Join Forex Trading

Forex Trading සදහා මුලින්ම සම්බන්ධ වෙන්නේ කෙසේද?


ඇත්තටම Forex කියන්නේ අද ලෝකය තුල තිබෙන විශාලතම මූල්‍ය හුවමාරු වෙළද පොළ. ඔය ලංකාවේ කොටස් වෙළද පොළ වගේ තමයි. ඒ වගේම තමයි ඕනෑම කෙනෙකුට සමිබන්ධ වෙලා කොන්දේසි විරහිතව මුදල් උපයන්න පුලුවන් ලෝකේ එකම තැනත් මේක. ඒක නිසා මේක විශාල රැකියා වෙළද පොළක් කියලත් කියන්න පුලුවන්. මොකද මේකේ තියෙන රැකියා අවස්ථා කවදාවත් ඉවර වෙන්නේ නැති නිසා. මම මේ ගැන මීට ඉහත ලිපිවල දීර්ඝ ලෙස විස්තර කරලා තියෙනවා.


හොදයි, ඔන්න ඔබ දැන් පා තියන්න යන්නේ ලෝකයේ විශාලතම මූල්‍ය වෙළද පොලේ Trader කෙනෙක් වෙන්න. මුලිකව Forex මගින් මුදල් උපයන්නට යොමු වෙන කෙනෙක් අනිවාර්යෙන්ම යම් කැප වීමක් කළ යුතුමයි. මේ කැපවීම අවශ්‍ය වන්නේ මේ සමිබන්ධව අවබෝධයක් හා අධ්‍යාපනයක් ලැබීමටයි. මොකද මේ වෙළද පොලෙන් මුදල් උපයන්න මේ සම්බන්ධව තිබෙන අවබෝධය අතිශයින්ම වැදගත්. අපි දන්නවා අපි රැකියාවක් කලත්, ක්‍රීඩාවක් කලත්, වාහනයක් ධාවනය කලත් මොන දේ කලත් ඒ පිළිබදව හොද අවබෝධයක් හා අධ්‍යාපනයක් නොමැති නම් අපිට ඒ දෙය හරියාකාරව කර ගැනීමට නොහැකි වෙනවා. අන්න ඒ වගේ තමයි Forex Trading කිරීමත්. ඔබේ උනන්දුව හා කැපවීම Forex Trader කෙනෙක් ව්දියට සාර්ථක වෙන්නනම් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා Forex Trading Account එකක් Open කරලා Forex වෙළද පොලේ Trader කෙනෙක් වෙන්න පෙර ඔබ බලන්න මේ පහත තිබෙන ලක්ෂණ හා හැකියාවන් ඔබට තියෙනවද කියලා. එහෙම නැතිනම් Forex Trader කෙනෙක් වෙන එක ගැන තව පාරක් හිතන්න.


පිළිවෙළට වැඩ කිරීම

පිළිවෙළක් නැතිවත් මේ වැඩේ කරන්න බෑ. සමහර අය මම දාලා තිබෙන ලිපිවත් පිළිවෙළකට කියවලා අවබෝධයක් ගන්නේ නැ. ඒ කියන්නේ තැනින් තැන කියවලා තමයි සමහර අය ඉගෙන ගන්න හදන්නේ. ඉතින් එහෙම කරලා යමක් හරියට ඉගෙන ගන්න බෑ. මොකද ලිපි පිළිවෙළකට දාලා තියෙන්නේ පිළිවෙළකට කියවන්න මිසක් තැනින් තැන කියවන්න නෙමෙයිනේ. ඒක නිසා ඔබට Forex සම්බන්ධව ලබන්න ඕනෑ අවබෝධය ගන්න පිළිවෙළකට මම දාලා තිබෙන ලිපි කියවන්න. ඒ එක්කම පුහුණුවත් කරන්න. ඒකත් වටිනවා මේ ගැන හොද අවබෝධයක් ලබා ගන්න.


