MT4 Trading Software Formalizing

ඔබගේ මෘදුකාංගය (MT4) පිළිවෙලට සකසා ගන්න

අපි Forex Trading ගණුදෙනු කරන්න ඉගෙන ගන්න කලින්, මුලින්ම අපේ මෘදුකාංගය (MT4) පිළිවෙලට සකසා ගන්නේ කොහොමද කියලා බලමු. මෙය පිළිවෙලකට සකස් කර ගැනීමෙන් නිවැරදිව හා පහසුවෙන් Trading කරන්න අපිට පුළුවන් වෙනවා. මුලින්ම MT4 මෘදුකාංගය open කලාම ඔබට පහත පරිදි වින්ඩොව් එකක් ලැබේවි. හැබැයි ඒකේ පොඩි chart වින්ඩොව් 4 ක් ඔබට දැක ගන්න ලැබෙයි. එයින් එක් chart එකක් ලොකු කරලා අරගෙන තමයි පහත පෙනෙන වින්ඩොව් එක අරගෙන් තියෙන්නේ.


  


අපිට මුලිකවම දැනගත යුතු කොටස් මම පහතින් විස්තර කරලා තියෙනවා. ඒවා එකිනෙක බලලා මතකතියා ගන්න.


1 අංකය. Market Watch - Market Watch මගින් ඒ ඒ මුදල් වර්ග වල මිල ඉහළ පහළ යෑම පෙන්වයි. මෙක අපිට වැදගත් වන්නේ Currency ගොඩක මිල ඉහළ පහළ යෑම එකම තැන පෙන්වන නිසා. මෙතන නොමැති මුදල් කාණ්ඩයක් ලබා ගැනීමට අවශ්‍යනම් මෙහි ඇති Symbol Bid Ask බාර් එක මත right click ලැබෙන menu list එකෙන් නැවතත් Symbols select කරන්න. එවිට මෙහි සඳහන් නොමැති ඉතිරි සියාලු මුදල් කාණ්ඩ ලැබේ. එයින් අපට අවශ්‍ය මුදල් කාණ්ඩය තෝරා ගත හැක.

2 අංකය. Navigator - මෙහි ඔයාගේ ගිණුමි විස්තර , MT4 වල advance මටිටමින් භාවිතා වන Indicators, Technical Analysis ආදිය ඇතුලත් වේ.

3 අංකය. අදාල මුදල් කාණ්ඩයට අදාල Market එකේ හැසිරීම - මෙහි තියෙන්නේ අදාල මුදල් කාණ්ඩයට අදාලව Market එක ගමන් ගත්ත ආකාරය පෙන්වන Chart එක. පේනවා නේද ඒක එක් වෙළාවල් වලදි Market එක ඉහළ පහළ ගිහිල්ලා තියෙන ආකාරය. අමතක කරන්න එපා මේක සෑම තත්පරයක් පාසාම නිරන්තරයෙන් වෙනස් වෙනවා. එකත් ටිකක් එයාට මෙහාට කරලා බලන්නකෝ.

4 අංකය . ඒ ඒ අවස්ථාවේ අදාල මුදල් කාණ්ඩයේ පවතින මිල. මෙය භාවිත කිරීමෙන් අපට ක්ෂණිකව Trade එකක් දාන්න පුළුවන්. හොඳට බලන්න එහි වම් පැත්තේ තියෙනෙව SELL කියලා. දකුණු පැත්තේ තියෙනවා BUY කියලා. අපට SELL Trade එකක් දාන්න ඕනනම් වම් පැත්ත හෝ BUY Trade එකක් දාන්න ඕනනම් දකුණු පැත්ත click කිරීමෙන් කරන්න පුළුවන්.

