Market Behaviour

හොඳයි ඔබ දැන් හොඳට Demo Account පුහුණු වෙනවා ඇති කියලා මම භිතනවා. මට හිතුනා ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ඊළට වෙළද පොළ ඉහළ යයිද ? පහළ යයිද ? කියලා දැන ගන්න එක. අපි අද ඒ ගැන කථා කරමු. මේක ගොඩක් වැදගත් මාතෘකාවක්. ඒක නිසා හොදින් අධ්‍යනය කරන එක් හරිම වැදගත්. කොහොම නමුත් අද ලිපිය පටන් ගන්න කලින් මම ඔයාලගෙන් ප්‍රශ්ණ කිහිපයක් අහනවා. බලන්න ඔයාට පිළිතුරු දෙන්න පුලුවන්ද කියලා. පුලුවන්නම් ගොඩ. බැරිනම් නැවත පසු ගිය ලිපි අධ්‍යනය කරලා එන්න ඕනෑ අනිවාර්යෙන්ම. මොකද මම හැමවෙලේම කියනවනේ සල්ලි හොයන්න ඕනෑ නම් ටිකක් උනන්දුවෙන් අධ්‍යනය කටයුතු කරන්න කියලා. හරි මෙවා තමයි මගේ ප්‍රශ්ණ.


01. Forex කියන්නේ මොකක්ද කියලා ඔයාට නිවැරදිව පැහැදිලි කරන්න පුලුවන්ද ?
02. Forex වලින් අපි මොකක්ද කරන්නේ ? එහෙම නැතිනම් Forex වලින් අපිට තියෙන ප්‍රයෝජනය කුමක්ද?
03. වෙළඳ පොලේ මිල වැඩි උනත් අඩු උනත් එහෙම නැතිනම් Buy Order වලින් හා Sell Order යන දෙපැත්තෙන්ම ලාභ ගන්න හැටි පැහැදිලි කරන්න පුලුවන්ද ?
04. රටකට Forex හි ඇති වැදගත්කම මොකක්ද ?
05. MT4 මෘදුකාංගයෙන් අලුත් Trading දාන්න පුලුවන්ද ?
06. Pips, Leverage, Lots, Margin යන ඒවා පැහැදිලි කරන්න පුලුවන්ද ?

මෙවා පැහැදිලි කරන්න අමාරුනම් නැවත ඒ අදාල ලිපි හොඳට අධ්‍යනය කරන්න. මොකද මේවට උත්තර දෙන්න ඔයාට බෑ කියන්නේ ඔයා තවම Forex ගැන හරියට දන්නේ නෑ කියන එකයි. ඒ නිසා නැවත නැවත මේ ගැන කියවලා බලන්න.


Forex වෙළඳ පොලේ ගණුදෙණු කල යුතු ආකාරය

Forex වෙළඳ පොළ හා සම්බන්ද වෙලා ඉන්න ඕනෑම කෙනෙක් මේක නමි අනිවාර්යෙන්ම පිළිපදින්න අවශ්‍ය වෙනවා. මොකද නැත්නමි පාඩු වෙන්නේ ඔයාටමයි. මොකක්ද මේ පිළිවෙළ ? අපි මොකක් කලත් පිළිවෙළක් තියෙනව නම් කොචිචර පහසුද. Forex Market එකේ Trading කරන කොටත් මේ පිළිවෙළ තියෙනවනම් ලාභ ගන්න හරිම පහසුයි. ඔය සමහරු අනේ මගේ ගිණුම Loss වුනා කියලා නාහෙන් අඩන්නේ මෙන්න මේ කියන පිළිවෙළ නැති වුනාමයි. සමහර විට ඔයාලගේ යාලුවෝ එහේම කියනවා ඔයාට ඇහිලා ඇති. හැබැයි FOREX SL වෙබි සයිටි එක භාවිතා කරන අයට කවදාවත් එහෙම කියන්න වෙන්නේ නෑ. මොකද මෙහි දාලා තියෙන කරුණු ප්‍රායෝගික කරුණු නිසා. මම කියන විදියට වැඩ කලොත් ඔයාට කවදාවත් එහෙම කියන්න වෙන්නෙත් නැ.