කැපවීම හා කැපකීරීම

Forex වලට ඔබ ආධුනිකයෙක් නම් අනිවාර්යෙන්ම මේ වෙනුවෙන් යම් කැප කිරිමක් හා කැපවීමක් කළ යුතුයිමයි. ඒ කැප කිරීම හා කැපවීම අවශ්‍ය වන්නේ මේ සම්බන්ධව නිසි අවබෝධයක් හා අධ්‍යාපනයක් ලබා ගැනීමටයි. මොකද මේ වෙළද පොලෙන් මුදල් උපයන්න මේ සම්බන්ධව තිබෙන අවබෝධය හා දැනුම අතිශයින්ම වැදගත්. මම කලින් කිව්වා වගේ මොන දේ කෙරුවත් ඒ දේ හරියට කරන්න අපිට අවබෝධයයි අධ්‍යාපනයයි ඉතා වැදගත්. ඉතින් ඔබ Forex මූල්‍ය වෙළදපොලට නවකයෙක් නිසා මෙය ඉගෙන ගන්න අවශ්‍ය කරන උනන්දුව හා කැපකිරිම තිබිය යුතුයිමයි. ඔය මුදල් ඉපයිම් එකපාර කරන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්න අයට මේක සුදුසු නෑ.


සාමාන්‍ය අධ්‍යාපනය

සමහර අය හිතන් ඉන්නවා මේකේ තියෙන Software පාවිච්චි කරන්න, ඒවායේ තියෙන Chart එහෙම පාවිච්චි කරන්න අපිට උපාධියක් වත් තියෙන්න ඕනෑද කියලා. එහෙම ලොකු අධ්‍යාපනයක් අවශ්‍ය නැ. මේක පුහුණුවක් එක්ක කරන්න පුලුවන් මුදල් ඉපයිමක් නිසා තමයි විශාල අධ්‍යාපනයක් මේකට අවශ්‍ය නැත්තේ. හැබැයි Forex ගැන අධ්‍යනය කිරීම අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. හොදින් පුහුණු වෙන කෙනා හොදින් මුදල් ඉපයිමි කරනවා.


ඉංග්‍රිසි පිළිබදව දැනුම

ඔබට ඉංග්‍රිසි කියවීමේ හා තේරුම් ගැනීමේ දැනුමක් නම් අවශ්‍ය වෙනවා. මේකෙන් කියන්නේ ඔබට ඉංග්‍රිසි පිළිබදව ඉතා හොද දැනුමක් අවශ්‍යයි කියලා නොවෙයි. නමුත් යමක් කියවා වටහා ගැනීමට ඔබට හැකි නම් ඔබට මෙය සාර්ථකව කරන්න පුලුවන්. එසේ නොහැකිනම් Forex Trading කිරීම ටිකක් අමාරුයි. මොකද අපට වැඩ කරන්න වෙන්නේ විදේශිය වෙබ් අඩවි එක්ක. ඒ වගේම මේ සම්බන්ධව වෙනත් තොරතුරු එන්නෙත් ඉංග්‍රිසියෙන්. ඒක නිසා හැමදේම සිංහලෙන් කරන්න ඔබ බලාපොරොත්තු වෙනවනම් ඔබට මෙය කරන්න ටිකක් අමාරු වෙයි.


සාමාන්‍ය අන්තර්ජාලය භාවිතව පිළිබදව දැනුමක්

අන්තර්ජාලය භාවිතය, පරිඝණක භාවිතය, විවිධ වෙබි අඩවි භාවිතය පිළිබදව දැනුමක් ඔබට අත්‍යාවශ්‍යයි. මොකද මෙය අන්තර්ජාලය හරහා කරන කටයුත්තක් බැවින් එය නිසියාකාරව කරන්න ඔබට ඒ දැනුම ඕනෑ වෙනවා. සමහර අය අපට කතා කරලා උදව් ඉල්ලනකොට අපිට දැනිල තියෙනවා ඒ අය ගොඩක් පහල මට්ටමක ඉන්නේ මේ අන්තර්ජාලය භාවිතය සම්බන්ධයෙන්. නමුත් ඒ දැනුම නැතිව මේක කරන්න අමාරුයි. ඇත්තටම ඒ වගේ අයටනම් මේ වැඩේ ටිකක් නෙමේ ගොඩක් අමාරු වෙනවා. මොන වෙබි අඩවියකට ගියත් , එහි ඇති යමක් දැක්කම එය කියවලා එහි තියෙන දේ අවබෝධ කර ගන්න හැකියාවක් නැතිනම් අන්න ඒ වගේ අයටත් මෙය කරන්න බෑ. මොකද අපිට පුලුවන් Forex උගන්වන්න පමණයි. අපට Internet , English දැනුම ඔබට දෙන්න බෑ. ඉතින් ඔය වැඩි හරියක් මෙයින් අසාර්ථක වෙන්නේ මෙන්න මේ අන්තර්ජාල හා ඉංග්‍රිසි දැනුම අඩු අය. මෙතනින් ඕනයි කියන්නේ සුපිරි දැනුමක් ගැන නෙවෙයි. අපි හැමෝටම තියෙන සාමාන්‍ය දැනුම ගැනයි.


