Advantage Forex Trading

Forex මුල්‍ය වෙළද පොල භාවිතයේ වැදගත්කම හා වාසි


ඔබ දැනටම දන්නවා Forex කියන්නේ ලොකයේ විශාලම මුදල් ප්‍රමණයක් හුවමාරු වන මුදල් වෙළද පොළ කියලා.අපි දැන් බලමු Forex වල පවතින සුවිශේෂි වු වාසි. ලංකාවේ කොටස් වෙළද පොළ හැරුණු විට හුවමාරු වෙළද පොළක් ලෙස අපට නිවසේ සිටම මුදල් ඉපයීය හැකි ක්‍රමයක් ඇතිනමි ඒ ලෝක මුල්‍ය වෙළද පොළ හෙවත් Forex Trading පමණි. එබැවින් මේ නිවැරදි , ඉතා පහසු ඉපයීමි රටාව පිළිබදව බොහෝ දෙනක් තවමත් නිසි අවධානයක් යොමු කර නැහැ. ඇත්තම කියනවනම් ගොඩක් අය බයයි Forex Trading වලට එන්න. ඒකට හේතුව හරියට දන්නේ නැති කම. ඔය කොහෙන් හරි මොනවා හරි ටිකක් ඉගෙන ගෙන Forex කරන්න ගිහිල්ලා අනාථ වුනු අය තවත් අයව බය කරනවා. “ඕක මහ බොරැවක් “ “ඕකෙන් සල්ලි හොයන්න බැ “. අනේ මන්දා ඉතින් ලංකාවට හරි යයිද ? මේ වෙනකොට ඔබ Forex Market එක පිළිබද යම් තරමක් දේවල් දැනගෙන ඉන්න බව මට විශ්වාසයි. මෙම ලිපියෙන් මම බලාපොරොත්තු වන්නේ Forex වෙළදාමේ ඇති වැදගත් කම ඔබට පසක් කර දීමටත් එහි නිසි පළ නෙලා ගන්නට අවශ්‍ය අවබෝධය ඔබට ලබා දීමටයි.


