The Curruncies Available in the Forex Market

Forex වෙළද පොළ තුල භාවිතා වන මුදල් වර්ග

මේ වෙද්දී මා පල කල ලිපි අධ්‍යනය කිරිමෙන් මුල්‍ය වෙළද පොල හෙවත් Forex පිළිබදව දළ අදහසක් ඔබට ලැබෙන්නට ඇති. එසේම එයින් ලාභ ලබන්නේ කෙසේද , යන්න පිළිබදවද ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇති. මේ ලිපියෙන් මා අවධානය යොමු කරන්නේ ලෝක මුල්‍ය වෙළද පොලේ හුවමාරු වන්නා වු මුදල් වර්ග හා ඒවායේ භාවිතාව පිළිබදවය. මන්ද Forex Market හි ප්‍රධානතම ගණුදෙනු මුලාශ්‍රය වන්නේ විදේශිය මුදල් බැවින් අප ඒ පිළිබදවද හොද අවබෝධයකින් සිටිය යුතු විම නිසයි. මතක තියා ගන්න Forex වෙලද පොලේ රුපියල් භාවිත වෙන්නේ නෑ.


Forex Market හි ප්‍රධාන වශයෙන් හුවමාරු වන්නේ විදේශිය රටවල් වල භාවිතා වන ප්‍රබල මුල්‍යන්ය. මම කලින් කිව්වා වගේ මෙම වෙළද පොලේ අපට ගණුදෙනු කිරිම සදහා රුපියල නොමැත. ඒ නිසා අපට ගණුදෙනු කිරිමට සිදුවන්නේ ද විදේශිය මුදල් සමගිනි. ආධුනිකයෙක් වශයෙන් ඔබට මේ පිළිබදව යම් චකිතයක් ඇති වන්නට පුලුවන් නමුත් නිසි පරිදි අධ්‍යනය සිදුකරන්නේ නම් මෙය ඉතාම පහසු මුදල් ඉපයිමේ ක්‍රමයක් බව ඔබට පහසුවෙන්ම වටහා ගැනිමට හැකි වනු ඇත. එසේ නම් මෙතැන් සිට මේ මුදල් වර්ග පිළිබදව නිසි අධ්‍යනයක් සිදු කර බලමු. ප්‍රධාන වශයෙන්ම Forex Market හි මුදල් ලෙස තිබෙන්නේ ලෝකයේ ප්‍රබල ආර්ථිකයන් ඇති රටවල් වල භාවිතා වන්නා වු මුදල් වර්ග. එනම් ලෝක බලවතුන්ගේ රටවල් තුල භාවිතා වන්නා වු මුදල් වර්ගයි. සැබැවින්ම මෙම Forex Market ප්‍රධාන වශයෙන් බලපැම් කරන මුදල් වර්ග ඇති රටවල් වන්නේ,


United state of America
United Kingdom
Japan
Australia
New Zealand
Canada
Switzerland


මම කිව්වා Forex වෙළද පොලේ ප්‍රදාන වශයෙන් ගණුදෙනු වෙන්නේ මොන මුදල් වර්ගද කියලා. කෙසේ වෙතත් Forex වෙළද පොලේ ගණුදෙනු මුදල් වර්ග ප්‍රදාන කොටස් දෙකකට බෙදෙනවා. එනම් Major Currencies සහ Minor Currencies වශයෙන්.


Majors
• European Union Euro EUR €
•   United States Dollar USD $
•   United Kingdom Pound Sterling GBP £
•   Japanese Yen JPY ¥
•   Switzerland Swiss Franc CHF Sfr.


Minors
•   Australia Australian Dollar AUD A$
•   New Zealand New Zealand Dollar NZD NZ$
•   Canada Canadian Dollar CAD C$

අනිත් Currencies  හදුන්වන්නේ Exotic Currencies වශයෙන්.

Exotics
RUB – the Russian Ruble
CNY – the Chinese Yuan or Remnimbi
BRL – the Brazilian Real
MXN – the Mexican Peso
CLP – the Chilean Peso
INR – the Indian Rupee
IRR – the Iranian Rial

Forex Market හි මෙවැනි මුදල් වර්ග 44 පවතිනවා. කොහොම නමුත් මේ Currencies ඔක්කොම මතක තිය ගන්නවත් ගණුදෙනු කරන්නවත් අවශ්‍ය නෑ. ප්‍රධාන වශයෙන් ම අපි ගණුදෙනු කරන්නේ Major හා Minor Currencies වලින් විතරයි. 