අධික තන්හාවත් හොදම නෑ

සමහර අය මේක කරන්න එන්නේ අධික තන්හාවෙන්. එහෙම නැතිනම් අවශ්‍යතා ගොන්නක් පොදී බැදගෙන. $ 100 invest කරලා හවුසින් ලෝන් එක ගෙවන්න, කාර් එකේ ලීසිං එක ගෙවන්න, ගෙදර සියලු වියදම් දරන්න ආදී මෙකී නොකී අවශ්‍යතා ගොඩක් ඉෂ්ඨ කරගන්න බලාගෙන තමයි Forex කරන්න එන්නේ. මේ වගේ අය එන්නේ $ 100 ක් වගේ ගාණක් දාලා මාසිකව ලක්ෂ ගණන් හොයන්න හිතාගෙන. ඔය එහේම අය ඉන්නවනමි ඒ අයත් තව ටිකක් හොදින් කල්පනා කරලා බැලුවොත් හොදයි. මොකද ගොඩක් පරාද වෙන්නේ ඒ වගේ අය තමයි. හැබැයි $ 4000 - $ 5000 invest කරලා Forex හොදට ඉගෙනගෙන ඔය ඉහත කියපු ඒවා වගේ දෙතුන් ගුණයක් වියදම් කරන්න මාසෙකට සල්ලි හොයන්න Forex කරලා පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඒ හැම දෙයක්ම කරන්න ඕනෑ ඉහතින් කිව්වා වගේ පිළිවෙලකට.


Forex Trading Account Open කිරීම

Accounts Open කිරීම ආරම්භ කිරීමට පෙර මෙය සිදුවෙන ආකාරය පිළිබදව ඔබව දැනුවත් කිරීම වැදගත් වෙයි කියලා මම හිතනවා. FOREX SL සමග සම්බන්ධ වී Forex මුල්‍ය වෙළදපොල හා සම්බන්ධ වෙන ඔබ මුලින්ම Forex Trading Account එකක් Open කළ යුතු වෙනවා. අප වෙබ් පිටුවේ Basic Level ලිපි සියල්ලම කියවමින් මෙම Forex Trading Account එක හරහා Demo Accounts නිර්මාණය කර ඒවායේ පුහුණු වීම් ඉතා හොදින් කළ යුතුමයි. මේ සදහා ඔබට කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය නෑ. ඔබට Forex Trading කිරීම පිළිබද හොඳ අවබෝධයක් ලබා ගත්තට පසුව තමයි Forex Trading Account එකේ මුදල් තැම්පත් කර Real Trader කෙනෙක් විදියට Forex Market එකේ ගණුදෙනු කරන්න පටන් ගන්න ඕනෑ. ඔබ Forex ගැන කිසිවක් හරියට නොදැන Forex Account එකේ මුදල් තැන්පත් කරන එක මම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන දෙයක්. ඒක නිසා මෙම වෙබි අඩවියේ Basic Level ලිපි ඔක්කෝම භාවිතා කර Demo Account වල පුහුණුවීම අනිවාර්යයි. එම Demo Account වල කිසිම කෙනෙකුට සත්‍ය මුදල් දාලා ගණුදෙනු කරන්න බෑ. ඒ සදහා ඔබට $ 10,000 පමණ වූ බොරු මුදලක් ලැබෙනවා. මෙම මුදල භාවිතා කරමින් සත්‍ය Forex Market එකේ Training Trader කෙනෙක් විදියට ගණුදෙනු කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා.


Demo Account වල ඔබ හොදට පුහුණුවීම් කරන අතරතුර ඔබට FOREX SL Member Account එක Open කිරීමට හැකියාව තිබෙනවා (මේ පිලිබදව වෙනම ලිපියක විස්තර කරලා තියෙනවා). සාමාජිකයින්ට පමණයි ලිපි (Advanced Level Education) කියවීම සදහා FOREX SL සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්යයි. ඒක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන එකක්. මෙහෙම කරන්න ප්‍රධාන හේතුව තමයි මම මේ Forex පිළිබදව ඔයාලාට කියලා දෙන්නේ සම්පුර්ණ පිළිවෙළක් ඇතිව නිසා. මේ උපදෙස් අනුව යන අයට ලාභය සහතික බව මම අවධාරණයෙන් කියනවා.

