Demo Accounts

Demo Account වලින් ඔබ නිවැරදිව පුහුණුව ලැබුවද?


දැනටමත FOREX SL සාමාජිකයන් මෙන්ම තවමත් සාමාජිකත්වය ලබා ගන්න සිතාගෙන ඉන්න සියලු දෙනාත් මේ වෙද්දී Demo Account හොදට පුරුදු පුහුණු වෙන්න ඇති කියලා හිතනවා. Demo Account හදලා නිකන් හිටියොත් නම් ඔබට තවදුරටත් Trader කෙනෙක් විදියට FOREX Market එකේ රැදෙන්න බෑ. ඒ නිසා මම හිතුව Demo Account ගැන තව දුරටත් පැහැදිල කිරීමක් කරන්න ඕනෑ කියලා. ඇත්තටම සමහරු හරියට ලිපි කියවන්නේ නැතිව එකවරම Trading කරන්න යනවා. එහෙම උනාම තමයි ඔබට මේ බොහොමයක් ප්‍රශ්ණ පැන නගින්නේ. ඒවාට උත්තර හොයන්න අයෙත් මම දාල තියෙන ලිපි එහෙන් මෙහෙන් කියවගෙන යනවා ඒ අයට ප්‍රශ්ණ ආපු තැන් හමුවෙනකම්. මේක ඇත්තටම සාමාන්‍යයෙන් මුළු ලිපි සියල්ලම පිලිවෙලට කියවලා වැඩේට බහිනවට වඩා කාලය ගතවෙන වැඩක්. ගොඩක් අය එහෙම නැ, සමහර අය ගැන මම මේ කියන්නේ. ඒ අයට ගමේ භාෂාවෙන් කියන්නේ "තදියන් කාරයෝ" කියලා. හොඳයි, ඉතින් මේ ලිපියෙන් මම උත්සහ කරන්නේ Demo Account ගැන ඇතිවන ගැටලු ටිකක් පැහැදිලි කරන්න.


මොකක්ද මේ Demo Account කියන්නේ?


බොහෝ අය දන්නවා මේ වෙද්දී Demo Account කියන්නේ පුහුණු කිරීමේ ගිණුමි වලට. ඒ කියන්නේ ඇත්ත මුදල් යොදවනවා වෙනුවට අපිට පුලුවන් නොමිලේම බොරැ මුදල් (Virtual Money) අරගෙන Real Account වලට යන්න කලින් හොදට පුහුණු වෙන්න. ඒ කියන්නේ වෙළද පොළ ගණුදෙනු කරන ආකාරය ගැන හොද පුහුණුවක් ලබන්න තමයි මේ Demo Account අපිට දෙන්නේ. ඉතින් අපිට මේකෙදි හිතේ හැටියට ඕනෑ විදියට ගනුදෙනු කරලා බලන්න පුලුවන් වෙළද පොළ කොහොමද වැඩ කරන්නේ කියලා. අපිට Forex Trading වල ලැබෙන ලොකුම වාසිය තමයි මේ Demo Account. Account Demo උනාට අපි ගණුදෙනු කරන්නේ සත්‍ය වෙළඳ පොලේ. ඒ කියන්නේ අපි Real Account පටන් ගත්තත් මේ විදියම තමයි. ඒ නිසා අපේ මුදල් යොදවන්න කලින් අපිට පුළුවන් හොඳට මේ Demo Account හරහා පුහුණු වීම් කරන්න. වැරදෙන් තැන් හොයාගන්න. ඒ වගේම වැරදිවලට හේතු සොයාගෙන ඒවා හදා ගන්න. ඉතින් අපිට අපි ගැනම විශ්වාසයක් ආවට පස්සේ අපිට පුළුවන් මුදල් යොදවලා Real Trading කරලා ලාභ උපයන්න. මේ දේවල් වලින්ම පේනවා Forex Trading කියන්නේ කොයි තරම් සත්‍ය හා වෘත්තීමය ක්‍රියාවලියක් ද කියලා.


අපි Demo Account විවෘත කර ගෙන කරන්නේ මොකක්ද ?

සමහරු Demo Account වලින් මුලින් විවෘත කර ගත්ත ගමන්ම ලාභ හොයන්න යන්නේ. හැබැයි හරියට යන කෙනෙක් එහේම කරන්න ඕනෑ නැ. ඉස්සෙල්ලාම මම කලින් ලිපි වල දාලා තියෙන විදියට ඔයාගේ මෘදුකාංගය පිළිවෙළකට හදා ගන්න. ඊට පස්සේ සතියක් විතර හිතු හිතු හැටියට ගණුදෙනු දාන්න. Trading Open කරන්න. Trading close කරන්න. Buy or Sell ඕනෑම ගණුදෙනුවක් ඕනෑ හැටියට දාන්න. Loss Or Profit මොකක් ආවත් කම්ක් නැ. මොකද මේ අපි පළමු සතිය තුල කරන්නේ වෙළද පොලේ ගනුදෙනු යොදන ආකාරය පුහුණු වෙන එක මිසක් ලාභ ගන්න උත්සහ කරන එක නෙවෙයි. හොදින් මතක තියා ගන්න. අපිට මෘදුකාංය හරිට පුහුණුවක් නැතිව ලාභ ගන්න බැ. ඒක නිසා ලාභ හොයන්න යන්න කලින් හොදට මෘදුකාංගය පුහුණු වෙලා ඉන්න එක වැදගත්. ඒක නිසා පළමු සතියම වෙන් කරන්න මේක හොදට පහුණු වෙන්න. ඒක නිසා ඔයා පහත දේවල් ටික කරන්න ඕනෑ පළමු සතියේ මුල ඉදලා හරියට මේ ගමන යන්න ඕනෑ නම්.