Forex වෙළද පොලේ හුවමාරු වන ප්‍රධාන විදෙශීය මුදල් වර්ග

Country NameCurrency Name Forex Name
United Sate of AmericaUS Dollars USD
United KingdomGreat Britain PoundGBP
EuropeEUROEUR
AustraliaAustralian DollarAUD
New ZealandNew Zealand DollarNZD

මා  විසින් පෙර ලිපියේදි විදේශයකින් භාණ්ඩයක් මිලදි ගැනීමට අදාලව රුපියල් එම විදේශ මුදල් වර්ගයට හුවමාරු කරන ආකාරය විමසා බැලුවෙමු. එහිදි අපට හමුවුයේ රුපියල් (LKR) හා ඩොලර්ය (USD)ය. එවිට අප එය USD/LKR ලෙස හදුන්වා දුන්නෙමු. මේ ආකාරයෙන්ම Forex Market හි දි ද අපට හමුවන්නේ මුදල් වර්ග දෙකක් එක් කර සැකසු මුදල් කාණ්ඩයකි. මන්ද මුදල් හුවමරුවක් එක් මුදල් වර්ගයකින් පමණක් සිදු කිරිමට නොහැකි නිසයි. අපට මුදල් හුවමාරු කර ලාභ ලබන්නට නම් මුදල් වර්ග  දෙකක් අවශ්‍ය වේ. මෙසේ මුදල් වර්ග දෙකක් එක් කර සෑදු කාණ්ඩයට Forex Market හි Currency Pair යැයි කියනු ලැබේ. ඔබ මෙය මතක තබා ගත යුතු අතර මින් ඉදිරියට අප විසින් භාවිතා කරන්න මුදල් වර්ග වලට අදාල Forex Name ඉහත වගුවෙන් අප ඉදිරිපත් කර ඇත.


සාමාන්‍යෙයන් Forex Market හිදි ප්‍රබල මුදල් කාණ්ඩ වර්ග Major Currency Pair ලෙසද ඊට අමතරව හුවමාරු වන මුදල් කාණ්ඩ වර්ග Minor Currency Pair ලෙසද හදුන්වනු ලැබේ.  Major ලෙස හදුන්වන්නෙ ප්‍රධාන වශයෙන්ම USD භාවිතා වන්නාවු මුදල් කාණ්ඩවලටය.

Major Currency PairMinor Currency Pair
EUR/USDEUR/GBP
GBP/USDEUR/CHF
AUD/USDGBP/JPY
USD/CADAUD/JPY
USD/JPYNZD/JPY
USD/CHFEUR/JPY

මෙහිදි Forex Market හි ගනුදෙනු කිරිම සදහා ඔබ මෙම සියලුම මුදල් වර්ග මතක තබා ගැනිමේ අවශ්‍ය තාවයක් නැත. මෙහි අප සදහන් කර ඇති ප්‍රධාන මුදල් වර්ග එනම් , Major Currency Pair පමණක් මතක තබා ගැනිම සෑහේ. ඔබ Forex Market ගණුදෙනු කරන විට යම් ප්‍රධාන මුදල් කාණ්ඩයක් දුටු පමණින් එය කුමක්දැයි හදුනා ගැනීමේ හැකියාව ඔබට තිබිය යුතුයි.

Forex Market එකේ  මුදල් වර්ග 44 ක් පමන අපට හමුවුවත් ඒ සෑම මුදල් වර්ගයක් ම ගණුදෙනු සදහා යොදා ගැනිම අපි කරන්නේ නැහැ කියලා මම උඩින් ප්‍රකාශ කලා. එසේ කරන්නේ කළ නොහැකි නිසා නොවෙයි. අපි Forex Trading කරද්දී අපිට සිද්ධ වෙනවා Forex News පාවිච්චි කරන්න. මෙහිදී  Major Currency Pair වලට විශාල දත්ත ප්‍රමාණයක් මිල වෙනස් විම (ඉහළ හෝ පහල යෑම ) පිළිබද Forex News අපට ලැබෙන නමුත් අනෙක් මුදල් වර්ග සදහා එසේ ලැබෙන්නේ නෑ. නිසි දත්ත නොමැතිව Trading කිරිම ඉතා අවදානම්. එනිසා ආධුනිකයෙකු වශයෙන් ඔබ ගණුදෙනු සදහා යොදා ගත යුත්තේ මෙම ප්‍රධාන මුදල් වර්ගයන් පමණයි. ඔබ මේ පිලිබදව ඉහල නිපුණතාවයක් ලැබීමෙන් පසුව, ඔබට පුළුවන් අනෙක් Minor Currency Pair වලිනුත් Trading කරන්න.


ඔන්න  දැන් ඉතින් හිතන්න එපා මම Forex Market එක ගැන සෑහෙන්න දන්නවා. ඒ නිසා මට පුළුවන් Trading කරන්න කියලා. ඇත්තටම සමහර අය එහෙම හිතල trading කරන්න ගිහින් වැඩ වරද්දගෙන තියෙනවා. ඒ නිසා මම ඔයාලට ඉතා අවධාරණයෙන් කියනවා, දැන්ම Trading කරන්න යන්න එපා. ඉතිරි ලිපි ඔක්කොමත් කියවල හොදට තේරුම් අරන් වැඩේට බහින්න. 


ඔයාලට තේරුනේ නැති මොනවා හරි තියෙනවනම් අපිට ලියන්න support@forexsl.com