Mobile Phone Trading

ජංගම දුරකථනයෙන් Forex Trading කරමු - Meta Trader 4 Mobile

ඇත්තටම මං හිත්නේ අද වන විට Smart Phone එකක් නැතිනම් Tablet එකක් පාවිච්චි නොකරන කෙනෙක් සොයාගන්න බැරි තරම්. මොකද අද හැම දේම කරන්නේ දැන් Phone එකෙන්නේ. ඒ නිසා මම හිතුවා ඔයාලට මේ ලිපිය ලියන්න, කොහොමද Smart Phone එකක් නැතිනම් Tablet එක පාවිච්චි කරලා ඔයාල යන එන ඕනෑම තැනක ඉදන් Trading Open කරන්න, Trading Close කරන්න, නැතිනම් අපි PC එකේදී Open කරපු Trades වල තත්වය බලාගන්න, Market එකේ තත්වය බලාගන්න ආදී නොයෙකුත් දේ කරන්නේ කොහොමද කියලා පොඩි පාඩමක් කියලා දෙන්න.

Meta Trader 4 Mobile App එක Install කරන්න පුළුවන් Phone වර්ග

ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්න පුලුවන්ද නැද්ද කියලා තිරණය වෙන්නේ ඔයා භාවිතා කරන ජංගම දුරතකණයේ තියෙන OS එකත් එක්ක. ඒ කියන්නේ මෙහෙයුමි පද්ධතිය (Operating System). දැන්නම් ඉතින් ගොඩත් Mobile Device එනේනේ Android, IOS (Apple) වලින්නේ. හරි මේ අනුව භාවිතා කරන්න පුලුවන් වර්ගයන් තමා මම පහතින් දාලා තියෙන්නේ. හොදට බලන්න. Windows Mobile වලට තවම App එකක් ඇවිල්ලා නෑ. බය වෙන්න එපා ළඟදීම එයි.

  • Android OS - Phone , Tablet (Samsung, Sony Xperia, Micromax, LG)
  • IOS - Apple Iphone , Ipad


මෙන්න මේ මෙහෙයුමි පද්ධති භාවිතා කරන්න පුලුවන් ඔනෑම දුරකථනයක අපේ MetaTrader App එක පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්. මුලින්ම බලන්න ඔබේ Phone එකේ OS එක මොකක්ද කියලා. ඉහත දාලා තියෙන එකක්නමි අනිවාර්යෙන් පුලුවන්. සාමාන්‍යෙයන් දැන් එන ගොඩක් දුරකථන Android එකක් තමයි එන්නේ. Samsung, Sony, Huawei, MicroMax, Motrola, LG, Lenovo, Zigo ආදි දුරතකණ නිපවදවන සමාගමි රැසක් දැන් භාවිතා කරන්නේ Android OS එක. මෙම දුරකථන එක එක මිලගන්නවලට වෙළද පොලේ තියෙනවා ඔයාලට මිලදී ගන්න.


MetaTrader4 App එක Mobile Device වලට Install කර ගැනීම

මේක හරිම ලෙහෙසි දෙයක්. තමන්ගේ දුරකථන වර්ගයෙන් එයට අදාල Application Store එකට යන්න ඕනෑ මුලින්ම.


  • Android - google Play - Click here to go
  • IOS - Itunes Store


කෙලින්ම දුරතකණයෙන්ම යනවනම් Google Play, Apple Itune Store වලට ගිහිල්ලා Meta Trader 4 කියලා ගහලා Search කරත් එනවා. මේ වගේ Application එකක් Android Phone, Apple Phone වලට දා ගන්න ගොඩක් අය දන්න හින්දා මම ආයේ අමුතුවෙන් ඕක install කරන හැටි පෙන්නන්නේ නැ. මොකද අනිත් ඇප්ස් ඩවුන්ලෝඩි කර ගන්නවා වගේම තමා මෙතක් දා ගන්නේ. හරි එහෙම නම් තමන්ගේ දුරතකනයෙන් මේක ඔනෑම අයෙකුට දැන් ලබා ගන්න පුලුවන්. හොදට මතක තියා ගන්න ඔයා දා ගන්න ඕනෑ Meta Trader 4 මිසක් Meta Trader 5 එහේම නෙවෙයි. පහත පරිදි තමා මේ App එක google Play market එකේ තියෙන්නේ. එක් භාගනෙ Install කර ගන්න. මෙතන ඉදලා මම මේ පිළිබදව ලියන්නේ Android Mobile එකක් උපකාරි කරගෙන. ඒ දිහා බලලා අනිත් ඒවයෙත් අදලා දේවල් කර ගන්න දැන් ඔයාලාට පුලුවන් වෙන්න ඕනෑ.


