Advises before Real Trading 2

Forex මූලික දැනුම හොදින් ග්‍රහණය කරගන්න

මම මේ ලිපියනුත් ඔබට අවධාරණය කරන්නේ Forex Trader කෙනෙක් විදියට ඔබට තිබෙන වගකීම හා අවශ්‍ය කැපවීමයි. ඔබ ඉතාම හොදින් Forex වල මූලිකම කරුණු මැනවින් ප්‍රගුණ කල යුතුය. එසේ නොවී ඔබ Trade කිරිමට යාම යනු ආයුධයක් නොමැතිව යුද්ධයකට මැදි උනා වැනි දෙයකි. එම නිසා ඔබ මූලික දැනුමෙන් සන්නධ වෙන්න ඕනෑ. Forex වල හොදම ආයුධය ඔබ හොදට ලබන  පලපුරුද්දයි. එය ක්‍රමානුකුලව ලබා ගන්න.

ඔබට සාර්ථක Forex Trader කෙනෙකු වීම සදහා Trading Plan එකක් අනිවාර්යෙන්ම පැවතිය යුතු වෙනවා . ඒ වගේම ඔබට Trading Discipline පැවතිය යුතු වෙනවා. ඔබට Money Management / Risk Management පිළිබද මනා දැනුමක් අවශ්‍ය වෙනවා (ඔබ FOREX SL සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව ලැබෙන පාඩම් වල මේ ගැන දීර්ග ලෙස විස්තර කෙරෙනවා) සහ නොකඩවාම මේ දේවල්භාවිතය තුලින් මේ හොද Trading පුරුදු ඔබ ඇති කරගත යුතු වෙනවා. එය පුරුද්දක් බවට පත් වන්නේ දිගින් දිගටම නොකඩවාම කරගන යාමෙන්. ඒ නිසා ඔබ දිගින් දිගටම ඔබගේ Trading Plan එකට අනුගතව විනයනුකුලාව Trade කිරීමට පුරුදු විය යුතුය  එසේ නොමැතිව මුදල් ආයෝජනය කිරිම නොකරන්න.
ඔබට අපි Forex වල හොදම ආයුධ ටික සපයලා තියනවා. ඔබ ඒවයින් හොදින් වැඩගන්න.

Forex සුදු කාරයන්ට සුදු කෙලින පිට්ටනියක් නෙමේ. මේ මහත්මා Traders ලාගේ ක්ෂේම භූමියයි

ඉක්මනින් ධනවත් වෙන්න  ක්‍රමයක් නෙමේ Forex Trading කියන්නේ. එහෙම හිතන් මේකට එන යට කියන්න තියෙන්නේ.මේක ඔබට හරියන දෙයක් නෙවේ කියන එක. ඒ මානසිකත්වය ඉවත් කරගන්න. සමහරු Forex කියල උගන්වලා තියෙන්නේ සුදු කෙලින්න. අන්න ඒ වගේ ගොඩක් දෙනෙක් පසු කාලීනව අපේ වෙබ් site එක ගැන දැනගන්නකොට එක්කෝ සම්පුර්ණ Account Loss වෙලා නැතිනම් Account එකෙන් බාගයකට වඩා Loss කරන් . සමහරු හිතන් ඉන්නේ Forex හරිම ලෙසයි Click කීපයක් කරාම සල්ලි එන වැඩක් කියලා. එහෙමනම් මේ ලෝකේ හැමෝම Forex Traders ලා වෙයි. නමුත් හමා කෙනෙකුටම Professional Trader කෙනෙක් වෙන්න බෑ. ඒකට කැප වීම අනිවාර්යයි. කැපවීම කියන්නේ සියලු දේ මේ වෙනුවෙන් කැප කරන්න කියන එක නෙමේ. ඔබ Forex වලට ආදුනිකයෙක් නම්, ඒ පිළිබඳව හොඳ අධ්‍යනයක් ලබා ගැනීමටයි ඔබ කැප වෙන්න ඕනෑ. ඔබ  Professional Trader කෙනෙක් බවට පත් උනාම, අන්න ඔබ සොයන නිදහස, ඇති තරම් මුදල් ඔබට ලැබෙනවා. හරියට වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වගේ තමයි. ඒ අය ඒ තත්වෙට පත්වෙන්න කොයි තරම් කැප උනාද? කැප වීම් කලද? මහන්සි උනාද?. නමුත් ඔවුන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් උනාම ඔවුන් ප්‍රර්ථනා කල ලෝකය ගොඩනග ගන්න පුළුවන්. ඒ නිසා හිතට ගන්න මේ Forex කියන්නෙත් මහත් වගකීමක් ඇති රැකියාවක්. ඒ නිසා වග කීමෙන් Trade කරන්න පුරුදු විය යුතයි. ඔබ FOREX SL සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව ලැබෙන How to Become a Disciplined Forex Trader පාඩමෙන් මේ ගැන ඔබට වැඩි දුර විස්තර දන ගන්න පුළුවන්.

