Forex ආරම්භ කිරීමට පෙර ඔබ සිතෙහි ඇතිවන ප්‍රශ්ණ හා ඒවාට පිළිතුරු

Forex ආරම්භ කිරීමට පෙර ඔබ සිතෙහි ඇතිවන ප්‍රශ්ණ හා ඒවාට පිළිතුරු


මම දන්නවා ඔබටත් මට වගේම Forex පටන් ගන්න කලින් ප්‍රශ්ණ ගණනාවක් හිතට ඇවිල්ලා ඇති. අපි දැන් බලමු ඒවා මොනවද ඒවාට පිළිතුරු මොනවද කියලා. මේ ඔක්කෝටම කලින් කියන්න දෙයක් තියෙනවා. Forex කියන්නේ ඉතා හොදින් මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක්. එහෙම බැරිනම් මේ ක්‍රමය මෙච්චර ලෝකෙ ජනප්‍රිය වෙන්නේ නෑ. අනික් කාරණය තමයි මේක ප්‍රධාන වශයෙන්ම පාලනය කරන්නේ ලෝකයේ ප්‍රධාන බැංකු වලින්. ඒ නිසා මේ ක්‍රමය පිරමීඩ ක්‍රමයක් වත් වංචාවක් වත් නෙමෙයි. එහෙනමි Forex Real Trading කරන්න කලින් මම පහතින් දාලා තියෙන විස්තර එකින් එක කියවලා ඔයාගේ හිතේ තියන දුර්මත ටික ඔක්කොම අයින් කර ගන්න .


Forex Trading කියන්නේ ඇත්තමට මුදල් උපයන්න පුලුවන් දෙයක්ද ?


අනිවාර්යෙන්ම ඔව්. මේකෙ මුදල් ආයෝජනය කරලා පහසුවෙන් මුදල් උපයන්න බලාගෙන ඉන්න අයට කරන්න පුලුවන් හොදම දේ තමයි වැඩි දෙයක් කරන්න ඕනෑ නෑ. හරිම සරල දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. මේ Forex Trading දැනට ලෝකේ මිලියන ගණනක් ජනතාව භාවිතා කරනවා කියන එක අමතක කරන්න එපා. ඒ වගේම විශේෂයෙන් ලංකාවේ ඇතුළු ලෝකයේ බැංකු පද්ධතිය. අද වන විට බැංකු වල ප්‍රධාන ඉපයීමි වන්නේ මේ Forex Trading. හැබැයි ඔය ගොඩක් අය මේ ගැන දන්නේ නැත්තේ ඒ ගැන අවබෝධයෙන් හොයලා බලන්නේ නැති නිසා. දැන් කවුරු හරි කියනවනම් මේකෙන් මුදල් උපයන්න බෑ. මේක බොරුවක් කියලා. එහෙනම් ඇයි බැංකු මේක ලොකුවටම කරන්නේ. පුලුවන්ද ඒකට උත්තරයක් දෙන්න ? අනික් කාරණය, මේක සල්ලි තියෙන අයට ලෙකුවටම වගේම සුලු මුදලක් තියෙන අයට පොඩියටත් කරලා මුදල් උපය ගන්න තියෙන ලෝකේ හොදම ආයෝජන ක්‍රමය. Demo ගිණුම් කියලා Real Account කියලා වැඩි වෙනසක් නෑ. එකම වෙනස Demo Account වල ලැබෙන්නේ බොරු මුදල් පමණයි. අනිත් ඔක්කෝම සත්‍ය ඒවා. ඉදිරි ලිපි වලදි මේ පිළිබදව ප්‍රායෝගිකව පුහුණුවක් ලබා ගන්නා හැටි කියලා තියෙන නිසා දැනට මේ ටික පමණක් මතක තබා ගන්න.


ඇයි සමහරුන්ගේ Forex Trading කෙරෙහි වැරදි ආකල්පයක් තියෙන්නේ?


