Forex Education

Forex කියන්නේ කුමක්ද?

ඔබ Forex මුල්‍ය වෙළද පොලට පිවිසිමට පෙර සැබැවින්ම මේ පිළිබදව නිසි අවබෝධයක් ලබාගත යුතුයි. Forex යනු කුමක්ද , මෙහි ක්‍රියාකාරීත්වය කෙසේ සිදුවන්නේද යන්න Forex මුල්‍ය වෙළද පොලට පිවිසීමට පෙර ඔබට අවබෝධයක් තිබිය යුතුමයි. එසේ නොමැතිව Forex මුල්‍ය වෙළද පොලේ ගණුදෙනු සිදුකරන්නට යෑම සැබැවින්ම එතරම් හොද ක්‍රියාවක් නොවේ. එසේනමි FOREX SL වෙබි අඩවියට සම්බන්ධ වූ ඔබට මගේ පළමු ලිපිය ලෙස මා ඔබට Forex යනු කුමක්ද ? එයින් සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලිව වටහා දීමට උත්සාහ කරනවා.


Foreign Exchange Market කියන එක අපි කෙටි කරලා තමයි Forex ලෙස භාවිතා කරන්නේ . මෙම විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ (Forex) හිදී සරළවම සිදු වන්නේ එක් මුදල් කාණ්ඩයක් තවත් මුදල් කාණ්ඩයක් සමග හුවමාරු වීමයි. එය අපි සාමාන්‍ය ව්‍යවහාරයේදි Foreign Currency Exchange ලෙස හදුන්වනවා. සමහර විට එක් වරම ඔබට මේ ගැන නොතේරෙයි. ඒ ගැන කලබල වෙන්න එපා පොඩ්ඩක්වත්. තව ඉස්සරහට මේ ලිපි කියවගෙන යද්දී ඔයාට ඒ ගැන හොදට දැන ගන්න පුළුවන්.

අද බොහෝ දෙනෙක් Foreign Currency Market එහෙම නැතිනම් Foreign Currency Exchange පිළිබදව දැන සිටියත් Forex ගැන දන්නේ නැහැ. එකට හේතුව මෙම වචනය බොහෝ පුද්ගලයින්ට නුහුරු වචනයක් වන නිසයි. කෙසේ වුවද Foreign Currency Market නැතිනම් Forex කියන්නේ විදේශිය මුදල් හුවමාරු වෙළද පොල බව මා ඉහතින් සදහන් කරා. විදේශිය මුදල් වෙළද පොල කියන්නේ ලෝකයේ ප්‍රධාන වශයෙන් භාවිතා වන මුදල් වර්ග එනමි EURO , USD , JPY , AUD , GPB සහ තවත් ප්‍රදාන මුදල් වර්ග එකිනෙකට හුවමාරු වන ස්ථානයයි. මෙය සරලවම කියනව නම් එක් රටකට තවත් රටක මුදල් ලබා ගන්න අවශ්‍ය නම් ඒක කරන්නේ මේ Foreign Currency Market එක නැතිනම් Forex හරහායි.

අපේ රටේ තියෙන කොටස් වෙළද පොල (Colombo Stock Exchange) ගැන බොහෝ අය අහල තියෙනවා. මෙහි අප රටේ ලියාපදිංචි කල පොදු සමාගම් වල කොටස් (Shares) කොළඹ කොටස් වෙළද පොලේ මිලදී ගැනීම් හා විකිණීම් සිදුවීමේදී එහි මිල තීරණය වන්නා සේම ලෝක මුල්‍ය වෙළද පොලේ (Forex Market) ඇති විදේශිය මුදල් වර්ගද එකිනෙක ගැනුම් කරුවන් හා විකුනුම් කරුවන් අතර හුවමාරු වි එම එක් එක් විදේශිය මුදල් වල මිල තිරණය සිදු වෙයි. තවද ලෝක මුල්‍ය වෙළද පොලේ (Forex Market) මිල තීරණය වන්නට එක් එක් රටවල සිදුවන්නාවු ආර්ථික, දේශපාලනික, සමාජීය හා දේශගුණික සාධක ද ප්‍රධාන වශයෙන් බලපානවා. මේ ගැන මම පහතින් දීර්ග ලෙස විස්තර කරලා තියෙනවා. Forex Market එකේ ප්‍රධාන වශයෙන් ලෝක බලවතුන්ගේ මහ බැංකු පද්ධතිය මෙයට මූලික වශයෙන්ම සමිබන්ධයක් දක්වනවා. එනමි America , England , Australia , New Zealand, Japan ආදි රටවල් තුල ඇති ආර්ථිකමය තත්වයන් ප්‍රධාන වශයෙන්ම මෙම මුල්‍ය වෙළද පොළට බලපානු ලබනවා.