Forex ගිණුමක් කියන්නේ අපිට Forex මූල්‍ය වෙළද පොලේ ගණුදෙනු කරන්න අවශ්‍ය වන අනිවාර්යය මෙවලමයි. Forex Account එක හරහා තමයි අපි Forex Market එක හා සම්බන්ධ වෙන්නේ. හරියට ෆේස්බුක් ගිණුමකින් ෆේස්බුක් ජාලය හා සම්බන්ධ වෙනවා වගේ. මේ Forex ගිණුම අපි විවෘත කරන්නේ ලෝකය පුරා ව්‍යාප්ත ලෝකයේ පිළිගත්ත ප්‍රධාන Forex Broker සමාගමක. ඒ පිළිබදව විස්තරත් මම ඉදිරි ලිපියක දාලා තියෙනවා. මොකක්ද මේ සමාගම, මොකක්ද ඒකෙන් වෙන්නේ කියන එක ගැන ඒ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්. කොහොම නමුත් අපි මුදල් සමග ගනුදෙනු කරන නිසාවෙන් අපි තෝරා ගන්නා Forex Broker සමාගම ඉතා විශ්වසනීය සමාගමක් වෙන්න ඕනෑ. ඉතින් ඔන්න ඔය ගිණුම අපිට ඉතාම වැදගත් නිසා අපි මුලින්ම ඒකට අයදුම් කරලයි යන්න හදන්නේ ඉදිරියට. මොකද ඒක ඉතා වැදගත් වැඩක් වෙන්නේ, Forex Broker කෙනෙක් හරහා ගිණුමක් නැතිව අපිට Forex වෙළද පොලේ ගනුදෙනු කරන්න නොහැකි නිසා. මම මේ මොනවද කියන්නේ කියලා සමහරවිට ඔයාලට තේරෙන්නේ නැතිව ඇති. ඔයාලා කලබල වෙන්න ඕනෑ නෑ ඒ ගැන. අපි මෙතනදි කරන්නේ අපේ මුලීකම අවශ්‍යතාවයක් විදියට Forex ගිණුමක් විවෘත කරගන්න එක විතරයි. විවෘත කර ගෙන ඒ ගිණුම් විස්තර අපි සුරැකිව තබා ගත්තාට පස්සේ ආයේ මේ ගිණුම භාවිතා කරන්න අවස්ථාව එනකන් අපිට ඒකෙන් වැඩක් නෑ. හැබැයි ඔයාගේ හා අපේ පහසුවට අපි මුලින්ම ගිණුමක් විවෘත කරගෙනම ඉදිරියට යනවා. ඉතින් අපි මුලින්ම ගිණුමකට අයදුම් කරලා ඉදිරියට යන්නේ ඔයාලට දවස් 4 ක් 5 ක් වගේ බලන් ඉන්න වෙන කාලය නැති කරන එකට පිළියමක් විදියට.

ඔයාලට ක්‍රම දෙකකට ගිණුමක් සදහා අයදුම් කරන්න පුලුවන්. එකක් ඔයා තනිවම විවෘත කර ගන්න එක හා දෙක අපි හරහා අයදුම් කරලා ගිණුම විවෘත කර ගන්න එක. අපි හරහා අයදුම් කරාම අපි දවස් 4 කින් 5 කින් වගේ ඔයාට Email එකක් එවනවා ඔයාගේ Forex ගිණුමේ විස්තර එක්ක. ඒ වෙනුවෙන් ඔබ අපිට කිසිදු ගෙවීමක් කරන්න ඕනෑ නෑ. අපි ඒ දේ ඔයාට කරලා දෙන්නේ සම්පුර්ණයෙන් නොමිලේ. ඔයාට Email එකක් ඒවි ඔයාගේ Forex ගිණුමේ විස්තර එක්ක. ඒ Email එක ඔයා නැති කර ගන්නේ නැතිව තියා ගන්න ඕනෑ. ඒ ටික විතරයි දැනට ඔයාට කරන්න තියෙන්නේ. ඒ එන Email එකේ තියෙන විස්තර වලින් කරන්නේ මොනවද කියන එක ඉදිරියට යනකොට ඔයාට වැටහෙනවා. නැති කර ගන්නේ නැතිව ඒක තියාගන්න. (ඒක මම නැවත නැවතත් මතක් කරනවා.) එහෙනම් ඔය පහත උපදෙස් ටික මුලින්ම හොදට කියවන්න. ඊට පස්සේ ඔයා තීරණය කරන්න ඔයා තනිවම ගිණුම විවෘත කරගන්නවද නැත්තං අපි හරහා විවෘත කර ගන්නවද කියන එක. එහේම තීරණය කරලා ඔයාගේ මුල්ම Forex ගිණුම විවෘත කර ගන්න.