සමහරු Forex Trading හරියට ඉගෙන ගන්නේ නැතිව බාගෙට ඉගෙන ගෙන Forex Trading කරන්න ගිහින් අතේ තියෙන සල්ලි ටික විනාශ කර ගන්නනවා. Analysis, Candle Pattern, Indicator වගේ එකි නොකි අනෙක් මෘදුකාංග වලින් පමණක් ගනුදෙනු කරන්න ගිහිල්ලා තමයි ඔය දේ කර ගෙන තියෙන්නේ. හේතුව තමයි Forex Trading කියන්නේ මෘදුකාංගයක් නෙමෙයි. ඔය අපි ගණුදෙනු කරන්න MT4 භාවිතා කලාට ඒ Forex Trading Market එකත් එක්ක ගනුදෙනු කිරීම සදහා භාවිත කරන Platform එකක් පමණයි ඒක. එතනින් එහාට මිල ඉහළ යයිද පහළ යයිද ? කියලා හරියට දැන ගන්න පුලුවන් මෘදුකාංග ලෝකේ කොහේවත් නෑ. මොකද ඔය මෙකි නොකි මෘදුකාංග වලට අනුව නෙවෙයි Forex Market එක එහා මෙහා යන්නේ. ඒ වගේම මේ එක් එක් මෘදුකාංග වලට දැන් මේක පහළ යයිද ඉහළ යයිද කියලා කියන්න හරියට බෑ. ඒක නිසා Candle Stick patter, Technical Analysis, Indicator වගේ ඒවා විතරක් භාවිතා කරලා මුදල් උපයන්න පුලුවන් කියන එක මම සමිපුර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන දෙයක්. ඒකට හේතුව තමයි Forex Market එක කියන්නේ ප්‍රධාන වශයෙන්ම ලෝක ආර්ථිකය, දේශපාලනය, සමාජීය සහ භුගෝලීය සාධක මත රදාපවතින දෙයක්. ඉතින් මම ඔයාලට කියලා දෙන්නේ මේ ගැන සරලව හදාරලා ඔයාම හිතලා හරියට ගනුදෙනු යොදන්න පුලුවන් බොහෝම ප්‍රායෝගික ක්‍රමයක් ගැන. ඒකයි මගේ ඉගැන්විමේ ක්‍රමය. හරියට මුදල් උපයන්න කාට හරි ඕන නම් මේ ක්‍රමය අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න වෙනවාමයි. මොකද මේ තමයි නිවැරදිව මුදල් උපයන්න තියෙන එකම ක්‍රමය. එහෙ ම නැතිව එක එක මෘදුකාංග වලින් පමණක් මුදල් උපයන්න ගියොත් වෙන්නේ අමාරුවේ වැටෙන එක. මේ ගැන නොසලකා Forex Market එකේ ගණුදෙනු කරන්න ගිහින් lost උනු අය තමයි  Forex Trading වලට බනින්නේ.


මම Forex Trading කරන්න ගිහින් අතරමන් වෙයිද? මගේ සල්ලි ටිකත් මට නැති වෙයිද ?


ඔබ FOREX SL සමාජිකයෙක් නම් කවමදාවත් Forex වලදී ඔබව  අතරමන් වෙන්නේ නෑ. අතරමන් වෙන්න දෙන්නෙත් නෑ. හැබැයි ඔබටත් ලොකු වගකීමක් තියෙනවා ඉෂ්ට කරන්න.  ඒ වගකීම තමයි Forex ගැන හොඳට අධ්‍යනය කිරීම. උඩින් පල්ලෙන් Forex ඉගෙනගෙන Trading කරන්න ගියොත් ඔබේ ඔය සිහින බිද වැටිලා අතේ තියෙන සල්ලි ටිකත් නැති කරගෙන තමයි ඔබ නතර වෙන්නේ. ඔබ FOREX SL වෙබ් සයිට් එක මුල ඉඳලා හොදට අධ්‍යනය කරලා, නැවත නැවත  අධ්‍යනය කරලා නොතේරුණු තැන් ඇතිනම් අපගෙන් අසා දැනගෙන Forex Demo Account හොදට practice කරලා, Demo Account සාර්ථක උනාට පසුව පමණක් Real Trading වලට ගියොත් ඔබට කවදාවත් වරදින්නේ නෑ. මම සියලුම ලිපි ලියලා තියෙන්නේ ඉතාම සරල භාෂාවෙන් කාටත් පහසුවෙන් තේරුමි ගන්න පුලුවන් වෙන විදියට. එහෙම කරාම තමයි එන කෙනෙක්ට හරියට මේක තේරුම් කරලා දෙන්න පුලුවන් කම ලැබෙන්නේ. මොකද දන්න කෙනෙක්නම් ඉගෙන ගන්න එන්නේ නෑනේ. දන්නේ නැති හින්දා තමයි මම පිළිවෙලට පැහැදිලිව ඉගෙන ගන්න පුලුවන් විදියට ඉතාම සරලව මේක හදලා තියෙන්නේ. ආවට ගියාට කියවලා Forex කරන්නත්  බෑ. ඒකට මේ වෙබි අඩවියේ ලිපි කියවන ගමන් ඒවා ඉතා හොදින් අධ්‍යනය කිරීම  අතීශය වැදගත්. හේතුව තමයි මම ඔයාලව ඇඩ්වාන්ස් මට්ටම (Advance Level Education) දක්වා අරගෙන යන්නේ හිමින් හිමින් බොහෝම සරලව නිසා. හරියට කියවලා අවබෝධ කර ගත්තේ නැත්තං ඔයාට Forex හරියට කරන්න බැරි වෙනවා. ඒක නිසා හරියට මේක ඉගෙන ගෙන හොදින් මුදල් උපයන්න ඕනෑ කියලා හිතාගෙන ඉන්න කවුරුත් හොදින් අධ්‍යනය කරන්න ඕනෑ බව මතක තබා ගන්න. Forex Trading කියන්නේ සල්ලි හොයන මැජික් එකක් වත් සුදුවක් වත් නෙමේ කියලා හොදට මතක තියාගන්න ඕනෑ.