හොදයි මම මේ පිළිවෙළ කියලා කිවිවේ ඔයා Trading දාන ආකාරය ගැන. දැනටට ඔයා භාවිතා කරන Demo Account එකෙන්ම මේ පිළිවෙල පටන් ගන්න. එතකොට Real account එකකට ගියාමත් අනිවාර්යෙන්ම මේ පිළිවෙළ ඔබ පිළිපදියි. මොකද අපි යමි කිසි පිළිවෙළක් තියාගෙන තමයි Forex වල Trading Open කරන්න ඕනෑ වෙන්නේ. පහත මම දාලා තියෙන්නේ පිළිපදින්න ඕනා ඒ උපදෙස්.

01). අපි නිතරම Trading දන්නා ඕනෑ අපිට හොඳට තොරතුරු එන Currency Pair වල පමණයි. අපි එහේම කරන්නේ යමි මුදල් වර්ගයක් එක්ක ගනුදෙනු කරන්න අපිට තොරතුරු අවශ්‍ය වෙන හින්දා. තොරතුරු කියන්නේ මේ Currency Pair එක දැන් ඉහළ යයිද පහළ යයිද කියලා දැන ගන්න අවශ්‍ය වන තොරතුරු. මතකයිනේ මම මුල ලිපියක කිවිවා ලෝකේ එක් එක් රටවල් වල ආර්ථිකමය සිදුවිමි මුදල් වලට බලපාලා මේ මුල්‍ය වෙළද පොලේ ඒ මුදල් වර්ගටත් බලපානවා කියලා. ඉතින් මෙතනදි අපි ප්‍රධාන වශයෙන්ම අපිට ගනුදෙනු කරන්න පුලුවන් මුදල් වර්ග හා විශාල තොරතුරැ ලැබෙන මුදල් වර්ග තොරා ගත හැකි. ඉතින් ඔයාට ඒකට EUR/USD , GBP/USD කියන Currency Pair ඇතුළුව අනෙකුත් තොරතුරු බහුල Currency Pair මේ Trading සඳහා භාවිතා කරන්න පුලුවන්. අපි FOREX SL  සාමාජිකයන්ට මේ වගේ Currency Pair 9 ක පමණ දිනපතා Trading Signals නොමිලේ දෙනවා.

02). Open Trading ප්‍රමාණය - ඔයා අනිවාර්යෙන්ම පිළිපැදිය යුත් එකක් තමයි මේක. මොකද සමහරැ $ 100 ක් වගේ Invest කරලා එක පාර Trading 5- 10 ත් අතර දානවා. ඔය ඒ වගේ ගණුදෙනු ප්‍රමාණයක් දාන්නනම් (අවම 0.01 ලොටි සයිස් එකෙන්) අඩුම තරමේ ගිණුමේ $ 1000 ට වැඩියෙන් තියෙන්න ඔනි. ඔය $ 100 ක් වගේ දාන අය එක් ගණුදෙනුවෙන් ගණුදෙනුව තමයි Trade කරන්න ඕනෑ. ඒ කියන්නේ එකක් Open කරලා එක Profit වුනාට පස්සේ Close කරලා තමයි තව එකක් දාන්න ඕනෑ. එහෙම නැතිව Trade දෙක තුනක් එක පාර දාන්න එපා. ඒක Loss වෙන්න ප්‍රධාන හේතුවක්. මොකද ඔයාගේ ගිණුමේ මුලික ආයෝජනය අඩු නිසා දාන්න පුලුවන් ගණුදෙනු ප්‍රමාණය අපි මේ මුලික ආයෝජනයට අනුව හදා ගන්න ඕනෑ. එහෙම කළාම අවදානම අඩු කර ගෙන ගණුදෙනු කරන්න එකින් එක යන එක ගොඩක් හොදයි. ඉතින් මෙහෙම දවසකට $ 1 - $ 3 ක් දක්වා එක් ගණුදෙනුවකින් ඔයාට ගන්න පුලුවනි. ඉතින් දවසට ගණුදෙනු දෙක තුනක් හරියට දානවනමි කීයක් විතර ගන්න පුලුවන්ද ? හැබැයි එකක් මතක කියා ගන්න. $ 100 ක් දාලා ලක්ෂ ගණන්නමි හොයන්න යන්න එපා. එහෙම කරන්න බෑ.