මුලින්ම කිසිම විටක සල්ලි දාන්න ඕනෑ නෑ. දාන්නත් එපා. ඒ සමාගම් වලින් අපට දෙන බොරැ සල්ලි වලින් (Demo Money) ගණුදෙනු කරන ගමන් තමයි අපි ඉගෙන ගන්න යන්නේ. හැබැයි ඉතින් මේ පුහුණු (Demo Accounts ) ගොඩ කාලයක් තියෙන්නේ නැ. ඒ ගිණුම් වල කාලේ ඉවර උන ගමන් ඔයා හොද තත්වෙකෙට ඇවිල්ලා නිසා බය නැතිව සල්ලි දාලා වැඩේ පටන් ගන්න පුලුවන්. හැබැයි ඒක දැන්ම ම නෙවෙයි. ඒකට තව ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔයාලා නැවත හිතන්න ඔයාලට මේ ගිණුම හරියට විවෘත කර ගන්න පුලුවන්ද කියන එක. අමාරු අය ඉන්නවනම්, පහත විස්තර නිසි පරිදි කියවලා දාලා තියෙන OPEN MANUAL FOREX ACCOUNT Application එකෙන් අපට විස්තර එවලා අවශ්‍ය නම් අප හරහා ගිණුමක් විවෘත කර ගන්න පුලුවන්. තමන් විසින්ම ගිණුමක් විවෘත කර ගන්න කැමති අය ඉන්නව නම් ඊට පහළින් තියෙන OPEN FOREX ACCOUNT කියන එකෙන් ගිහිල්ලා ගිණුමක් විවෘත කර ගන්න පුලුවන්. මතක ඇතිව රතු වර්ණයෙන් දාලා තියෙන විස්තර හොදින් කියවන්න.

ඒ  වගේම තමයි අනිත් වැදගත්ම කාරණය මේ ඔයාලා විවෘත කර ගන්න යන්නේ සත්‍ය ගිණුමක් (Real Account) මිසක් පුහුණු ගිණුමක් නෙවෙයි. හැබැයි අපිට පුළුවන් මේ විවෘත කර ගන්නා සත්‍ය ගීණුම තුලින් පුහුණු ගිණුමක් (Demo Account) ඕනෑ තරමක් විවෘත කර ගන්න . අපි දැන් කරන්න යන්නේ මුල්ම පියවර විදියට ඔබේ Forex Trading Account එක Open කර ගන්නයි. පස්සේ සත්‍ය ගිණුම කියලා අපි භාවිතා කරන්න යන්නේ මෙන්න මේ දැන් හදා ගන්න යන ගිණුම ම තමා. ආයේ සත්‍ය ගිණුම් කියලා වෙනම එකක් මේක හදා ගත්තට පස්සේ හදා ගන්න ඕනෑ නෑ. ඒක නිසා කවුරුත් ඒකනමි අමතක කරන්න එපා. අනික මෙ හදා ගන්න ගිණුමට මුදල් දැන්ම කිසිම විටෙක තැන්පත් කරන්න අවශ්‍යත් නෑ. ඇති තරම් අපිට පුහුණු ගීණුම් හදාගෙන පුරුදු පුහුණු වෙන්න පුලුවන් කිසිදු මුදලක් හෝ නොයොදා කිසි කරදරයක් නැතිව. ඒක නිසා කවුරුත් බය වෙන්න ඕනෑ නෑ පුහුණු ගිණුම් තුලින් පුහුණු වෙන්න මේ සත්‍ය ගිණුමට මුදල් තැන්පත් කරන්න ඕනෑ ද කියලා. නෑ ඒහෙම ඕනෑ නෑ. ඔක්කෝම පුරුදු පුහුණු වුනාට පස්සේ මාස 2 ක් වගේ ඇතුලත මේ ගිණුම verified කර ගන්න ඕනෑ. ඒ ගැන විස්තර මම Account verification ඉදිරි ලිපියකින් දාලා තියෙනවා. දැන්ම ඔයාලා ඒක කරන්න අවශ්‍ය නෑ. දැන් අපි කරන්නේ  ගිණුම විවෘත කර ගන්න එක විතරයි.