100% අපි දාන Trades සාර්ථක වෙන්නේ නෑ. ඒක මේ ලෝකේ කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමේ. හැබැයි අපිට පාඩු වෙනTrades ප්‍රමාණය අවම කරගෙන Profit වැඩි කරගන්න plan කරන එක තමයි සාර්ථක Trader කෙනෙකුගේ රහස. එහෙම අය තමයි දිනකට ලක්ෂ ගණනින් මුදල් උපයන්නේ. ඉතින් FOREX SL වෙබ් අඩවියේ දාල තියෙන පාඩම් නිවැරදිව මුල ඉදලා ක්‍රමානුකුලව අධ්‍යනය කරලා  Demo Account සාර්ථක උනාට පසුව Real Trading වලට ගියොත් ඔබට කවදාවත් වරදින්නෙත්  නෑ, අතරමන් වෙන්නෙත් නෑ.


Forex Trade කිරීමෙන් මට මාසෙකට කොපමණ මුදලක් උපයා ගන්න පුලුවන්ද ?


මෙය තීරණය වන්නේ එක්කෙනා ඉගෙන ගත්තට පස්සේ යොදවන මුදල් ප්‍රමාණය මත තමයි. මොකද Forex කියන්නේ නොමිලේ දෙන දෙයක් නෙමෙයි. මේකත් මුල්‍යමය ව්‍යාපාරයක්. මේක කරන්න යම් කිසි මුදලක් මුලින් අපි දාන්න ඕනෑ. (මේ මම කියන්නේ Real Trading වලට ගියාට පස්සේ. මුලින්ම යන අයට කිසිම ගෙවීමක් නැතිව පුහුණු ගිණුම වලින් ඇති තරම් ගනුදෙනු කරලා පුහුණු වෙලා සල්ලි දාගෙන මුදල් උපයන්න පටන් ගන්න පුලුවන්. ඒක නිසා ඔය මුලින් ම Forex පටන් ගන්න අය කලබල වෙන්න ඕනෑ නෑ මේකට මුලින්ම යනකොටත් සල්ලි දාන්න ඕනෑද කියලා. සල්ලි දාන්න ඕනෑ මුලින්ම හොදට පුහුණු ගිණුමි වලින් නොමිලේම පුහුණු  වෙලා ඇත්ත හොදටම දැන ගෙන). සාමාන්‍යයෙන් $ 50 - $ 1000 ක් දක්වා අතර මුදලක්  හරි ඊට වඩා මුදලක් හරි දා ගන්න පුලුවන් ඔයාට. සාමාන්‍යයෙන් $ 50 - $ 100 ත් අතර දාන අයට මාසිකව රැපියල් 15000/= වගේ වැඩි ආදායමක් ගන්න පුලුවන්. මේ සාමාන්‍ය ඉපයීම. ඊට වඩා උපයන අයත් ඉන්නවා. $ 100 - $ 500 වගේ දාන අය උපරිම මාසික ආදායම $ 500 ඉහළ යන අවස්ථා තියෙනවා. ඉතින් මම මේ කිව්වේ සාමාන්‍ය ඉපයීම පිළිබදව දළ අදහසක්. කරන ඉපයීම තිරණය වන්නේ ඔයා කරන ගණුදෙනු අනුව තමයි. දැන් තව ගොඩක් අය අහන දෙයක් තමයි මේ මුදල ගෙවන්නේ මටද කියලා. නෑ..මේක  හරියට කොටස් වෙළද පොල වගේම තමයි. ඔයාලා මේ සමාගම් වල ගිණුමක් විවෘත කරාට පස්සේ ඔලාටම වෙනම ගිණුම් විවෘත වෙනවා. ඒවායේ Invest කරලා තමයි ඒවා හුවමාරැ කරමින් ඔයා මුදල් උපයන්නේ. මේක වටහා ගන්න පුලුවන් පුහුණු ගිණුමි වලින් පුහුණු වෙනකොට. දැනට මේක මතක තියා ගෙන ඉදිරියට යන්න.