Foreign Exchange Market ගැන දළ අවබෝධයක් ලබා ගැනීමට පහත Videos බලන්න

අපි news බලද්දි අපිට ඇහෙනවා අපේ රටේ කොටස් වෙළදපොළ ගැන. එහිදී අපිට එම අගයන් ඇහෙන්නේ රුපියල් මිලියන ගනන් වලින්. ඒ අපේ රටේනේ. ලොව පවතින විශාලම කොටස් වෙළද පොළ හිමි රට ඇමරිකාවයි. එහි නිව්යොර්ක් කොටස් වෙළද පොළ ලොව දැවැන්තම කොටස් වෙළද පලට හිමි කිරුල දිනාගන තියෙනවා . New York Stock Exchange තුළ දිනකට සිදුවන මුල්‍ය ගනුදෙනු වල වටිනාකම ආසන්නව ඩොලර් බිලියන 22.4ක් පමණ වෙනවා. අපි බලමු දැන් අපි සම්බන්ද වන Forex Market එක තුල දිනකට සිදුවන ගනුදෙනු වල මුල්‍ය වටිනාකම කොපමණද කියලා. එය ඩොලර් ට්‍ර්ලියන 5ක් වගේ අති දැවැන්ත අගයක් ගන්නවා. ඔබට මෙය වඩාත් පැහැදිලි පැහැදිලි වීමට පහත ප්‍රස්ථාරික සටහන දිහා බලන්න. මෙයින් නිරූපණය වන්නේ ලෝකයේ ප්‍රධානම කොටස් වෙළද පොළවල් හ විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ (Forex Market) හි එක් දිනක් තුළ සිදුවන මුල්‍යමය ගනුදෙනු වල ප්‍රමාණාත්මක සටහනකි. පහත ප්‍රස්ථාරය නිරූපණය කරනවා New York Stock Exchange, Tokyo Stock Exchange, London Stock Exchange යන ලෝකයේ ප්‍රධාන කොටස් වෙළද පොළවල් සියල්ලේම සිදුවන මූල්‍ය ගනු දෙනු ධාරිතාවයන් හා Forex Market එක තුල දිනකට සිදුවන ගනුදෙනු වල මුල්‍ය වටිනාකම කොපමණද කියලා.

Forex Market Vs Other Markets

මෙම සටහන මගින් අපිට පෙනීයනවා ලෝකයේ ප්‍රධාන කොටස් වෙළදපොළවල් තුල ‍‍‍‍දිනපතා සිදුවන ගනුදෙනු වල මුල්‍යමය වටිනාකම් වල එකතුවට වඩා 200 ගුණයකටත් වඩා විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ (Forex Market) තුල ගනුදෙනු සිදු වන බව. කොටින්ම කියනවනම් මුලු ලෝකෙම සල්ලි එක තැනකට ගත්තා වගේ තමයි. මෙයින් ඔබට පැහැදිලි කරන්න උත්සාහ කලේ ඔබ සම්බන්ධ විමට බලාපොරොතු වන Forex Market කොපමණ විශ්වාසදායි හා කොපමණ මුදල් ප්‍රමාණයක් හුවමාරු වන තැනක්ද කියලා අවබෝධයක් ලබා දෙන්නයි. Forex වෙළද පොලේ තවත් විස්තර සොයා බලන්න පහත දමා ඇති විකිපීඩියා ලින්ක් එක ක්ලික් කරන්න.