කෙටියෙන්ම කියනවනම් ඉස්සෙල්ලම ඔබ ඉවසිමෙන් පළපුරුද්ද ඇති කරගන්න. Forex වලට පය තිබ්බ ගමන් $500-$1000 සතියට හොයන්න හිතන්න එපා. ඉස්සෙල්ලම මෙහි හතර මායිම දැනගන්න ඕනෑ වෙනවා. ඉස්සෙල්ලම හෙමින් ඔබට Forex හුරු කරගන්න. වාහනයක් කවදාවත් අතින් අල්ලපු නැති කෙනෙකුට ඉස්සෙල්ලම කොළබ නුවර පාරවල් වල වාහන පදින්න බැනේ. ඒ සදහා ටිකෙන් ටික පුහුණු වෙන්න ඕනෑ වෙනව.Forex වලත් සාර්ථකත්වය තියෙන්නේ  එවිටයි. ඔබ  එයට එකගද?

ඔබට ගැලපෙන Trading plan එකක් සකසා ගන්න

කරන විටදි තම්න් ගැන හොද විශ්වාසයක් තමන්ටම තියෙන්න ඕන වෙනවා. ඔබ කාගේ වත් පස්සෙ යන කෙනෙක් බවට පත් වෙන්න එපා. තමන්ටම කියලා Trading Plan එකක් හදාගන්න. ඒ ක්‍රමයේ අඩුපාඩු මොනවද කියලා හොයලාබලන්න. තව තවත් එම ක්‍රමය දියුණු කර ගන්න. අනුන්ගේ කතාවලට නැටවෙන රූකඩයක් බවට කිසිවිටක පත්වෙන්න එපා.ඔබ ගැන ඔබ විශ්වාස කරන්න.ඔබට කරන්න පුලුවන් කියලා හිතෙනව නම් ඔබට පුලුවන්. තව කාටවත් පුලුවනම් මටත් පුලුවන් නෙමේ. ඔබට හිතෙනවනම් ඔබට පුලුවන් කියලා ඒ ඇති.


Demo Account භාවිතය නුවණින් යුතුව සිදු කරන්න

මම නැවත නැවතත් කියනවා Demo Account හොඳට පුරුදු පුහුණු වෙන එක අනිවාර්යයි. ඔබට මුල් Demo Account එකෙන් සැහීමකට පත්වෙන තරමේ අද්යාපනයක් නොලැබුනා නම්, නැවත තව එකක් සාදාගෙන පුහුණු වෙන්න.  මෙහිදී අවධාරණය කල යුතු තවත් කාරණයක් තියෙනවා.  ඔබ Demo Account භාවිතා කරන විට ඔබට වැරදි පුරුදු ඇති වෙන්න පුලුවන්. එයට ප්‍රධානම හේතුවක් තමයි, ඔබට ලැබෙනේ ඩොලර් 10000ක පුහුණු ගිනුමක්. එහිදි අවම Lot Size එක වෙන්නේ 0.1කියන එකයි. එවිට ඔබට වෙනස් වන එක Pip එකකට $10ක ලාභයක් හෝ අලාබයක් ලැබෙනවා.එවිට ඔබට මෙහි තියන බරපතලකම දැනෙනවා අඩුයි. ඒ නිසා ඔබ සැම විටම හිතන්න ඕනෑ වෙනවා මේ මුදල බොරු මුදලක් නොවන වග මේ ඔබේම මුදලක් කියන වග ඔබ සිතන්න ඔන වෙනවා. එවිට ඔබට ඉතාමත් හොද පලපුරුද්දක් ඇති වෙනවා. Demo Account වලදී Trade කරන විටත් ඔබ සැම විටම Stop Loss අගය යොදාගැනීම අනිවාර්යයි. එවිට ඔබට සැබැම ගිණුමක් සමග ගනුදෙනු කරන විට ලැබෙන අත් දැකීම් විද ගත හැකිය.