මා යොදවන මුදල් ආරක්ෂිතද? මේ ආයතන විශ්වාසද ?


100% ක්ම. සමහරවිට මම මෙහෙම කිව්වට ගොඩක් දෙනෙකුට විශ්වාස නැතිවෙන්න පුළුවන්. ඒක නිසා ඔබ විසින්ම  හොයලා බලන්න. මම සම්බන්ධ  වෙලා වැඩ කරන Forex Trading Company එක ඉතා විශ්වාසවන්ත දැනට ලෝකය පුර ව්‍යාප්ත හොදම Forex Company එකක්. අනික මෙයාලගේ ආසියානු කාර්යාලය ස්ථාපනය කරලා තියෙන්නේ ඉන්දියාවේ. එකෙන් ආසියානු රටවල Forex Traders ලට support කරන්න ඒ ඒ රටවල support  team ඉන්නවා. අපිට support කරන්නත් ශ්‍රී ලංකාවේ team එකක් මේ office එකේ ඉන්නවා. ඒ නිසා මේ සම්බන්දයෙන් සියලු සේවා සිංහලෙන් ලබා ගැනීමේ පහසුව දැන් අපිට තියෙනවා.  ඉස්සර ලිපි කියව ගෙන යනකොට ඒ විස්තර දාලා තියෙනවා. ඔයාම හොයලා  බලන්න.  මට කරන්න පුලුවන් දැනුම දෙන එක විතරයි. මුදල් උපයනවද නැද්ද කියන එක ඔයා තීරණය කරන්න.


මම ඉන්නේ වෙන රටක. මට FOREX SL සමග සම්බන්ධ වී Forex Trading කරන්න පුලුවන්ද?


ඔව්‍.  ඔයාට ඕනෑ තැනක ඉදලා මේක කරන්න පුලුවන්. කිසි ප්‍රශ්ණයක් නෑ. අවශ්‍ය වෙන්නේ  අන්තර්ජාල සමිබන්ධතාවයක් විතරයි. ලංකාවේ හෝ  වෙනත් රටවල ඉදලා FOREX SL වෙබ් අඩවිය හා සම්බන්ධවෙලා ඔබට Forex අධ්‍යාපනය ලබා ගැනීම, Demo Account Open කිරීම හා Trade practice කිරීම, Real Account Open කිරීම හා ඒවාට මුදල් තැම්පත් කිරීම සහ Real Trading කිරීම වෙනත් රටවල ඉදලා ඔයාලට කරන්න පුළුවන්.


දැනට ශ්‍රී ලංකාවේ කොපමණ ප්‍රමාණයක් Forex Trading කරනවද ?


මා සම්බන්ධ වී සිටින Forex Trading Company එක සමග පමණක් මේ වන විට ශ්‍රී ලංකාවේ Traders ලා ලක්ෂ 2 ක් පමණ සම්බන්ධ වී වැඩ කරනවා.



ඔබට තවත් ප්‍රශ්ණ තිබෙනවානම් අපට ලියා දැන ගන්න support@forexsl.com