How to Earn Money in Forex

Forex වෙළදපොල තුල සිදුවන්නේ කුමක්ද?

හොඳයි මම දැන් ඔයාලට Forex වෙලදපොලේ ක්‍රියාකාරිත්වය පිළිබද දළ අවබෝධයක් ලබාදෙන්නයි යන්නේ. අපි ලෝක මූල්‍ය වෙලදපොලේ ක්‍රියාකාරිත්වය විමසා බලන්න පෙර, අපේ රටේ තියෙන කොළඹ කොටස් වෙළදපොල පොලේ ක්‍රියාකාරිත්වය ගැන චුට්ටක් සරලව දැන ගමු.


ලංකාවේ ලියාපදිංචි පොදු සමාගම් තම ප්‍රාග්ධනය ලබාගැනීම සදහා තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනය කුඩා ප්‍රමාණ (කොටස්) වලට වෙන්කරලා පොදු මහජනතාවට ආරාධනය කරනවා ඒ කොටස් මිලදී ගන්න. එතකොට කැමති අයට පුළුවන් තමන්ගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණයට සමානව කොටස් වෙළදපොල පොලේ තැරව්කාර සමාගමක් හරහා ඒ කොටස් මිලදී ගන්න. මෙහෙම මිලදී ගන්න කොටස් වලට වර්ෂය අවසානයේ යම් ලාභ ප්‍රමාණයකුත් ලැබෙනවා. හැබැයි ගොඩක් අය මේ කොටස් මිලදී ගන්නේ මේ වර්ෂ අවසානයේ ලැබෙන ලාභ බලාපොරොත්තුවෙන් නෙමේ. බොහෝ අය කරන්නේ යම් මිලකට කොටස් මිලදී අරගෙන එම කොටස් වල මිල වැඩි උනාම වැඩි වූ මිලට තව කෙනෙකුට විකුණා ලාභ ලබා ගැනීමයි. පහත පෙන්වා තියෙන සරල උදාහරණය අධ්‍යනය කලාම ඔබට මෙය වැටහේවි.



හොදයි හිතන්න A කියන සමාගම තම කොටස් රු. 100 බැගින් නිකුත් කරලා තියෙනවා. ඔබ ළග තියෙනවා රු. 100,000. ඔබ මේ රු. 100,000 යොදවා A කියන සමාගමේ කොටස් 1000 මිලදී ගන්නවා. ඊට දින කිහිපයකට පසුව A කියන සමාගමේ කොටසක අගය ඉහල යනවා රු. 105 දක්වා. එවිට ඔබ, ඔබ ලග තිබෙන කොටස් සියල්ල මේ මිලට විකුණා දමනවා. බලන්න ඔබ එහිදී ලාභ ලබන ආකාරය.



A සමාගමේ කොටසක අගය                                   = රු. 100

ඔබ ලග ආයෝජනය සදහා තිබෙන මුදල                  = රු. 100,000

ඔබ මිලදී  ගන්නා කොටස් ප්‍රමාණය                           = රු. 100,000 / රු. 100

                                                                                           = කොටස් 1000

මිල වැඩි වූ පසු කොටසක අගය                                  = රු. 105

වැඩි වූ මිලට කොටස් විකිණීමෙන් ලැබෙන මුදල   = රු. 105 X කොටස් 1000

               = රු. 105000

කොටස් විකිණීමෙන් ඔබ ලබන ලාභය                     = රු. 105000 - රු. 100,000

                                                                                            = රු. 5,000

 

ඉහත උදාහරණයෙන් දැක්වුයේ අප රටේ කොටස් වෙලදපොලේ සාමාන්‍ය සාමාන්‍යයෙන් සිදුවෙන ක්‍රියාවලියයි. ලෝක මුල්‍ය වෙළදපොල නැතිනම් Forex Market එකේ සිද්ධවෙන සිද්ධාන්තයත් මේ හා සමානයි. එනම් මිලදී ගන්නවා විකුණනවා ලාභ ලබනවා. හැබැයි එතන මිලදී ගන්නේ හා විකුණන්නේ කොටස්  නෙමේ. එහෙනම් මොනවද? ඊලග පරිච්ඡදයේදී ඒ ගැන සවිස්තරව විමසා බලමු.

 

 Forex වෙළදපොළ අප ආදායම් මාර්ගයක් කරගන්නේ කෙසේද?