මෙය ජාත්‍යන්තරය සමග කරන ගනුදෙනුවක් බැවින් ඔබගේ නිවැරදි ම තොරතුරු Account Open කරන විට සපයන්න. ගිණුම් එකකට වඩා Open කරන්න එපා. එය යම් යම් ගැටලු වලට හේතුවක් වෙන්න පුළුවන්. එසේම එය ඔබ කරන කාර්යයේ අපිළිවෙලක් ඇති කිරිමට හේතුවක් වෙනවා. ඒ වගේම ඔබගේ Email address එක විවිධ Web site වල ලියාපදින්චි විම සදහා භාවිතා කර ඇත්නම් එය FOREX සදහා භාවීතා කරන්න එපා. එය ඔබගේ Account එකෙහි රහස්‍යභාවය ට හානිදායක විය හැකියි. ආරක්ශාකාරී පියවරක්  ලෙස FOREX සදහා අලුතින් Email address එකක් හදා ගන්න පුළුවන් නම් වඩාත් හොදයි. එය ඔබගේ වෙනත් කටයුතු සදහා භාවිතා කරන්න එපා. එම E mail address එක  FOREX සදහා පමණක්ම භාවිතා කරන්න.

ඔබගේ ගිණුමට අදාල  Account Number, Password, Pin Code සුරක්ශිතව ලියා තබා ගන්න. මෙහිදී Password, Pin Code වල  Simple, Capital අකුරු හා  O, I, W, V, C, O, 0 යන අකුරු ඉලක්කම් පිළිබදව අවබෝධයෙන් යුතුව මතක තබ ගන්න. නැත්නම් පසුව ඔබට එම අකුරු ඉලක්කම් හදුනා ගැනිමට අපහසු වේවි.

අවවාදයයි.!! - ඔබ ඉතාම සැලකිලිමත්ව ඔබගේ Forex ගිණුම Open කරගන්න. ඒ සදහා ඔබගේ නිවැරදිම තොරතුරු ලබා දෙන්න. නැතිනම් ඔබට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවිය හැකියි.

ගිණුම සාදා ගැනීමට සුදානමි වන ඔබ කරැණාකර මෙහි කරුණු කෙරෙහි ඉතාමත් සැලකිලිමත් වන්න.
  • කරුණාකර ඔබගේ නිවැරදි සම්පුර්ණ නම යොදන්න
  • Email ලිපිනය ඇතුලත් කිරීමේදී නිවැරදිව, පැහැදිලිව හා කල්පනාකාරිව ඇතුලත් කරන්න.
  • දුරකථන අංකය ඇතුලත් කිරීමේදී නිවැරදිව අදාල අංකය ඇතුලත් කරන්න. ක්‍රියාත්මක නොවන  හෝ අසත්‍ය දුරකථන අංක කිසිම විටෙක නොයොදන්න. මන්ද ඔබ එසේ කළහොත් මුදල් ලබා ගැනීමේදි ගැටලු ඇතිවීය හැකි බැවිනි.
  • ලිපිනය  ඇතුලත් කිරිමේදී, එය නිවසේ අංකය සහිත ලිපිනයක් වීම වඩාත් පහසු වන අතර, ආනාගතයේදී ගිණුම සහතික කර ගැනීම සදහා ඔබට ලැබෙන කිසියම් හෝ බිලක, බැංකු පොතක සදහන් ලිපිනයක් ඇතුලත් කරන්න වග බලාගන්න.

FOREX SL Help මගින් ගිණුම් විවෘත කර ගන්න පහත OPEN FOREX MANUAL ACCOUNT APPLICATION එක පුරවා එවන්න

ඔබ ඉහත සදහන් විස්තර ටික අපිට එව්වහම දින 4 ක් 5 ක් ඇතුලත අපි ඔයාට ඔයාගේ Forex Trading Account එක Open කරලා ඒ විස්තර ඔයාගේ Email එකට එවනවා. හැබැයි ඔබ ඒ Email එක ඉතා පරිස්සමින් තියාගන්න ඕනෑ. ඒ විස්තර කාගෙවත් අතට කිසිසේත්ම ලැබෙන්න දෙන්න එපා. මොකද ඒ Email එකේ තමයි ඔයාගේ Password සහ අනෙකුත් සියලු විස්තර තියෙන්නේ.