ඔයා Play Store එකට ගිහිල්ලා MetaTrader 4 කියලා Search කලාම පහත ආකාරයට ඔබේ Phone එකේ Screen එකේ පෙන්නනවා. ඉන්පසු මෙම App එක Install කරගන්න.




Install වෙලා ඉවර උනාම පහත ආකාරයේ window එකක් ලැබේවි.




මෙහි ඉහල වම්පස ඇති "Quotes" යන වචනය ලගම ඇති ඉරි සහිත Drop down menu එක click කරන්න. එවිට පහත ආකාරයේ window එකක් ලැබේවි.




මෙහි ඉහල ඇති "Manage account" යන වචනය click කරන්න. එවිට පහත ආකාරයේ window එකක් ලැබේවි.




මෙම ඉහත රූපයේ + (ධන) ලකුණ click කරන්න. එවිට පහත ආකාරයේ window එකක් ලැබේවි.


දැනට Demo Account එකක් හෝ තවමත් නැතිනම් ඒකත් මේ හරහාම හදා ගන්න පුලුවන්. නමුත් මතක තියා ගන්න Real Accounts සාදා ගැනීම අපි සිදු කල යුත්තේ  පරිඝණකයක් ආධාරයෙන් තමයි.  නමුත් හොදින් පුහුණු වුනාට පස්සේ Trading දාන්න මේක භාවිතා කරාට කමක් නැ. හොඳයි දැන් අපි මෙහි සඳහන් LOGIN TO AN EXISTING ACCOUNT යන කොටස click කරන්න. එවිට පහත Window එක ලැබේවි.



මෙහි Find broker යන ස්ථානයේ "nordfx" ලෙස type කරන්න. එවිට පහත ආකාරයේ window එකක් ලැබේවි.



මෙහිදී ඔබ Trading කරන්න යන්නේ Demo Account එකක නම්, NordFX-Demo යන එක තෝරාගන්න. ඔබ Real Account එකක Trading කරන්න යනව නම් මෙහි සඳහන් NordFX-Real1, NordFX-Real2, NordFX-Real3, NordFX-Real4NordFX-Real5 යන ඒවායින්එකක් තෝරා ගත යුතුයි. හැබැයි ඒක හිතුමතේට අපිට ඕනෑ විදියට කරන්න බෑ. මෙයින් කුමක්ද තෝරා ගත යුත්තේ කියලා අපි තීරණය කරන්නේ, ඔයාලට මතක ඇති අපි NordFX web site එකට ගිහිල්ල අපේ විස්තර දීලා Register උනා. අන්න ඊට පස්සේ ඔයාලට ලැබුනා ඊමේල් එකක් ඔයාගේ Passwords වගයක් සහ තව විස්තර වගයක් සහිතව. ඔයාල NordFX ගිණුම Open කර ගත්තේ අපි හරහා නම්, අපි ඔයාලට එවලා ඇති මේ විස්තර දාපු ඊමේල් එකක්. අන්න එකේ තියෙනවා "Server" කියලා වචනයක්. අන්න ඒක ඉදිරියෙන්  දාලා තියෙනවා ඔයාට අයිති NordFX-Real1 ද,  NordFX-Real2 ද, NordFX-Real3 ද, NordFX-Real4, NordFX-Real5  කියලා. එකෙන් බලලා මේක තෝරාගන්න ඕනෑ. හරිනේ ඒක තේරුනා නේද? එහෙම තෝරා ගත්තහම අපිට එනවා පහත විදියේ window එකක්. මගේ Server එක NordFX-Real5 නිසා මෙතන එන්නේ NordFX-Real5 කියලයි. ඔයාලගේ ඊට වෙනස් වෙන්න පුළුවන්.

 

හොඳයි ඔන්න දැන් අපිට පුළුවන් මේ හරහා අපේ NordFX Forex Trading Account එකට log වෙන්න. මෙහිදී පහත ආකාරයට විස්තර ඇතුල් කල යුතුයි.