Forex මූල්‍ය වෙළදපොල හා ජාත්‍යන්තර ආර්ථිකය


මා ඉහතදී සදහන් කළා ලෝක මුල්‍ය වෙළද පොලේ (Forex Market) මිල තීරණය වන්නට එක් එක් රටවල සිදුවන්නාවු ආර්ථික, දේශපාලනික, සමාජීය හා දේශගුණික සාධක ද ප්‍රධාන වශයෙන් බලපානවා කියලා. Forex වෙළද පොලේ Trading කරන්න යනවිට ලෝකයේ සිදුවෙන මේ හැම දේ ගැනම ඉතා අවධානයෙන් ඉන්න ඕනෑ. මන්ද මෙම ආර්ථිකමය වෙනස් වීම් අපට හදුනා ගත හැකිනම් වඩාත් පහසුවෙන් මුල්‍ය වෙළද පොලේ ගණුදෙනු කළ හැකි බැවිනි. එබැවින් මේ සමිබන්ධ අවබෝධයක් තිබීම වැදගත්ය. මේ දේ සරලව තේරුම් ගන්න අපි අපේ කොටස් වෙළදපොල අරන් බලමු. අපි දැකලා තියෙනවා ලංකාව තුල සිදුවන ආර්ථිකමය වෙනස් වීම , දේශපාලන තීන්දු තීරණ, සාමාජීය බලපෑම් එනම් කල කෝලාහාල , යුද්ධ ආදිය, එමෙන්ම භුගෝලීය සාධක (උදා: සුනාමි ව්‍යසනය) ප්‍රධාන වශයෙන්ම කොටස් වෙළද පොලට බලපෑම කළා. යුද්ධය තිබු අවස්ථාවේ ලංකාවේ කොටස් වෙළද පොළ තුල විශාල ආයෝජනයන් සිදු වුයේ නැත. හේතුව යුද්ධයන් මගින් දේපොල විනාශ වන බැවින් ආයෝජනය කිරීමට ආයෝජකයන් දක්වන මැලිකමයි. එබැවින් එදවස කොටස් වෙළද පොලේ දැඩි පසුබෑමක් අප දුටුවා. මේ ආකාරයෙන්ම ලෝක මුල්‍ය වෙළද පොළට ද විවිධාකාරයේ බලපෑම් එල්ල වෙනවා . මේ බලපෑම් විටෙක මුල්‍ය වෙළද පොළ වර්ධනය කිරීමට ද වරෙක මුල්‍ය වෙළද පොළ අස්ථාවර කිරීමටද බලපානවා. මෑතකදි ග්‍රීසියේ සිදුවු දැවැන්ත ආර්ථික කඩා වැටීම ලෝක මුල්‍ය වෙළද පොලේ යුරෝ (EURO) මුදල් ඒකකයට දැඩි බලපෑමක් එල්ල කරමින් එය පසුබෑමකට ලක් කළා. ග්‍රීසිය යනු යුරෝපා රටක් බැවින්, එහි භාවිතා වන්නේ යුරෝ මුදල් ඒකකයි. මේ හේතුව නිසා යුරෝ හුවමාරු වන වෙළද පොලේදි අනෙක් මුදල් වර්ගයට සාපෙක්ෂව යුරෝව කඩා වැටුනි. එනිසා මෙවැනි ආකාරයේ හේතුන් හා සිදුවීමි විශාල වශයෙන් මුල්‍ය වෙළද පොළට බලපාන බව ඔබ අනිවාර්යෙන්ම අවබෝධ කර ගත යුතු අතර ඒ පිළිබදව සුලු හෝ අවධානයකින් සිටිය යුතුයි. එවිට මුල්‍ය වෙළද පොළ ගනුදෙනු වලින් ලාභ ලැබීම ඉතා පහසුය. කෙසේ වුවද යම් මුල්‍ය වෙළද පොලේ හුවමාරු වන මුදල් ඒකකයක් සමිබන්ධව ලෝක ආර්ථිකයේ හෝ ඒ අදාල රටෙන් තොරතුරු (News ) අපට ලැබුනේ නම් ඒ පිළිබදව අවධානයෙන් සිටිමෙන් අපට සාර්ථක Forex වෙළදාමක් කළ හැකි වනු ඇත. එසේම මෙවැනි රටවල් වල ආර්ථික තත්වයන් මෙන්ම ඒ ඒ රටවල ප්‍රධාන බැංකු විසින් සිදුකරන ආයෝජනයන් , රැකියා කප්පාදු කිරීමි , කලකෝලාහලද මෙම මුල්‍ය වෙළද පොළට සෘජුවම බලපෑම් කරනු ලබයි. ඒ සම්බන්ධයෙන්ද අවධානයෙන් සිටිම සාර්ථක Forex Trader කෙනෙකුගේ ලක්ෂණයකි. මෙවැනි ආකාරයේ දත්තයන් නිකුත් කරන වෙබි අඩවි ගණනාවක් ලොව තුල තිබෙන අතර ඒවා අධ්‍යනය කිරීමෙන් අපට මෙම තොරතුරු ලබා ගත හැකිය. ඒ පිළිබදව ඉදිරි ලිපියකදි පැහැදිලි කිරීමක් සිදු කරන අතර දැනට මෙය කියවා අවබෝධයක් ලබන්න. එක් වරම සියල්ල අවබෝධයට ගත යුතු නැති අතර පියවරෙන් පියවරට ඉදිරියට යන විට මෙම අවබෝධයන් සමගම යන්නේ නම් නොදැනුවත්වම ඔබට අවශ්‍ය දැනුම ලැබෙනු ඇත. ( දැන් මෙතනදි මම ඔයාලට පෙන්වලා දෙන්න උත්සාහ කරේ ප්‍රධාන වශයෙන්ම ලෝක වෙළද පොලේ ආර්ථික , සාමාජීය සාධක මේ Forex Market එකට බලපානවා කියලා කියන්නයි. සමහරවිටඉදිරියට යද්දී නිකම්ම මේවා තේරෙයි. ඔයා දැනට හිතා ගන්නකො මේ ලෝකයේ සිදුවෙන දේවල් පිලිබදව ඔයා හොද අවබෝධයකින් ඉන්න ඕනේ කියලා. මොකද මේවා හදුනා ගත්තොත් හරි ලේසි. ඒ කියන්නේ එක දිගටම ලාභ විතරයි. හරියට අවබෝධ කර ගන්න කෙනාට කවදාවත් අලාභ ලබන්නේ නැතුව වැඩ කරන්න පුලුවන්. ඔයා හරියට අවබෝධ කර ගත්තොත් ඔයාටම තේරෙයි ඔයා රැකියාවක් කරනවට වඩා මේක හොදයි කියලා. හැබැයි අවබෝධය වැදගත්. ඔයාට තේරෙන්නෙ නැතිනම් දුක් වෙන්න ඕනෑ නැ. මේකේ ටිකක් කල් ඉන්න කොට ඒක ඉබේටම අවබෝධයට එනවා. බලන්නකෝ මම බොරුද කියන්නේ කියලා.


