගේ නම ආදිය සහතික කර ගැනිම සදහා මිසක් ලිපිනය සහතික කර ගන්න නොවන හින්දා මෙවායේ තියෙන ඇඩ්‍රස් එක Nordfx ගිණුමේ තිබෙන ඇඩ්‍රස් එකට සාමාන වෙන්න අවශ්‍ය නෑ.


02. මාස තුනක් ඇතුලත ඔයා ගිණුම හදද්දි දාපු ලිපිනයට ලැබුනු මොනවා හරි බිලක Scan පිටපතක් (Proof of Residence) -
Mobile Bill / Light Bill / Credit Card Bill / SLT bill වැනි ඕනෑම බිල් එකක Scanned copy එකක් යවන්න පුලුවන්. හැබැයි ඔයාගේ නමටම එන්නත් ඕනෑ. එහෙම බිලක් නැතිනමි ඔයාගේ බැංකු පොතේ ලිපිනය තියෙන තැන ඒ විදියටම Scanned කරලත් දාන්න පුලුවන්. ඒකත් මෙයාල පිළිගන්නවා. හැබැයි මතක තියා ගන්න මේ දාන බිල් එකේ හෝ බැංකු පොතේ කොපි එකේ තියෙන ලිපිනය අපේ ගිණුමෙ අපි දාලා තියෙන ලිපිනයට සමාන වෙන්න ඕනෑ.


මේ ටික ඔක්කෝම ලැහැස්ති කරගෙන ඔයාටම පහසුවෙන් වෙබි අඩවිය හරහාම ගිණුමට ඇතුල් කරන්න පුලුවන්. ඒකට www.nordfx.com වෙබ් සයිට් එකට log වෙලා ආපසු ඔයාගේ nordfx ගිණුමට ලොග් වෙලා එම ගිණුමේ දකුණු පැත්තේ උඩින් කොනේම තියෙන මිනිස් රූපයක අයිකන් එක ක්ලික් කරාම එන ලිස්ටි එකේ තියෙනවා Upload Document කියලා එකක්. ඔය පහළින් මම දාලා තියෙනනේ එතන රූපයක්.



මේ Upload Document කියන එක ක්ලික් කරාම ඔයාට ඔයාගේ ඩොකියුමන්ට් ටික Upload කරන්න පහත ආකාරයේ පිටුවක් විවෘත වේවි. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඒකේ විස්තර ටික පුරවලා Proof of Identity සහ Proof of Residence වෙන වෙනම අප්ලෝඩ් කරන එකයි. ඔයාට මේක සති දෙකක් යන්න කලින් කරන්න වෙනවා. මොකද අපේ Demo Account එක සති දෙකෙන් අවසන් වන නිසා.



හරියට upload වැඩ ටික කළානම් දින දෙකක් වගේ ඇතුලත් එයාලා මේක Verified කරනවා. ඒ ගැන කලබල වෙන්න දෙයක් නැ. දින දෙකක් නෙවයි බොහෝ වෙලාවට එක් දිනයකින් සහතික වෙන්නත් ඉඩ තියෙනවා. ඔයාගේ Account එක දින එකකදී, දින දෙකකදී Verified උනත්, අපිට Real Trading කරන්න බෑනේ. මොකද තවම අපි අපේ Forex Account එක හදා ගත්ත විතරයිනේ. දැන් තමා Forex ඉගෙන ගන්න වැඩේ පටන් ගන්න තියෙන්නේ. එහෙනම් අපි ඊලග ලිපියේ ඉඳල ක්‍රමානුකුලව ඒ වැඩේ කරමු. නොතේරෙන මොනවා හරි තියෙනවනම් අපිට ලියන්න support@forexsl.com


මීට ඉහතදී ඔබ භාවිතා කරන Debit / Credit card පතත් verified කර ගැනීමට අවශ්‍ය වූවා . නමුත් 2017-04-16 වන දින සිට ඔබ විසින් භාවිතා කරන කාඩි පත් verify කර ගැනීම අවශ්‍ය නැත. නමුත් ඔබ භාවිතා කරන කාඩි පත ඔබටම අයිති, ඔබගේම නම සදහන් කාඩි පතක් විය යුතු අතර වෙනත් පාර්ශවයකගේ කාඩි පත් මේ සදහා භාවිතා කිරීමෙන් වලකින්න.