බොහෝ  දෙනෙක් Forex Market එක පිළිබදව නොදැන සිටියත් , මෙයින් ආදායම් ලැබිය හැකි බව නොදැන සිටියත්, නොදැනුවත්වම ඔබ Forex මුල්‍ය වෙළද පොලට සම්බන්ධ වි ඇති බව දන්නවාද? ඔබ  විදේශිය රටකට ගියත්, එසේ නැතිනම් විදේශීය රටක සිටින නෑදැයෙක් හෝ මිතුරෙක් ඔබට මුදල් එවනු ලැබුවත්,  ඔබ විදේශ රටකින් යම් කිසි භාණ්ඩයක් ගෙන්වා ගෙන තිබුනත්, මෙහි සදහන් කළ එකකට හෝ ඔබ සම්බන්ධ වි ඇත්නම් ඔබ නොදැනුවත්වම Forex සිදුකර තිබේ. එසේ වන්නේ කෙසේදැයි දැන් ඔබට ප්‍රශ්නයක් පැන නැගි ඇතුවාට සැක නැත. එසේනම් පහත විස්තරය කියවන්න. මෙය පහැදිලි කිරීම සදහා ඉහත සිදුවිම් වලින් එක් උදාහරණයක් ගෙන ඇත. (දැන් ඔය සමහර අය දන්නේ නෑ තමන් දැනටමත් Forex කරනවා කියලා. හැබැයි එයාලට Forex ගැන  කිවිවොත් කියන්නේ “මේක මහ බොරැවක් “ කියලා. ඒවුනාට එහෙම කියන අයත් නොදැනුවත්වම Forex Trading කරනවා. ඒ කරන ගනුදෙනු වලින් ලාභ ගන්නේ බැංකු. ඒ ගැන එයාලට තේරෙන්නේ නෑ.  හැබැයි ඒ බැංකු ගන්න ලාභය අපේ අතට ලබාගන්න පුළුවන් කියලා ඒ අය දන්නවනම් කවදාවත් එහෙම කියන්නේ නැතිවෙයි. )

 

හොදයි අපි ගමු උදාහරණයක් විදියට ඔබ පිට රටකින් Ebay, Amozon.com, Alibaba.com වැනි ආයතනයකින් සපත්තු ජෝඩුවක් ගෙන්වා ගැනීම.



සපත්තු ජෝඩුවක මිල $ 100 ක් ලෙස ගනිමු. ($ යනු USD - United State Dollar වේ). එසේනම් මෙය මිලදි ගැනිමට ඔබ කුමක් කල යුතුද? මේ සදහා ඔබ ගෙවීමි කිරීමට කුමන ක්‍රමයක් භාවිතා කලත් (Credit Card , International Debit Card ) ලංකාවේ සිට එය සිදු කරන්නේ නම් කළ යුතු වන්නේ රුපියල් වලිනි. (ඒ කින්නේ අපි ඉන්නේ ලංකාවේ. ලංකාවේ පාවිචිචි වෙන්නේ රුපියල් නිසා ඔයා මොන රටක දෙයක් මිලදි ගත්තත් අපිට ගෙවන්න වෙන්නේ රුපියල්. ඔයා රුපියල් වලින් බැංකුවට ගෙවිවාට පස්සේ බැංකුව තමයි ඒ අදාල මුදල USD වලට හරවලා අදාල ආයතනයට ගෙවීම කරන්නේ. මේක ඉතින් ඉතා ක්ෂණිකව වෙන දෙයක් නිසා වැඩිය හිතන්න යන්න එපා. දැන් තේරුනාද ?) Credit Card, International Debit Card හරහා ක්ෂණිකව ගෙවිම සිදු වුවද එය සිදු කළ යුත්තේ බැංකුවක් හරහා බැවින් ඔබ ගෙවිම් කරන්නේ රුපියල් වලිනි. එනම් ඔබ රුපියල් වලින් බැංකුව වෙත අදාල ගෙවිම සිදු කරන අතර බැංකුව විසින් එය USD වලට හරවා අදාල ආයතනය වෙත ගෙවීම සිදුකරනු ලබනවා. එය පහත පරිදි විස්තර කර ඇත.



අද දින රුපියලේ අගය ඩෝලර් වලට හුවමාරු වෙන්නේ රු. 170 ට යැයි සිතමු. (රු. 170 යනු  ඩොලර් එකක් ගැනිමට ඔබට වැය වන රුපියල් ප්‍රමාණයයි.) එනම් ඔබට සපත්තු ජෝඩුව මිලදී ගැනීම සදහා වැය වන මුදල වන්නේ,  100 x රු. 170 = රු. 17,000/- කි. එනම් මෙම සපත්තු ජෝඩුව මිලදි ගැනිම සදහා ඔබට ලංකාවේ රුපියල් වලින් 17,000 ක් අවශ්‍ය වේ. ඔබ බැංකුවට මෙම මුදල රුපියල් වලින් ගෙවු පසු ඔබ බැංකුවට කරන ගෙවිම , බැංකුව විසින් අදාල ජ්‍යාත්‍යන්තර ආයතනය වෙත සිදු කරන බැවින් ඔබ නොදැනුවත්වම විදේශිය මුදල් හුවමාරුවක් සිදු කර තිබේ. මෙහිදි ඔබට ලාභයක් නොලැබුනත් බැංකුව විසින් ලාභයක් ලබා තිබේ. මා විසින් මෙසේ සදහන් කල මෙම ගණුදෙනුව තුලදි දැන් ඔබට මුදල් වර්ග දෙකක් හුවමාව සදහා අවශ්‍ය වු බව වැටහෙනු ඇත. එනම් ඇමෙරිකානු ඩොලර් හා රුපියල්ය. එය සංකේතාත්මකව දක්වන්නේනමි USD/LKR ය. ලෝක මුල්‍ය ‍සිදුවන්නේද මෙයයි.