03). MT4 Software එකේ පෙනුම - ඔය හැමෝම තමන්ගේ MT4 Software එකේ අපිට අවශ්‍ය මුදල් වර්ග වලට විතරක් Chart තියාගන්න. හැම මුදල් වර්ගයක Chart Open කර ගෙන තියාගන්න එපා. මොකද එහේම කළා කියලා වැඩකුත් නැනේ. තමන් Trade කරන මුදල් වර්ග ඇරෙන්න අනෙක් Chart ඔක්කෝම අයින් කරලා දාන්න. ඔය හැම Software එකක්ම මුලින් Install කරාට පස්සේ තියෙන්නේ පැය 4(H4) Chart. ඒ කියන්නේ, අතීතයේ ඔය මුදල් වර්ගය ගමන් ගත් ආකාරය පැය 4 න් 4 ට පෙන්වනවා කියන එක. ඉතින් ඔයා මෙචිචර විශාල කාලසීමාවකින් අතීතයේ වෙළද පොල ගමන් ගත් ආකාරය බලලා Trading කරන්න බැ. ඒවා එක්කෝ විනාඩි 5 න් 5 ට හෝ 15 න් 15 ට තියෙන ප්‍රමාණයට හාදා ගන්න ඕනෑ. ඒක ඔයාට කරන්න පුලුවන් බලන්න ඔයාගේ MT4 Software එකේ Chart එකට උඩින් ඇති  M1, M5, M15, M30 ආදි වශයෙන්. අන්න එතනින් M5 කියන එක ක්ලික් කරන්න.


වෙළද පොල ඉහළ යයිද, පහළ යයිද, අපි කලින් දැන ගන්නේ කෙසේද?


හොදයි දැන් අපි බලමු අපිට වෙළද පොල ඉහළ යන අවස්ථා හා පහළ යා හැකි අවස්ථා කලින් හදුනා ගන්නේ කොහොමද කියලා. හැබැයි මතක තියා ගන්න මේක Basic අවබෝධයක් සදහ පමණයි මම ලියන්නේ. අපිට මේ ගැන විශාල වශයෙන් කථා කරන්න තියෙනවා ඉස්සරහට. ඒවා ඉදිරි ලිපිවලදි පිළිවෙළට කථා කරමු. කාට වුනත් තියෙන ප්‍රධාන ප්‍රශ්ණය තමයි දැන් වෙළද පොළ ඉහල යයිද පහළ යියද කියලා හරියට කලින් දැන ගන්නේ කොහොමද කියලා. සමහරැ ඔය Candle Stick Pattern, Technical Analysis ආදි ක්‍රම භාවිතා කරනවා මේක දැන ගන්න. ඒ අයගේ MT4 දැක්කම බය හිතෙනවා. හතර වටේටම ඉරි ගහගෙන. හැබැයි එකක් අද වෙනකමි වෙළද පොළ ඉහළ යියද පහළ යයිද කියලා හරියටම කියන්න පුලුවන් කිසිවෙක්  ලොකේ නැ. නමුත් නිවැරදි අනුමාන කරන්න පුලුවන්. ඔය මම පහතින් දාලා තියෙන සරල ක්‍රම කිහිපය භාවිතා කරලා බලන්න සාර්ථකද කියලා. ඉතා වැදගත් ක්‍රම ඉස්සරහට එන්න තියෙන ලිපි වල එන්න තියෙනවා.