මේ ගිණුමි විස්තර ලැබුනට පස්සේ අපිට මේ ගිණුම verified කරන්න වෙනවා. මොකද එහේම නැතිව සත්‍ය වෙළද පොලේ ගණුදෙනු කරන්න දෙන්නේ නැති හින්දා.  මේ ගිණුම verified කරන්නේ කොහොමද කියන එක ගැන ඊළග ලිපියෙන් දාලා තියෙනවා. ඒකට අපිට දැන්මම හදිසියක් නැති හින්දා,  ඒ අවස්ථාව එනකන් මේ ගිණුම සහතික කර ගන්න අවශ්‍ය වන ලියකියවිලි ටික හිමින් සීරුවේ එකතු කර ගන්න. ඒ  කියන්නේ Address එක සදහන් වෙලා තියෙන Bank passbook එකේ කොපියක්, එහේමත් නැතිනං බිලක කොපියක් ලැහැස්ති කරගන්න. මේ documents Scan කරලා හරි පැහැදිලිව Photo එකක් ගහලා හරි ගන්න පුලුවන්. ඒ වගේම ඔයාගේ ජාතික හැදුනුමි පත හෝ පාස්පෝර්ටි එකේ කොපියකුත් ලැහැස්ති කර ගන්න. එචිචරයි. ඉතුරැ ටික අපි ගිණුමි විස්තර ලැබුනට පස්සේ පියවරින් පියවර ඉදිරියට යමු.

හොදයි මම මේ ලිපියේ උඩදී කිව්වනේ මේ Forex ගිණුම අපි විවෘත කරගන්න යන්නේ  ලෝකය පුරා ව්‍යාප්ත ලොකයේ පිළිගත්ත ප්‍රධාන Forex Broker සමාගමක කියලා. ඒ සමාගම තමයි www.Nordfx.com කියන ජ්‍යාත්‍යන්තර Forex Broker ආයතනය. මෙය ලොකේ අංක ඒකේ Forex තැරැවිකාර ආයතනයක්. මේකේ ආසියානු ශාකව තියෙන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ පිහිටා තියෙන මේ කාර්යාලයේ අපිට සිංහලෙන් උදව් කරන්න වෙනම Support Team එකක් ඉන්නවා. මම දන්න තරමට වෙන කිසිම Forex Broker සමාගමක සිංහලෙන් Support කරන Team එකක් නෑ. රුසියාවේ තමයි මෙහි ප්‍රධාන කාර්යාලය  තියෙන්නේ. දැන් ඔයාලට ඕනෑ නම් ඕනෑ තරම් ඒ සමාගම ගැන විස්තර හොයලා බලන්න පුලුවන්. Nord FX සමාගමේ Branches රටවල් ගණනාවක තියෙනවා.  

ඔබ  තනිවම ගිණුමක් විවෘත කර ගන්න යන කෙනෙක්නමි පහත එයට අදාල Link එක කිලික් කරන්න කලින් මේ ලිපිය සමිපුර්ණයෙන්ම කියවලා ඉන්න. මොකද මෙතැන ඉදන් පහලින් අපි  දාලා තියෙන්නේ තනියම ගිණුමි විවෘත කර ගන්න අයට අදාල වෙන දේවල් හා කොහොමද හරියට තනිවම ගිණුමි විවෘත කර ගන්නේ කියන එක ගැන. ඒ නිසා වරද්ද ගන්නේ නැති  වෙන්නත් ඕනෑ නිසා මුලින්ම සමිපූර්ණයෙන්ම ලිපිය කියවලා ආපහු මෙතැනට ඇවත් Forex Trading ගිණුම විවෘත කර ගන්න කියලා ඔබට මම ඉතා වගකීමෙන් මතක් කරනවා.

ඉතා වැදගත්:- ඔබ තනිවම ගිණුම විවෘත කර ගන්නේ නම් ගිණුම විවෘත කර ගැනිමට පහත “OPEN FOREX ACCOUNT" කිලික් කිරිමෙන් පසු ලැබෙන Nordfx.com පිටුවෙි විස්තර කිවරදිව පුරවා Submit කළ පසු ඔබට ඔබගේ ගිණුම් විස්තර සහිත Email එකක් ඔබ ඇතුලත් කළ Email ලිපිනයට ලැබෙයි. එම Email එක ඉතා සුරැකිව තබා ගන්න. එබැවින් විස්තර ඇතුලත් කිරීමේදී ඉතා කල්පනාකාරීව ඉතාමත් නිවැරදි විස්තර සමග නිවැරදිව ම  ඔබගේ Email ලිපිනය ඇතුලත් කිරීමට මතක තබා ගන්න. කිසි විටෙකත් ලැබෙන Email එක නැති කර ගන්න නම් එපා.

හොදයි තමන්ටම ගිණුමක් විවෘත කර ගන්න පුළුවන් කියලා හිතන අය පහත තියෙන විස්තර හොදට කියවල ඒ අනුව ගිණුමක් Open කර ගන්න ඔය උඩින් දාලා තියෙන OPEN FOREX ACCOUNT කියන ටැබ් එක කිලික්  කරලා යන්න. සමහරු ඔය Test කරන්න එහේම කියලා ගිණුමි දෙක තුන Open කර ගන්නවා. එහේම කරන එක ඉතාම අවදානම් වැඩක්. එහෙම වැරදි ගිණුම් විවෘත කර ගැනීම පස්සට ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් .