 

එසේනම්  අප Forex මගින් ආදායම් ලබන්නේද මෙයාකාරයෙන් මුදල් වර්ග එකිනෙකට සෘජුවම හුවමාරු කිරිමෙනි. එනම් Euro , USD වලට , GPB , USD වලට හුවමාරු කිරිම ආදි වශයෙන්. එනම් යම් මුදල් වර්ගයක් එකින් එකට හුවමාරු කිරිමයි. එය සිදුවන්නේද රුපියල් ඩොලර් වලට හුවමාරැ වන ආකාරයෙන්ම වුවද අප විසින් ලෝක මුල්‍ය වෙළද පොලට තැරැවිකාර ආයතන මගින් සමිබන්ධ වි ඇතිනම් මෙම හුවමාරැ ගණුදෙනු අපටම සිදු කර ගත හැකිය. සරලම වශයෙන් එය Forex Trading ලෙස හදුන්වනු ලැබේ. මෙසේ එක් එක් මුදල් වර්ග එකිනෙකට මිලද ගැනිම හා විකිණිම තුලින් මුල්‍ය වෙළද පොළ හරහා ඉතා විශාල ලාභයක් ලැබිය හැකි වනවා. (මෙතනදි කියන්නේ Forex මගින් කොහොමද ලාභ ගන්නේ කියන එක. දැන් අර ඉහත සපත්තු ජෝඩුව මිලදී ගැනීමේ ගණුදෙනුව ගැන හිතන්න. ඒක ඔයාගේ පැත්තෙන්නම් හිතුවොත් ලාභයක් ලැබෙන හැටි තෙරෙන්නේ නැ. නමුත් බැංකු පැත්තෙන් හිතන්නකෝ. එතකොට තේරෙයි. ඒ කියන්නේ බැංකුව අදාල මුදලට රුපියල් වලින් ඔයාගෙන් අරගෙන එක USD වලින් ගෙවීමි කරනවා. ටිකක් හිතලා බලන්න ඔය මුදල් අනුපාත කියන කොට කියනවා නේද අද ඩොලරයකට සාපෙක්ෂව රුපියලේ ගැනුමි මිල මෙචිචරයි විකුණුමි මිල මෙචිචරයි කියලා. උදාහරණයක් ගත්තොත් ඇද ගැනුම් මිල රු. 170 , විකුණුමි මිල රු. 175 කියලා හිතන්න. ඇයි මේ දෙකක් කියන්නේ. ඒක තමයි බැංකු ලාභ ගන්න ක්‍රමය. ඉතින් දැන්  ඔබට මෙම ක්‍රියාදාමය මුල්‍ය වෙළද පොළට බලපාන ආකාරය හා එයින් ලාභ ලබන්නේ කෙසේද යන්න ගැටලුවක් වන්නට පුලුවන. මෙම ලිපියෙන් ඉහළින්ම අප ඉදිරිපත් කල කොටස් වෙළද පොල උදාහරණයේදි මෙන්ම Forex Market දීද අප විසින් සිදු කරනු ලබන්නේ යමි විදේශිය මුදල් වර්ගයක් මිලදි ගෙන මිල වැඩි වු විට විකුණා ලාභ ලැබිමයි.

 

අප  ඉහත සදහන් කරන ලද කොටස් වෙළද පොල උදාරණයට අනුව ඔබ මුලික වශයෙන් රැ 100,000  යොදවා ලැබෙන ලාභය රු. 5,000 ක් වැනි අඩු මුදලකි. එසේම කොටස් වෙළද පොළ  ගනුදෙනු Forex මුල්‍ය වෙළද පොල මෙන් ඉක්මන් නැත. එබැවින් විශාල මුදලක් ආයෝජනය කර ලැබිය හැකි වන්නේ සුලු ලාභයකි. කොටස් වෙළද පොලේ එසේ වුවද මුල්‍ය වෙළද පොලේ $ 100 ක් එනමි රැපියල් 17,000 ක්  පමණ ආයෝජනය කර මාසිකව රැපියල් 30,000 ක් දක්වා වුවද නොඑසේ නම් ඊට වඩා උවද ලාභ ලැබිමේ පැහැදිලි අවස්ථාව ඇත. කළ හැකිය. එසේම නිවැරදිව හාදාරන්නෙකුට මෙය  තම මුලික රැකියාව වශයෙන් වුවද කළ හැකි බව මතක තබා ගන්න.