Forex වෙළඳ පොලේ ආයෝජනය කිරීම හා කොටස් වෙළද පොළ ආයෝජනය කිරීම


Forex Market කොටස් වෙළද පොල ගණුදෙනු වලදි වෙනස් වන ආකාරය මා කලින් ලිපියකින් ඉදිරිපත් කරලා තියෙනවා. එම ලිපිය මෙතනින් කියවන්න. කොටස් වෙළද පොල ලංකාවේ පවතින් ඉතා විශ්වාස දායි ආයෝජන මාර්ගයක් වුවද අද වන විට එය ලක් වි ඇති පසුබෑම මත වඩාත් හොද ලාභයක් ලබා ගත හැකියැයි සිතිය නොහැකිය. ඔබ දන්නා අයෙකු හෝ කීපදෙනෙකු කොටස් වෙළද පොළ සමග සම්බන්ධ වී ඇතිනම් මෙහි සත්‍ය අසත්‍ය තාවය ඔබටම ඔවුන්ගෙන් අසා දැන ගත හැකි වනු ඇත. නමුත් Forex මුල්‍ය වෙළද පොළ එසේ නොවේ. නිසි දැනුමක් සහිතව මෙයට යොමු වන්නේ නම් ඉතා සුලු ආයෝජනයකින් වුවද විශාල ලාභයක් ලැබිමේ හැකියාව ඔබට ලැබේ. කෙසේ වුවද මෙයට සමිබන්ධ වන්නට ගොස් නිකරුනේ මුදල් විනාශ කරගත් අයද ඕනෑ තරම් අප අතර සිටි. එයට ප්‍රධාන හේතුව නම් මුල්‍ය වෙළද පොලේ වැරැද්ද නොව සුලු දැනුමක් ලැබු පමණින් එක එල්ලේ ගණුදෙනු කරන්නට යෑමෙනි. බොහෝ පිරිසක් ලක්වෙන්නේ මෙන්න මේ තත්වයට වන අතර එහි ප්‍රධාන වගකීමද ඔහු විසින්ම ගත යුතු වෙනවා. සියල්ල නැති කර ගත් පසු වෙන කෙනෙකුට හෝ මුල්‍ය වෙළද පොළට බැනීමෙන් පළක් නැත. තමන් හරියට ඉගෙන ගත්තානම් , පුහුණු වුනා නම් මෙසේ වන්නේද නැත. එසේම ඉතා සුලු ආයෝජනයකින් ආරම්භ කර විශාල ලාභයන් ලබන අයද ඊට සමානව ඕනෑ තරම් සිටිති. අනෙක් අතට කොටස් වෙළද පොල සඳහා හොද ලාභයක් ලැබිමට නම් අඩුම තරමේ රු. 100,000 ක් වත් ඔබ විසින් ආයෝජනය කළ යුතුය. නමුත් මුල්‍ය වෙළද පොල එසේ නොවේ. ඔබට මේ සදහා පිවිසීමට අවම $ 50 (රැ 9000) ක් වුවද සෑහේ. මෙහි මම දැම්මේ අවම ගාන. හරි විදියට ඉතින් කරනවනමි $ 100 ක් වත් තිබෙන්න ඕනි. මොකද ප්‍රමාණවත් ආයෝජනයක් නොමැතිව ගනුදෙනු කරන්න යන එක එක පැත්තකින් අවදානම්, අනිත් පැත්තෙන් ලාභයකුත් නැ. අවාදනම මොකක්ද කියන එක ඉදිරි ලිපි කියවනකොට ඔයාට තේරෙන්න පටන් ගනීවි. අනික් වැදගත්ම කාරණය හොදින් මතක තියා ගන්න. මේක ඇඩ් (Ads) ක්ලික් කර කරන, Data එන්ටර් කරන ක්‍රමයක් වගේ නෙවෙයි. මේක පැහැදිලිව මුළු ලොවම පිළිගත්ත වැදගත් ව්‍යාපාරයක්. ඉතින් ඒක කරන්න ආයෝජනයක් අනිවාර්යයි. හැබැයි ඇත්ත සල්ලි ආයෝජනය කරන්න කලින් ඔයාට හම්බවෙනවා පුහුණු ගිණුම් බොරු සල්ලි එක්ක. ඒකෙන් ගනුදෙනු කරලා හොද පුහුණුවක් අරගෙන සත්‍ය මුදල් දාලා ගනුදෙනු කරන්න පුලුවන්. දැන්ම ම මේක ඔළුවට දා ගන්න ඕනැ නෑ. මම මේ කිව්වේ මතක තියා ගන්න. දැන ගන්න ඕනෑ ඒවා ඔක්කොම පිළිවෙළට දාලා තියෙනවා.


පහත වගුවෙන් ඔබට බලාගන්න පුළුවන් Stock Market එක සහ Forex Market එක අතර සරල සන්සන්දනයක් ඒ ඇසුරින් ඔබට නිගමනයකට එන්න හැකි වෙනවා stock market එකට වඩා අතිශයින් Forex market එක වාසි සහගත බව.




නව ව්‍යාපාරයකට ආයෝජනය කිරීම හා Forex මුල්‍ය වෙළද පොලේ ආයෝජනය කිරීම


අපි මෙහෙම හිතමු ඔන්න දැන් ඔයා ඔයාගෙම කියලා පොඩි Business එකක් පටන් ගන්නවා කියලා. අපිට මුලිකවම අවශ්‍ය වෙන දෙවල් ටිකක් බලමු Business එකක් කරද්දි, අපිට නිශ්චිත ගොඩනැගිල්ලක් ඕන වෙනවා. එම ගොඩනැගිල්ල එම Business එකට සුදුසු පරිදි සකසා ගන්න ඕනෑ, ඒ වැඩේට කියක් විතර යයිද?, අවම වශයෙන් අපිට ලක්ෂ 3 වත් අවැසි වෙනවා. සමහර වෙලාවකට ඉතින් ඉඩමක් ගන්න විතරක්ම ලක්ෂ 30ක් විතර යයි. ඊට පස්සේ අපිට විකුණන්නත් මොනා හරි ඕනෑ. එම දේවල් වලටත් ලක්ෂ 2ක් වත් යයි. ඉතින් තව ප්‍රචාරණ කටයුතු, ප්‍රවාහන කටයුතු, එකි මෙකි දේවල් වලට කොයි තරම් මුදලක් යනවද? ඔක්කොම හරි කියමුකෝ, මිනිස්සු එන්න එපැයි Business කරගන්න. නැත්තම් ඉතින් ඔක්කොම ඉවරයිනේ. ඔයාලා ඕනෑ තරම් දැකලා ඇති Business වැහෙනවා මාසෙ යනකොට. සමහර ඒවා තමයි සාර්ථක වෙන්නේ. ඒක 2% වගේ ඉතාම අඩු ප්‍රතිශතයක්.
ඉතින් ඔයාට පෙනෙනවා Business පටන් ගන්න අඩුම ලක්ෂ 3-5ක් වත් ඕනි කියලා. නමුත් එය සාර්ථක වන ප්‍රතිශතය ද ඉතාම අඩුයි.