එ වගේම මම තව දෙයක් කියන්න ඕනෑ. මොකද මම මේක කියන්නේ ඔය Technical Analysis වගේ ලස්සන ලස්සන දේවල් වලට අහුවෙලා ගිණුමි Loss කර ගත්ත අයට. ඔය Technical Analysis හදලා තියෙන්නේ ඒක මතම ගණුදෙනු දාන්න නෙමෙයි. අපට දළ අවබෝධයක් ගන්න පමණයි. ඉතින් ඔය දන්නෙ නැති ගුරුවරු මේක තමයි නියම දේ කියලා එන එන අයට මෙ වගේ ලස්සන දේවල් පෙන්නලා රවට්ටන එක තමයි කරන්නේ. එන අයත් ඉතින් මේ ලස්සන දෙවල වලට රැවටිලා අන්තිමට ගිණුමි වල තියෙන්නේ Loss විතරයි. ඉතින් මම වැඩි හරියක් අවධානය යොමු කරන්නේ ආර්ථික වෙනස් විම වලට. Technical Analysis කියලා දෙනවා. හැබැයි ප්‍රධානම දේ ආර්ථික වෙනස් වීම මත Trading යොදන ආකාරය කියලා දීම. මොකද Forex Market එකේ මිල ඉහළ පහල යන්නේ මේ Software එකේ තියෙන ඉරි කැලි නිසා නෙමෙයි. ලෝක ආර්ථිකයේ සිදුවන වෙනස් වීමි නිසා. ඔයා Internet Connection Disconnect කලොත් MT4 එක නවතිනවා. නමුත් Forex Market එක නවතිනවද ? නැනේ. ඔය හැම Indicator, RSI, MCDA, Technical Analysis, Candle Stick Pattern ආදි දෙවල් වලින් කරන්නේ ඒවා ලියලා තියෙන Program Script මත වැඩ කිරීම පමණයි . හැබැයි ඒවයේ ප්‍රයෝජනයක් නැතිව නෙවෙයි. මොකද අපිට එවයින් යම් වෙනස් වීමක් අදුර ගන්න පුලුවන්. හැබැයි ඒක තවත් ලේසි අපි ආර්ථිකය හැසිරෙන ආකාරයෙන් වෙනස් වීම් අදුර ගන්න තව තවත් උත්සහ කරොත්. එහෙම නැතිව ඔය සමහරු උගන්නවා වගේ Technical Analysis වලින්ම යැපෙන්න ඉගෙන ගත්තොත් නම් ලොස්ම තමයි. වැදගත්ම කාරණය වෙළද පොළ වෙනස්වීම එහෙම කාටවත් හරියට කියන්න බැරි දෙයක් වගේම කරන්න පුලුවන් වෙන්නේ ඉතා ආසන්න අනුමානයක් පමණයි. ඒක නිසා අපිට හරියටම කියන්න බැරි දේ කොහෝමද Software එකක් කියන්නේ. වෙළද පොල අනුමාන කරන්න පුලුවන් හොදම විදිය තමයි ඉස්සෙල්ල අපි ඉගෙන ගෙන මෘද්‍රකාංගයෙන් දෙන දේවල් භාවිතා කරන එක.


Mountain Range System

Mountain Range System - භාවිතා කරන ආකාරය

මුලින් මතක තියාගන්න. මේ සරල ක්‍රමයක්. හැමෝම කදු පන්ති දැකලා තියනවා නේ. කදු පන්තියක් කොහෝමද යන්නේ. ඉහළට ටිකක් ඊළගට පහළට. ආයේ ඉහළට.. අයේ පහළට. හොදින් බලන්න Forex Market එකත් ඒ විදියමයි. ඔය මම පහළින් දාලා තියෙන්නේ Daily time එකෙන් ගත්ත Screenshot එකක්. හොදට බලන්න මම මේ කියන විදියට නෙමෙයිද වෙළද පොල ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ විදියට නේද ගිහිල්ලා තියෙන්නේ.

  


ඉතින් මෙතනදි අපට ගන්න පුලුවන් අදහස තමයි “කන්දක් නැග්ගොත් පල්ලමක් අහුවෙනවා කියන “ කථාව. හොදට බලන්න එහෙම වෙළාද නැද්ද කියලා. ඉතින් සාමාන්‍ය ගණුදෙනු වළදි ඔයාට මේ ක්‍රමයත් දළ අදහසක් ගන්න භාවිතා කරන්න පුලුවන්. නමුත් එක දිගට පහළ යන අවස්ථාවක් නම් එසේ පහළ ගොස් නතර වන තුරු බලා ඉන්න. එක දිගට ඉහළ යන අවස්ථාවක් නමි ඉහළ ගොස් නතර වන තුරු බලා සිටින්න. ඉහළ හෝ පහළ ගොස් නතර වු තැනදි ඔබට ගණුදෙනුවක් යොදන්න පුලුවන්. ඔයා දැනට Demo Account Trading කරන නිසා මෙම ක්‍රමය අත්හදා බලන්නකෝ හරියන්නේ නැතිද කියලා. හැබැයි මෙවැනි ක්‍රම වලදි වැඩි පුරා ලාභ ලැබන තෙක් බලා ඉන්න හොද නැ. සාමාන්‍යෙයන් Pips 10 - 15 ක් ගිය සැනින් ලාභය ගන්න ඔයා දැන ගන්න ඕනෑ. නැතිනමි ආයෙත් අනිත් පැත්තට යන්න පුලුවන්.