Login          - ඔබට ඉහත සඳහන් කල ඊමේල් එකෙන් ලැබුණු MetaTrader Login: යන්න ඉදිරියෙන් තියෙන number එක මිට type කල යුතුයි.
Password - මෙහිදී ඉහත සඳහන් කල ඊමේල් එකෙන් ලැබුණු MetaTrader Password: ඉදිරියෙන් තියෙන අකුරු සහ ඉලක්කම් ඒ ආකරයෙන්ම මෙතන type කල යුතුයි. CAPITAL අකුරු ඒ ආකාරයෙනුත්  simple අකුරු ඒ ආකාරයෙනුත් type කල යුතුයි. එමෙන්ම මෙහිදී හොඳ අවධානයෙන් කරන්න. ඔබ මෙහිදී Investor password: කියන එකට අදාල password එහෙම enter කරන්න එපා. ඒක ඇතුළු කළහොත් ඔබට ඔබේ Forex Account එකේ විස්තර බැලීමට පමණයි හැකිවන්නේ. Trading කිරිමට ඉඩ දෙන්නේ නෑ. තේරුනානේ?. හොඳයි ඔයාලා මේ විස්තර දීලා Login උනාම, පහත ආකාරයේ Window එකක් ලැබේවි. මෙහි,

1. ඔබගේ සම්පූර්ණ නම
2. NordFX Registered Number එක
3. දැනට ගිණුමේ පවතින ශේෂය,  යන කරුණු පෙන්නුම් කරනවා. ඔය මේ වෙද්දී ඔයාගේ  පරිගණකයේ Trading කරමින් තිබුන Account එකම තමයි මෙතන පෙන්වන්නේ.




හොඳයි දැන් ඔය ඔයාගේ Forex Trading Account එකට Login වෙලා ඉන්නේ. දැන් මේ Account එක ඔයාගේ PC එකේ තිබුන Forex Trading Account එකත් එක්ක link වෙලා තියෙන්නේ. ඔය මෙතන කරන හමා දේම PC එකේ පෙන්වනවා. PC එකේ කරලා තියෙන දේ මෙතනින් පෙන්වනවා. හොඳයි දැන් ඉතින් ඔය Account එකේ ඉහල වම් කෙලවරේ තියෙන Drop down menu එක click කරලා "Charts" කියන එක Click කරන්න. එවිට පහත පෙන්වන window එක ලැබේවි. මෙම window එක විස්තර කිරීම සඳහා අදාල Icons වලට මම ඉංග්‍රිසි අකුරු යොදා තිබෙනවා. අපි දැන් බලමු මේවා මොනවද කියලා.




A - දැනට විවෘත වෙලා තියෙන Chart එකේ මුදල් වර්ගයට නව ගණුදෙනුවක් විවෘත කර ගන්න පුලුවන් වෙන්නේ මෙතනින්. අලුතින් Trade එකක් Open කරන විදිය මම ඊළඟට කියලා දෙන්නම්.

B - ඔබට අවශ්‍ය කාල රාමුව තෝරාගන්නේ මෙතනින්. M1, M5, M15, M30, H1 ආදී වශයෙන් ඔබට අවශ්‍ය කාල රාමුව මෙතනින් තෝරාගන්න පුළුවන්.

C - ඔබට අවශ්‍ය Currency Pair වෙනස් කරගන්නේ මෙතනින්. ඔබට අවශ්‍ය Currency Pair එක මෙතන නැතිනම් පහත පිලිවේලට ගොස්, ඔබට අවශ්‍ය Currency Pair add කරගන්න.
වම් පස Drop down menu ----> Quotes ----> + (ධන) ලකුණ ----> FIX ----> අවශ්‍ය Currency Pair එක මත Click කරන්න.

D - ඔබට අවශ්‍ය මූලික Indicators එනම් Moving Average (MA) සහ Relative Strength Index (RSI) මෙය Click කර සකස් කරගත හැකියි. හොඳින් මතක තිය ගන්න අපිට මේකට වෙන Indicators දාගන්න බෑ.

E - + මාර්ක් එක Click කරොත් අපිට Chart එකේ ඕනෑම ස්ථානයක් අගය බලා ගන්න පුලුවන්. රේකාවක් දා ගන්නත් පුලුවන්.

F - "Quotes" ඒ කියන්න Market Watch. අපිට එක්වරම Trade එකක් දන්නා ඕනනම්. මෙතන තියෙන Currency Pair එකක් උඩ Click කිරීමෙන් එය සිදු කල හැකි වෙනවා.

G - අපි මේ දැන් ඉන්න තැන

H - මේ අවස්ථාවේදී ඔබේ Account එකේ තත්වය එනම්, Account Balance, Equity, Free margin පෙන්වන ස්ථානය සහ Open කරන ලද Trade එකක් Modify හා Close කරන ස්ථානය. Modify හා Close කරන ආකාරය පහත විස්තර කර ඇත.

I - History (කලින් යෙදු ගණුදෙනු වල විස්තර) පෙන්වන තැන.