Forex වලදී අපිට විශාල මුලික ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නිසි පරිදි ලද පුහුණුව සහ Forex Market පිළිබදව පවතින මනා දැනුම, Trading Plan එකකට කටයුතු කිරීම, නිවැරදි Money Management Methods, Trading Discipline තියෙනවනම් ඔබට සාර්ථක ආයෝජකයකු වී දීර්ඝ කාලීනව Forex Trading තුලින් ස්ථිර අදායම් ලබන මුල්‍ය නිදහස හිමි පුද්ගලයකු බවට අනිවාර්යෙන්ම පත් විය හැකිය.


රටේ ආර්ථිකයට ප්‍රබල ලෙස දායක වීමට හැකිවීම


අද වන විට ලංකාවට විශාල විදේශ විනිමයක් පැමිණෙන්නේ විදේශිය රටවල සේවය කරන ශ්‍රීලංකිකයන් විසින් උපයා අප රටට එවන මුදල් වලින්, විදේශිකයන් මෙරට තුල සිදුකරන ආයෝජන , විදේශිය ණය ගැනීම් ආදි ක්‍රම වලින්. මේ කුමන ක්‍රමයකින් ලංකාව විදේශ විනිමය පැමිණියත් ඒවා ලංකාවේ රුපියල විදේශ මුදල් සමග ස්ථාවර කර ගැනීමට අතීශයින් වැදගත් බව ඔබ දන්නවා. අනෙක කිසියම් රටකට සියලුම භාණ්ඩ හා සේවා නිශ්පාදනය කර ගත නොහැකි බැවින් මෙ විදේශිය විනිමය අතිශයින්ම රටේ ආර්ථිකයට වැදගත් වෙනවා. එසේනම් ඔබත් ලෝක මුල්‍ය වෙළද පොල මගින් උපයන්නේ විදේශිය මුදල් නේද? ඔව්..ඔබත් උපයන්නේ විදේශිය මුදල්. ඔබ ආදායම වශයෙන් එම ලාභ මුදල් අප රටට ගෙන්වා ගැනිමේදි ඔබගේ ආර්ථිකයට ආදායමක් ලැබෙනවා සේම රටේ ආර්ථිකයටත් එමගින් මහගු සේවයක් ඉටුවන බව අමුතුවෙන් කිව යුතු නෑ. අන්න ඒක තමයි අපි මුල්‍ය වෙළද පොලෙ ගණුදෙණු කිරිම තුලින් රටේ ආර්ථිකයටත් ප්‍රබලව අපිට දායක වීමට පුළුවන් කියලා කියන්නේ.


Forex වලට සම්බන්ධ නොමිලයේම ලබාගත හැකි අසීමිත සම්පත්


BBC Economic, CNN, Yahoo Finance, Bloomberg වැනි ආර්ථික දත්තයන් සපයන ලොව ප්‍රසිද්ධ වෙබ් අඩවි වල සහය ලබාගත හැකි වීම. එසේම Fxstreet.com, babypip.com, investing.com, forex.com වැනි වෙබ් අඩවි පරිශීලනය කිරීමෙන් Forex දැනුම වර්ධනය කරගැනීමට හා Forex Trading කිරීමට උපයෝගී කරගත හැකි වීම .