5 අංකය. Chart එකේ කාලසීමාවන් වෙනස් කරලා පෙන්වන ස්ථානය - M1, M2, M15, M30, H1, H2 ආදී වශයෙන් අපිට මෙයින් තෝරාගත හැකියි.
මේකෙන් කරන්නේ මේ Chart එකේ පෙන්වන කාලසීමාවන් වෙනස් කරලා පෙන්වන එක. ඒකියන්නේ අපිට ඔනි නමි දිර්ඝ කාලයක් තුල වෙළද පොලේ් සිද්දු වුනු වෙනස බලාගන්න කැමති නමි Chart එකක උඩින් තියන ඔය ඉස්සෙල්ලා කිවිව විදියේ එවයින් H4 , MN වගේ එකක් තෝරා ගන්න පුලුවන්. එ වගේ එකක් කිලික් කළාම අවුරැදු ගාණක වෙළද පොලේ සිදුවුනු වෙනස් වීම Chart එකෙ පෙන්වනවා. මෙතනදි M කියලා කියන්නේ විනාඩි වලට , H කියන්නේ පැය වලට , MN කියන්නේ මාසයකට. තේරැනාද ? හැබැයි අපි Trading කරන කොට මෙ වගේ විශාල කාලසීමාවන් දාගන්න හොද නැ. එතකොට හොදම කාලසීමාව M5 / M15/ M30 යි. ඒක නිසා ඒකට මාරැ කරලා තියාගන්න. මෙි අපි පුහුණු වෙන අවස්ථාව නිසා M15 ට හරි M30 දාගෙන තියා ගත්තත් කමක් නැ.

6 අංකය. මෙතනදිද පෙන්වන්නේ ඒ ඒ අවස්ථාවේදී අදාල මුදල් කාණ්ඩයේ  පවතින මිලයි. මෙය සෑම තප්පරයකදීම වෙනස් වෙයි.

7 අංකය. දැන් ඔය Chart එකට පහළින්ම තියෙන කොටසෙන් පෙන්වන්නේ අපි විසින් යමි කිසි Trading එකක් Open කළාම ඒ විස්තර වැටෙන තැන. ඔයාට ඒක බලාගන්න පුලුවන් Trading එකක් Open කරාට පස්සේම.

8 අංකය. මුදල් කාණ්ඩයේ වෙනස් වීම රේකා ස්වරූපයෙන් නොව Candles ලෙස බලා ගැනීම සඳහා භාවිත කල යුතු icon එක.

9 අංකය. Candles ලොකු කුඩා කරන icon එක.


Market එක ගමන් ගත්ත ආකාරය පෙන්වන Chart එක (3) ඉක්මනින් තේරුම් ගත හැකි ලෙස සකස් කිරීම්


අප තෝරාගත් කල පරාසය තුල අදාල මුදල් කාණ්ඩයේ මිලෙහි හැසිරීම එක්වරම පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස සකස් කර ගෙනීමට අපිට අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඉහත රූපයේ අංක 3 සඳහන් chart එක මත courser එක තබා right click කරන්න. එවිට පහත රූපයේ  පෙනෙන ආකාරයේ menu list එකක් ඔබට ලැබෙයි.

  


මෙහි Properties select කර click කිරිමෙන් පසු පහත රූපයේ පෙනෙන ආකාරයේ Pop-up එකක් ලැබෙයි.

 


මෙහිදී මිල ඉහල ගිය සහ පහල ගිය candles හොදාකාරව කැපී පෙනෙන ලෙස පාට වෙනස් කරගන්න පුලුවන්. උදාහරණයක් ලෙස මිල ඉහල යන candles කොලපාට ලෙසත් මිල පහල යන candles රතු පාට ලෙසත් අපිට මෙහිදී සකස් කර ගත හැකියි. මෙම candles වල ගනකම මදිනම් මුලින්ම පෙන්වා ඇති රූපයේ සඳහන් අංක 9 දරන icon එක click කිරීමෙන් ගනකම වැඩි කරගත හැකියි.


මෙ Mt4 ඇත්තටම හරිම ලේසි. ඔය ලොකු මෘදුකාංගයක් වගේ පෙනුනට හරිම සරල දේවල් ටිකක් තමයි අවබෝධ කර ගන්න තියෙන්නේ.. හැබැයි මං මෙ සරලයි කියලා කියන්නේ මෘදුකාංගයට විතරයි. ඉතින් මං මේ මෘදුකංගයෙන් වැඩ කරන ආකාරය දැක්වෙන විඩියෝ කිහිපයක් ලගදීම දාන්නමි ඔයාට අවබෝධයක් එන්නත් එක්ක. දැන් ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ මෘදුකාංගය හොඳට අධ්‍යනය කරන එක.


මෙතෙක් අධ්‍යනය කල පාඩම් වල මොනයම් හෝ ගැටළුවක් ඇත්නම් අපිට ලියන්න, support@forexsl.com