  • MT4 Software එක පිළිවෙළද හදා ගන්න.
  • ලිපි වල දාලා තියෙන විදියට හිතු හිතු ආකාරයට ගනුදෙනු විවෘත කරන්න
  • හිතු හිතු ආකාරයට ගණුදෙනු close කරන්න.
  • Chart වල තියෙන වෙළද පොළ ඉහළ පහළ යන ආකාරය හොදට බලා ගන්න. ඒ ගැන හොයන්න
  • මේ මුල් සතියේ ලාභ හෝ ආලභ මොක ආවත් තමක් නැ.
  • අවශ්‍ය වෙන්නේ ලාභ සෙවිම නොව මෘදුකාංලය හා වෙළද පොළ ඉහළ පහළ යන ආකාරය ගැන හොද අවබෝධයක් මුලින් ලබා ගැනීම


හරි දැන් දෙවෙනි සතියට ආවට පස්සේ මේ විවෘත කර ගෙන ලාභ තියෙන හො අලාභ තියෙන Trade ඔක්කෝම close කරලා දාන්න. එකක්වත් තියන්න එපා. දැන් මේ ඔක්කෝම close කරලා දැමිමට පස්සේ තමයි ඔන්න ලාභ ගන්න ඕනෑ විදියට වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ. මොකද මුල් සතියේ ඇති කරමි ගණුදෙනු දාලා දැන් හොද පුහුණුවක් ඇතිනේ එ ගැන. ඒක නිසා දැන් හොදට හිතලා ගනුදෙනු දාන්න දෙවෙනි සතියේ ඉදන්. ලාභ මිසක් අලාභ ගන්න බැ. දැන් මෙතනදි ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කොහෝමද වෙළද පොළ ඉහළ පහළ යන එක දැන ගන්නේ කියලා. එකට අදාල ලිපිය ඊළග එකේ තියෙනවා. ඒක කියවන්න. මේක හරියටම දැන ගන්නා ආකාර ගැන සාමාජිකයින්ට පමණක් ලිපි වල තියෙනවා. කියවගෙන ඉදිරියට යන්නකෝ. ඔන්න දැන් ඔයා දෙවෙනි සතියේ කරන්න ඔනි පහත සදහන් දේවල් ටික

  • හොදට හිතලා ගණුදෙනු දාන්න.
  • දාන ගණුදෙනු වලින් ලාභ පමණක් ගන්න උත්සහ කරන්න.
  • Trading Open කරන ගමන් වෙළද පොළ ඉහළ පහල යන හැටිත් හොදට අධ්‍යනය කරන්න.
  • කිසිම ගනුදෙනුවක් අලාභ වෙන්න දෙන්න එපා. සමහර ඒවා අලාභ යන්න පුලුවන්. 70% ක් වගේ ලාභ ගත්තමි හොදයි.


හරි මේ විදියට කරලා බලන්න කොහමද හොද අවබෝධයක් එන්නේ නැද්ද කියලා. මොකද සමහරු ඔය Demo Account විවෘත කර ගෙන කරන්නේ වෙන දේවල්. පුහුණුවක් ගන්න එක නෙවෙයි කරන්නේ. ඉතින් මේ විදියට දෙවෙනි සතියේ පුහුණු උනානමම් නොදැනිම ඔයාට හොද අවබෝධයක් එවි. විශ්වාස නැත්නනමි කරලම බලන්න. හැබැයි දෙවෙනි සතියේදි පුලුවන් තරමි ලාභ ගන්න උත්සහ කරන්න. අලාභ නැතිව.

Demo Account පුහුණු වන විට එන පොදු ගැටලු

මම කලින් කිවිවා වගේ Demo Account වලදි අපි ලොකු දේවල් ගොඩක් කරන්න නැ. කරන්න කියෙන්නේ වෙළද පොළ අධ්‍යනය කර ගමන් ගණුදෙනු යොදන ආකාරය පුහුණු වෙන එක. ඉතින් මේවා කර ගෙන යනකොට පහත ගැටලු එන්න පුලුවන්.

Swap කියන්නේ මොකක්ද? - Swap කියලා කියන්නේ අපි Open කරලා එදිනම close නොකර තියා ගන්නා  Open Trading වලට අපෙන් අය කරගන්නා හෝ අපට ගෙවන Commission එකක්. මේක වැටෙන්නේ ඔය MT4 එකේ යට කොටසේ තියෙන අපේ ගණුදෙනු විස්තර පෙන්වන තැන. අපට Commission එකක් ගෙවනවද අපෙන් Commission එකක් අයකර ගන්නවද කියලා තීරණය වන්නේ අපි Trade එක සඳහා තෝරාගන්න ලද Currency Pair එක අනුව සහ අපි Open කරන ලද Trade ඒ දිනය අවසානය වනවිට ධන (+) ද සෘණ (-) ද  කියන එක අනුවයි.

Open Trade කොචිචර කාලයක් තියා ගන්න පුලුවන්ද ? - මේකත් සාමාන්‍ය ප්‍රශ්ණයක් ගොඩක් අය අහන. ඔව්. තමන්ග් ගිණුමේ මුදල් තියෙන ප්‍රමාණය අනුව , Risk Area එක ඇතුලේ ඕනෑම කාලයක් තියා ගන්න පුලුවන්. ඔය Risk Area කියන්නේ මොකක්ද කියන එක ගැන ඉදිරි ලිපි වලදි කියලා තියෙනවා.


හොඳයි ඔයාලට ප්‍රශ්ණ තියෙනවනම් දැන්ම අපිට ලියන්න support@forexsl.com