 නිවැරදි Emotion Control කිරීමේ ක්‍රමවේදය .
"කියමනක් තියෙනවා සාර්ථක Forex Trader කෙනෙකු වෙන්නේ වඩාත්ම බුද්ධිමත් Trader නෙමේ, වඩාත්ම හොදින් තමන්ගේ හැගීම් පාලනය කරගන්නා Trader" කියල .

එනම් ඔබ ජයග්‍රහණයේදී තමන් ගැන අධිතක්සේරුවක් ඇති කරනොගනිමටද, Trade එකක් loss වීමෙන් කම්පනයට පත්විමකින් තොරව මැදි මාවතේ ගමන් කලයුතු වෙනවා. මේ පිළබද වැඩි දුර කරුණු ඉදිරි පාඩම් වලින් උකහා ගත හැකිය . කිසිම විටක පැය 24 Computer ලගට වෙලා Chart දිහා බලාගන ඉන්න පුද්ගලයෙක් නොවන්න. එවිට ඔබගේ මානසික ඒකාග්‍රතාව බිදවැටෙනවා ඇත.

නිරන්තර දැනුම පිපාසයෙන් පෙළෙන්නෙකු විය යුතුය

Forex Trading කරන ඔබ අතිශයින්ම විශේෂිත පුද්ගලයෙක් විය යුතුය. ලෝකයේ සිදුවන සැම දෙයකම ආර්ථික, සමාජීය, දේශපාලනික කරුණු ගැන අවබෝදයකින් සිටිය යුතුයි. වේගයෙන් කරුණු ග්‍රහණය කරගන්නෙකු වියයුතුයි. ඉක්මනින් නිවැරදි තීරණ වලට එලබිමේ හැකියාව තිබිය යුතුයි. විශේෂම දෙය නම් නිරන්තර ඉගන ගන්නෙකු දැනුම හඹායන්නෙකු වියයුතුය. ඔබගේ දැනුම දියුණු කරගත හැකි වෙබ් අඩවි අපි විවිද පාඩම් වලදී උචිත අයුරින් ඉදිරි පත් කරලා තියෙනවා. ඒවා නිරන්තයෙන්ම පරිශීලනය කරන්න පුරුදු වෙන්න.

Trade කරන්න currency pairs 4 කට වඩා තෝරා ගන්න එපා

අපි ඔබට Currency Pairs 9ක Trading Signals දිනපතා ලබා දුන්නට, ඔබට  සැමදාම Trading කිරිමට ගැලපෙන Currency Pairs 4ක් තෝරාගන්න. මේවා තුලට EUR/USD, GBP/USD අනිවාර්ය කරගන්න. මොකද මේ Currency Pairs වලට ලැබෙන News වැඩියි. ඒ වගේම් ලොව අතිමහත් බහුතර Traders ලා Trade කරන්න යොදාගන්නේ මේ Currency Pairs. එබැවින් එම Currency Pairs  Theory වලට අදාලව හැසිරෙන සම්භාවිතාවය වැඩිය.

Don’t Over trading.

අපි පෘතග්ජන මිනිසුන් ලෙස තණ්හාව අප ලග තියනවා. Forex වලදි තණ්හාව කියන්නේ අන්තිම නරකම දෙයක්, නෙමේ අන්තිම නරකම දෙයයි .

අපි යොදන Trade වලින් අපිට ඉතාම හොද ලාභ ලැබෙන්න පටන් ගත්තම තව තවත් Trade යොදන්න ආසාව ඇතිවෙනවා. Risk Management, Forex News, Economic Calendar, Trend Lines, Support Level, Resistance Level, Candlestick Reading ඔය සේරම අමතක කරලා දානවා. හිතුන හිතුන තැන Trade දාන්න පටන් ගන්නවා. කියල දුන්න සැමදේම මොහොතකින් අමතක කරනවා. Pips එකක් හරි ලාභයක් ගන්න හිතන් කිසිම Stop Loss අගයක් නොදා මෝඩ කමින් පිරිලා තණ්හාවෙන් බරිත වෙලා Trade දාන්න ගන්නවා. එහෙම කරන්නේ Forex Trading ද නැහැ ඔබට වැරදිලා. ඒ කරන්නේ සුදුවක්. අන්ත සුදුවක්. Forex කරනවා කියලා සුදු  කෙළින්න Forex වලට බනින්න එපා .


මම මේ දුන්න උපදෙස් හොඳින් අවධාරණය කර ගෙන අපි එහෙනම් ඉදිරියට යමු.