සාමාන්‍යෙයන් මෙම ක්‍රමය පහත ආකාරයෙන් භාවිතා කරන්න පුලුවන්. ඔයාලත් උත්සහ කරලා බලන්න.

  • Chart එකේ ඉහළටම වෙළද පොල ගිහිල්ලා තියෙනවනම් එතනින් අදහස් වෙන්නේ අපි ඉන්නේ කන්දේ මුදුනේ කියන එක. ඉතින් ඊට පස්සේ අහුවෙන්නේ පල්ලමක් නේ. එතකොට මේ කන්ද මුදුනේදි හෙවත් Chart එකේ මුදුනෙදි අපි දාන්නේ මොකක්ද ? Sell Trade එකක්. මොකද වෙළද පොල ඊළගට පහල යන නිසා.
  • Chart එකේ පහළටම වෙළද පොල ගිහිල්ලා තියෙනවම් අපි මොකක්ද දාන්නේ. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ කන්දේ පහල. අපිට ඊළගට හමිබුවෙන්නේ නැවතත් කන්දක් හෙවත් නැග්මක්. අන්නේ මේ වගේ අවස්ථාවල හෙවත් Chart එකේ පහළටම ඇවිල්ලා තියෙන කොට BUY TRADE එකක් තමයි අපිට දාන්න පුලුවන්. මොකද ඊළගට නැග්මක් නිසා.

මේක හොදට අධ්‍යනය කරන්න. දැන් මේකට අනුව Chart එකේ ඉහළදි Sell Trade හා Chart එකේ පහළදි  Buy Trade තමයි අපි දාන්න ඕනෑ.


ඉතින් මෙ ක්‍රමයට ඔයාට භාවිතා කරන්න පුලුවන් M15 වෙලාවෙන් තියෙන Chart එක. ඔන්න මම තවත් Screenshot එකක් පහතින් දාලා තියෙනවා.


 


මේ උඩ පින්තුරයෙන් දාලා තියෙන්නේ විනාඩි 15 න් ගත්ත එකක්. එකෙත් ඒ විදියටම නේද වෙළද පොල ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා මේක ටිකක් අත්හදා බලන්නකෝ...මොකද අපි එකින් එක අවබෝධයට අරගෙන ඉදිරියට යමු. ඇත්තටම තව ක්‍රම රාශියක් තියෙනවා ලියන්න. අනෙත් ඒවා මම ඊළග ලිපියේ ඉදලා කථාකරනවා. මම මේ එකක් විතරයි ඔයාට කියලා දුන්නේ. කොහොම උනත් මේ ක්‍රමය භාවිතා කිරිමේදි කොන්දේ සි කිහිපයක් තියෙනවා. එවත් අවබෝධයට ගන්න.

01.දකින දකින සෑම අවස්ථාවකම ගණුදෙනු නොයෙදිය යුතුයි

02. වඩාත් පැහැදිලි නැග්මක හෝ බැස්මකදි පමණක් මෙම ක්‍රමය භාවිතා කළ යුතුයි.

03. මෙම ක්‍රමයෙන් යොදන ගණුදෙනු වලින් විශාල ලාභ ලබා ගැනීම සදහා රදවා ගැනීම නොකළ යුතුයි.

04. බැස්ම හෝ නැග්ම අවම වශයෙන් Pips 30 ක් වත් යන තුරැ සිටිය යුතුයි.

ඉතින් මෙම කොන්දේසි එක්ක ඔයාම අත්හදා බලලා ප්‍රශ්ණ තියෙනවනමි අහන්නකෝ support@forexsl.com. අනෙක් කාරණය මෙ මම දාලා තියෙන්නේ එක සරල ක්‍රමයක් විතරයි. මේ වගේ තව ගොඩක් ප්‍රයෝගික ක්‍රම මම ඊළග ලිපි වලින් ඉදිරිපත් කරනවා. එතකන් මේක අත්හදා බලන්න