J - Forex News

K - Message



Trading එකක් Open කරන ආකාරය හා ලාභ ලබන ආකාරය

මේක හරිම ලේසි දෙයක්. Trading එකක් Open කිරීමේ තැනට  ක්‍රම පාරවල් දෙකකින් යන්න පුළුවන්. 

1. වම් පස ඉහල කෙලවරේ Drop down menu ----> Quotes ----> අදාල Currency Pair එකක් මත Click කිරීම ----> New Order (1 රූපය)

 

2. වම් පස ඉහල කෙලවරේ Drop down menu ----> Charts ----> ඉහත රුපයට කලින් රූපයේ පෙන්වල තියෙන A ස්ථානය Click කිරීම

මේ විදියට තමයි අපි අලුත් ගණුදෙනුවක් වීවෘත කරන තැනට යන්නේ. ඉන්පසු කොටස පහත ඡායාරුපයෙන් එකිනෙක විස්තර කරලා තියෙනවා.



A = ඔබට ක්ෂණික ගණුදෙනුවක් (Instant Execution) හෝ පෙන්ඩින් ඔර්ඩර් (Pending Order) එකක් මෙතනින් තෝරාගන්න පුලුවන්. BUY STOP, BUY LIMIT, SELL STOP, SELL LIMIT ලෙස සදහන් වෙන්නේ Pending Order.

B = මෙම ස්ථානයෙන් මැද තියෙන කලුපාට අංක වලට දෙපැත්තෙන් තියෙන නිල් පාට අංක මත කිලික් කිරිමෙන් අපට අවශ්‍ය LOT SIZE එක හදාගන්න පුලුවන්. දෙපැත්තේ තියෙන + සහ - සංඛ්‍ය Click කරන විට මද ඇති කළු පාට අංකය වෙනස් වෙනවා. මෙම කළු පාට අංකය අපට අවශ්‍ය  LOT SIZE එක ට හදාගන්න. ඒක නම් හොදට මතක තියා ගන්න. Demo ගිණුමි වල නම් අවම පුලුවන් 0.1 තමා. රියල් වලට ගියාම මෙක 0.01 දක්වා පුලුවන් නිසා ඒක හොදින් මතකයේ තියා ගන්න.

C = ඔබ Pending Order එකක් දානවනමි මෙම ස්ථානයේ Stop Loss or Take Profit හදා ගන්නත් පුලුවන්.

D = ඉහත සියලු ස්ථාන සකස් කර අවසානයේ BUY ලෙස  හෝ SELL ලෙස Order එක දමන තැන.



Trading එකක් Modify කිරීම හා Close කරන ආකාරය

මිට රූප දෙකකට ඉහලින් ඇති A, B, C ආදී ලෙස නම් කරන ලද රූප සටහනේ H සඳහන් Icon එක Click කරන්න.  එහි පහල කොටසේ මේ අවස්ථාව වෙන විට Open කර ඇති Trading සියල්ල පහත රුප සටහනේ ආකාරයට පෙන්වයි. 



හොඳයි අපි හිතමු මෙහි EURUSD Currency Pair එක අපිට Modify හරි Close හරි කරන්න ඕනෑ කියලා. එතකොට ඔයාලට කරන්න තියෙනේ එම Currency Pair එක මත තත්පර 2 ක් පමණ ටච් කරගෙන් ඉන්න. විට පහත ආකාරයේ window එකක් ලැබේවි. එහි ඔබට අවශ්‍ය දේ Select කරගෙන කල හැකිවෙනවා.




ඔන්න ඔය ටික තමා Meta Trader 4 Mobile Apps එකෙන් වෙන්නේ. පොඩිඩක් හුරු වුනාම හරිම පහසුයි. හැබැයි හොදට මතක තියා ගන්න. Mobile Apps එකෙන් ගණුදෙනු කරන්න කලින් හොදට පරිඝණකයේ මෘදුකංගයෙන් පුරැදු පුහුණු වෙලා ඉන්න. හොඳ Experienced Trader කෙනෙක් උනාම මේ Mobile App එක පාවිච්චි කරන්න පුළුවන්.  ඔබ Tab එකක් පාවිච්චි කරනවා නම් මේ icons තියෙන තැන් වෙනස් වෙයි. හැබැයි කෙරෙන විදිය එකමයි.

ප්‍රශ්ණ තියෙනවානම් අපිට ලියන්න support@forexsl.com. එහෙම නැතිනම් මෙම වෙබ් එකේම තියෙන Live Chat එකට එන්න.