හරි දැන් මම ඔය උඩින් කිවිවේ මොනවහරි ආර්ථික බලපෑමක් ආපු ගමන් ඒක මුල්‍ය වෙළද පොලට බලපානවා කියලනේ. දැන් ඔයාල අහයි ඇයි මේ හැමදෙයක්ම මේකට බලපාන්නේ කියලා. ඒකට දෙන්න පුලුවන් උත්තරය තමයි , ලෝකේ අද ගොඩක් දේ තිරණය වෙන්නේ මේ මුදල් කියන දේ මතයි. අද හැමදේකටම වගේ මුදල් ඕනෑ. මේ හැමදෙයක්ම වගේ මුදල් මත තීරණය වන හින්දා තමයි මේ වගේ ගොඩක් සාධක වල ප්‍රථිපල මේ මුල්‍ය වෙළද පොලට බලපාන්නේ. හැබැයි ඒ අදාල මුදල් වර්ග වලට විතරයි. දැන් ඔය යුරෝව කඩා වැටීම මුල්‍ය වෙළද පොලේ තියෙන අනිත් මුදල් වර්ග වලට වන බලපෑම ගොඩක් අඩුයි (යුරෝත් එක්ක සමිබන්ධයක් නැති) ඒක හින්දා අදාල තැනට තමයි ප්‍රථිපලේ වැටෙන්නේ. උදාහරණයක් විදියට ලංකාවේ යුද්ධයක් ඇති වුනොත් ඒක යුරෝපා මුල්‍ය වෙළද පොළට බලපානවද ? නෑනේ. ඒ වගේ තමයි. ඒක නිසා අදාල සිදුවීමක් ඒකට අදාල මුදල් වර්ගයකට වන බලපෑම අනුව ඒක කඩා වැටෙයිද නැද්ද කියලා අපිට අනුමාන කරන්න පුලුවන්. හොදයි මම හිතනවා දැනට ඔයාලට Forex මූල්‍ය වෙළදපොල හා ජාත්‍යන්තර ආර්ථිකය අතර යම් සම්බන්දයක් තියෙන බව වැටහිලා ඇති. ඔයාලට යම් අපැහැදිලි තැනක් තියෙනවනම් අපිට ලියන්න support@forexsl.com