හොදයි  දැන් අපි බලපු ගිණුමක් විවෘත කර ගන්න විදිය. දැන් ඔය උඩින් දාලා තියෙන OPEN FOREX ACCOUNT Button එක ක්ලික් කරන්න. එවිට ඔයාලට වෙනම ම Tab එකකින් පහත පෙනෙන ආකාරයේ වෙබි පිටුවක් විවෘත වෙයි.

Open Firex Account

හොදයි , මේ වෙබ් සයිට් එක Open උනාට පස්සේ ඒ වෙබි සයිටි එකට ගිහිල්ලා වෙන වෙන ටැබ් Open කරගෙන වට පිටාවේ විස්තර එහෙම බලන්න යන්න එපා. එහෙම උනොත් Account එක Open කරන පිළිවෙල වෙනස් වෙලා ප්‍රශ්ණ ඇතිවෙන්න පුළුවන්. එහෙම වෙනත් විස්තර බලන්න ඕනෑ අය ගිණුම විවෘත කරගෙන ඉවර වෙලා විස්තර බලන්න. මම කියලා දෙන පියවරෙන් පිට යන්න එපා.


මෙතනදි ගිණුමේ විස්තර ඇතුලත් කිරීම සදහා පහත මා සදහන් කර ඇති උපදෙස් අනුව යමින් විස්තර පුරවා ගන්න.


First and Last name: ඔබගේ පළමු නම හා අවසාන නම යොදන්න
Email:  ඔබගේ Email ලිපිනය නිවැරදිව ඇතුලත් කරන්න.
Phone: දුරතකන අංකය ඇතුලත් කරන්න. එය ඇතුලත් කිරිමෙදි ඔබගේ රටේ Code එක ඇතුලත්  කිරීමට අමතක නොකරන්න. ඔබ ශ්‍රිලංකාවේ නම් 0 ඉවත් කර ඒ වෙනුවට +94 ලෙස ඇතුලත් කල යුතුයි. උදා: - +9477712345 ආදි ලෙස
Account Type: FIX ලෙස Select කරන්න.
Currency: USD ලෙස Select කරන්න
Leverage: 1:500 ලෙස Select කරන්න


ඔබ නිවැරදිව මෙම විස්තර ඇතුල් කලේනම් ඉන් පසු එම web form එක පහත ලෙස සකස් වී තිබිය යුතුයි.

හොදයි, ඔබ මෙම web form එකට ඇතුලත් කළ සියලුම විස්තර නැවත වරක් 100% ක් නිවැරදි දැයි පරික්ෂා කර බලන්න. නිවැරදි නම් ඊළගට යට ඇති check Box දෙකම tick කරන්න. Generate password automatically ලෙස click නොකළහොත් ඔබට ඔබගේම Password එකක් ඇතුලත් කරගත හැකිය. එසේ නොමැතිනමි එය click කර ස්වංක්‍රියව ලැබෙන Password එකද ලබා  ගත හැකි. ස්වංක්‍රිය Password පසුව වෙනස් කර ගත හැකි නිසා එය එසේම තිබෙන්නට හරින්න. ඉන් පසු අනිත් check box එකත් කිලික් කර OPEN A TRADING ACCOUNT කියන බට්න් එක click කරන්න. ඉන්පසු ඔබට ගිණුම් විස්තර සහිත පිටුව දිස්වේවි. ඒ සමගම මෙම ගිණුම් විස්තර සහිත Email එකක් ඔබ විසින් ඇතුලත් කළ Email ලිපිනයටත් පැමිණේවි. එය පැමිණියාදැයි සහතික කර ගත් පසු ඔබට දිස්වු පිටුව ඉවත් කළ හැකිය.


දැන්  ඔබට අදාල ගිණුමි විස්තර සහිත පිටුවක් ලැබි තියෙනවා පේනවා ඇතිනේ. එහි විස්තර අනිවාර්යෙන් සටහන් කර ගන්න. ඒවා නිවැරදිව සටහන් කර ගත් පසු ඔබගේ පළමු පියවර සාර්ථකව ඔබ නිම කර තිබෙනවා. ඔබ දැන් Forex වෙළද පොලේ යාවජීව සාමාජිකයෙක් .