Forex Market එක 24 /5 පුරාම ක්‍රියාත්මක වීම

Forex Market සතියේ දින පහේම පැය 24 ම නොකඩවා ක්‍රියාත්මක වේ. ඔබගේ ආදායම සිමා කිරිමට කවුරුවත් නැත. ඔබට කැමති වෙලාවක market එක තුල trade කිරීමටත් කැමති වෙලාවක trade නොකර සිටීමටත් ඔබට හැකිය. ශ්‍රී ලංකාව යනු Forex trading කිරීමට සුදුසුම රටකි එහි ප්‍රයෝජනය බොහෝ දෙනෙකු නොදනී. මොකද ලෝකයේ සෑම ප්‍රධාන market එකක්ම open වන වෙලාවේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් සාමාන්‍යයෙන් පෙරවරු 8.00 සිට පස්වරු 8.00 වගේ කාලයේ වේ. මේ වගේ අවස්ථාවක් හිමිවන රටවල් කිහිපයයි පවතින්නේ.ඒ නිසා එයත් ඔබට ලොකු වාසියක්. ඉදිරියේදී ඔබට සවිස්තරව මෙම කරුණු දැනගත හැකි වෙනවා.


Currency pair එකක අගය ඉහළ ගියත් පහළ ගියත් ඒ ඇසුරෙන් ලාභ ලබාගැනීමේ හැකියාව

ඔබ දන්නවා කොටස් වෙළද පොල ගැන. එහිදි අපි යම් කිසි කොටස් ප්‍රමාණයක් මිළට ගත්තොත් කවදාහරි එම කොටස් වල මිළ ඉහල යනකම්ම අපි ඉන්න ඕනෑ ලාභයක් ලබා ගැනිමට. නමුත් Forex වල මිල ඉහළ ගියත් පහළ ගියත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ලාභ ලබා ගැනීමට හැකි වෙනව. මේ පිළිබඳව අපි ඉදිරියේදී සවිස්තරාත්මකව කතා කරමු.

මුදල් යෙදවීමට පෙර Demo Account මගින්මුලික පුහුණුව ලබාගත හැකි වීම

මෙහිදි අපිට Demo Account වලට දෙන බොරු සල්ලි වලින් සත්‍ය Forex වෙළඳ පොලේ ගනුදෙනු කළහැකිය. මෙය ඉතාම වාසිදයක තත්වයකි. මෙය ඔබ සදහා නොමිළයේම සපයනු ලබයි. ඒ මගින් ඔබට Forex market ක්‍රියාත්මක වන ආකාරය සජීවීව අත්දැකීම් ලබාගැනීමට හැකිය. ඒ ඇසුරෙන් තමන්ට ගැලපෙන Trading plan එකක් ගොඩනගා ගැනීමට සහ Risk Management, Money Management සහ Trading කිරීමේදී අවශ්‍ය විනය වැඩි දියුණු කරගත හැකිය. ඒ මගින් ඔබට Forex trading පිළිබදව මනා දැනුමක් ලබා ගත හැකි වේ. ඔබ FOREXSL සාමාජිකයෙක් නම් මුදල් තැන්පත් කිරිමට කලින් Demo Accountමගින් පුහුණු විම අනිවාර්ය බව මතක තියා ගන්න. මොකද නිසි පුහුනුවක් නැතිව Forex trading කරන්න ගිහින් ඔබේ අතේ තියෙන මුදල් නැති කරගන්නවා දකින්න අපි අකමැති නිසයි.

Forex මුල්‍ය වෙළද පොළ විශ්වාස වන්ත අයෝජන මාර්ගයක්ද ?

ඇත්තෙන්ම ඔව්. Forex ලෝක මුල්‍ය වෙළද පොල යනු ලොව තුල පවතින ඉතා විශ්වාස වන්තම හා දැවැත්තම මුල්‍ය අයෝජනයක් සහිත හුවමාරු වෙළද පොළයි. මෙහි දිනකට ඩොලර් ත්‍රිලියන 4000 - 5000 ක් පමණ අති විශාල මුදලක් හුවමාරු වේ (වැඩි විස්තර සඳහා wikipedia.org කියවන්න) . එසේම ලොව ප්‍රධාන පෙලේ බැංකු ආයතනද විශාල වශයෙන් සම්බන්ධ වන මෙම හුවමාරු වෙළද පොළ ලංකාවේ සියලුම බැංකු පවා ඉතා විශාල වශයෙන් සිදු කරයි. ඔබ මේ පිළිබදව තවමත් නොදැන සිටින්නේ හෝ සිටින්නේ අවිශ්වාසයකින් නම් එය ප්‍රධාන වශයෙන්ම ඔබේ දැනුමත් සමග බැදි පවතින බව හොදින් මතක තබා ගන්න. ඔබ මේ වෙන තෙක් මේ පිළිබඳව අධ්‍යනයක් නොකළ නිසා, ඔබ තවමත් මේ පිළිබඳව නොදන්නවා විය හැකියි හෝ මේ පිළිබඳව ඔබ දරන අදහස වෙනස් විය හැකියි. කෙසේ වුවද ඔබට මුල්‍ය වෙළද පොළට සෘජුව සමිබන්ධ විය නොහැකි බැවින් ඔබ ප්‍රවේශම් විය යුත්තේ නිසි පරිදි ලියාපදිංචි වී ඇති තැරැවිකාර ආයතනයක් සොයා ගැනිම සදහාය. දැනට මේ සදහා ලෝකයේම ඉතා ප්‍රසිද්ධ ආයතනයන් ප්‍රමාණයක් තිබෙන අතර ප්‍රවීණයෙකුගේ නිසි උපදෙස් නොමැතිව හිතුමතේ ආයෝජනයන් සිදුකිරීමෙන් වැළකි සිටිය යුතුය. ඔබ අයෝජනයක් සදහා තැරැවිකාර ආයතනයක් තෝරා ගැනිමෙදි ඔවුන් ලියාපදිංචි වි ඇති ආයතනයන්ද ? , පහසුවෙන් මුදල් ලබා ගත හැකි ආකාර මොනවාද ? හා එ වැනි දේ පිළිබදව අනිවාර්යෙන්ම අවධානය යොමු කල යුතුවේ. එබැවින් මේ සියල්ල ගත් කළ මුල්‍ය වෙළද පොල විශ්වාස වන්ත භාවය පිළබදව තවත් කථා කළ යුතු නැත. මේ සමිබන්ධ ඔබට අවශ්‍ය උපදෙස් හා තැරැවිකාර සමාගමි හි ලියාපදිංචි වන ආකාරය සමිබන්ධව ඉදිරි ලිපි වල පැහැදිලිව කරැණු දක්වා තිබේ. අනෙක් වැදත්ම කාරණය ලංකාවේනමි මේ තැරැවිකාර ආයතන නෑ. මොකද ඒකට හේතුව ලෝක සිතියමත් එක්ක ලංකාව බැලුවම ඔබට තේරුම් ගන්න පුලුවන් වෙයි. ඒක නිසා මේවා ලංකාවේ ලියාපදිංචිද ? ආදි මෝඩ ප්‍රශ්ණ කාගෙන්වත් අහන්න එපා. මොකෙද ලෝකේ ලොකුම සමාගම්, ලොකු රටවල් තියෙද්දි පුංචි ලංකාවට එන්නේ නැති හින්දා. ඒක නිසා අපට ගනුදෙනු කරන්න වෙන්නේ ඔන්ලයින් ඔවුන් එක් ක සමිබන්ධව.

කොහොම නමුත් මේ පිළිබඳ ඔබට යම් අවිනිශ්චිතතාවයක් ඇතිනම් තව තවත් Forex වෙළඳ පොළ ගැන විස්තර හොයන්න (මෙහිදී මතක තියා ගන්න Forex පිළිබඳව හරි හැටි අධ්‍යනයක් නොකර එකවරම Trading කරන්න ගිහින් අමාරුවේ වැටුණු අය දාල තියෙන ලිපි කියවල ඔලුව අවුල් කර ගන්න එහෙම එපා. මතක තිය ගන්න අපේ ජීවිතය ජය ගන්න නම් අපි ආදර්ශයට ගන්න ඕනෑ සාර්ථක මිනිසුන් මිසක් අසාර්ථක මිනිසුන් නොවෙයි. මේ ලෝකේ හැමෝටම ජීවිතය ජය ගන්න උවමනාවයි ශක්තියයි නොමැති බවත් මතක තියා ගන්න). කොහොම නමුත් කොතරම් Forex පිලිබඳ අධ්‍යනය කලත් එය තවදුරටත් අවිශ්වාස නම් මේකට සමිබන්ධ වෙන්න එපා. මොකද ඒක ඔයාලගේ හිතටත් හරි නැති නිසා. ඔන්න ඉතින් මම මගේ රාජකාරිය කරනවා. ඒ කියන්නේ මේක හරියට කියලා දෙන එක. Forex හරියට කරනවද නැද්ද කියලා ඉතින් ඔයාලගේ තීරණයක් තමයි.